This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 03:59
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

මුද්‍රිත වෙළඳපොල

රටේ පැරණිම ජනමාධ්‍ය මුද්‍රිත මාධ්‍ය වේ. වර්තමානයේ ලංකාවේ දිනපතා පුවත්පත් 20 කට වැඩි ප්‍රමාණයක් තිබෙන අතර ඒවාට අමතරව ආසන්න වශයෙන් සතිපතා ප්‍රකාශන 50ක් පමණ සහ මාසිකව ප්‍රකාශන 30ක් පමණ පළවේ. රට පුරා මුද්‍රිත මාධ්‍ය 100 ක් පමණ නිතිපතා සංසරණය වුවත් පාඨක ප්‍රතිශත කොටස ඉහළ මට්ටමෙන් සංකේන්ද්‍රණය වී ඇත්තේ පුවත්පත් ආයතන 4ක් වටාවේ. එනම් සීමාසහිත විජය පුවත්පත් සමාගම, සීමාසහිත ලංකාවේ එක්සත් පුවත්පත් සමාගම (ANCL), සීමාසහිත උපාලි නිවුස්පේපර්ස් (පුද්) සමාගම සහ සීමාසහිත සිලෝන් නිවුස්පේපර්ස් (පුද්) සමාගම වේ. ANCL යනු රජයට අයත් පුවත්පත් සමාගම වන අතර, අනෙක් තුනම පෞද්ගලික පුවත්පත් සමාගම් වේ.

රජය, මුද්‍රිත මාධ්‍ය විෂයෙහිදී නියාමනය සහ හිමිකාරිත්වය යන භූමිකා දෙකෙහිම සිටිනා අතර, 1973 අංක 5 දරන  ශ්‍රී ලංකා  පුවත්පත් මණ්ඩලය පනත යටතේ පිහිටවුණු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පුවත්පත් ලියාපදිංචි කිරීමේ සහ පුවත්පත්වල අන්තර්ගතය අධීක්ෂණය කිරීමේ බලය හිමිව ඇත.

මුද්‍රිත වෙළඳපොලයේ දත්ත සමුදාය
  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ