This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 03:35
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

මාධ්‍ය බහුවිධතාවයට ඇති අවධානම් දර්ශක

මාධ්‍ය ශ්‍රාවක/ප්‍රේක්ෂක/පාඨක සංකේන්ද්‍රණය

ප්‍රතිඵලය: ඉහළ අවදානම

මෙම දර්ශකයේ ඉලක්කය වන්නේ, ප්‍රේක්ෂක/ශ්‍රාවක/පාඨක ප්‍රතිශතය මත පදනම් වෙමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පර්යන්තයන්හි පාඨක, ශ්‍රාවක සහ ප්‍රේක්ෂක සංකේන්ද්‍රණය තක්සේරු කොට බැලීමයි. මෙම සංස්කේන්ද්‍රණය, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රටේ ඉහළම හිමිකරුවන් 4 දෙනාව භාවිතා කරමින් ගණන් ගෙන ඇත. කැන්ටාර් ලංකා වෙළඳ පර්යේෂණ ආයතනය (Kantar Lanka Market Research Bureau - LMRB) මගින් ලබාදුන් 2017 වසර සඳහා වන ප්‍රේක්ෂක/ශ්‍රාවක/පාඨක ප්‍රතිශතය මත පදනම් වෙමින්, පිළිවෙලින් රූපවාහිනී, ගුවන් විදුලි සහ මුද්‍රිත යන අංශ සඳහා වන ප්‍රේක්ෂක/ශ්‍රාවක/පාඨක ප්‍රතිශතයන්ගේ එකතුව පහත දක්වා ඇත.

මන්ද?

මෙම දර්ශකය මගින්, රූපවාහිනී, ගුවන් විදුලි හා මුද්‍රිත යන ක්ෂේත්‍රයන්හි ඉහළ ප්‍රේක්ෂක/ශ්‍රාවක/පාඨක සංකේන්ද්‍රණය නිසා ඇතිවන ශ්‍රී ලංකාවේ මාධ්‍ය බහුවිධතාවට එරෙහිව ඇති ඉහළ අවදානම තක්සේරු කෙරෙනු ඇත.

රූපවාහිනී

ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රේක්ෂක සංකේන්ද්‍රණයක් ඇති අතර, ප්‍රධාන හිමිකරුවන් 4 දෙනා හට 77% ක ප්‍රේක්ෂක ප්‍රතිශතයක් ඇත. මෙම වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටිනේ කැපිටල් මහරාජා සංවිධානය වන අතර එය රාජමහේන්ද්‍රන් පවුලේ හිමිකාරීත්වය යටතේ තිබේ. ඔවුන්ගේ රූපවාහිනී චැනලයන් තුනක්ද සමගින් කැපිටල් මහරාජා සංවිධානය ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂක ප්‍රතිශතයෙන් 22.2% ක් අත්පත් කොටගෙන ඇත. ඊලඟට ඇත්තේ දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ප්‍රනාන්දු යන දෙදෙනාගේ හිමිකාරීත්වය යටතේ වන පවර් හවුස් සමාගමයි. රූපවාහිනී චැනලයන් දෙකක් සමගින් ඔවුන් ප්‍රේක්ෂක ප්‍රතිශතයෙන් 19.8% ක් හිමිකොටගෙන සිටී. මේ අතර රේනෝ සිල්වාගේ ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (ඒබීසී) වෙත එක් රූපවාහිනී චැනලයක් පමණක් තිබුණද, ඔවුන් 18.1% ක ප්‍රේක්ෂක ප්‍රතිශතයක් වෙත ලඟා වී ඇත. එසේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී ජාලය යටතේ රජය මගින් රූපවාහිනී චැනලයන් 4 ක් පාලනය කරනු ලබන අතර, මේ ඔස්සේ රජය සිය ප්‍රේක්ෂක ප්‍රතිශතය 16.9% ක් දක්වා ලඟා කොටගෙන ඇත.

 

රූපවාහිනී ප්‍රේක්ෂක සංකේන්ද්‍රණය: 77%
රාජමහේන්ද්‍රන් පවුල: 22.22% කැපිටල් මහරාජා සංවිධානය: සිරස ටීවී (15.4%), ශක්ති ටීවී (6.1%), ටීවී1 (0.7%)
දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ප්‍රනාන්දු: 19.8% පවර් හවුස්: දෙරණ ටීවී (19.5%), අද දෙරණ 24/7 (0.3%)
රේනෝ සිල්වා: 18.1% ඒබීසී:  හිරු ටීවී (18.1%)
රජය: 16.9% ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී ජාලය යට: රූපවාහිනී (4.3%), අයි/නේත්‍රා (3.2%), අයි.ටී.එන් (7%), වසන්තම් ටීවී (2.4%)

ගුවන් විදුලි

රේඩියෝ චැනලයන් 50 කට අධික සංඛ්‍යාවක් තිබෙන්නේය යන කරුණ පසෙකින් තැබූ විට, ශ්‍රාවක ප්‍රතිශතය සමස්තයක් ලෙසින් 74.45% කට ලඟා වූ ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනෙකු සමගින් ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි වෙළෙඳපොළද ඉහළ සංකේන්ද්‍රණයක් වාර්තා කොට සිටී. මෙය මාධ්‍ය බහුවිධතාවයෙන් යුතු අවකාශයක් නිර්මාණයට එරෙහිව ඉහළ අවදානමක් පෙන්වයි. ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින්නේ ඒෂියා බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන් හෙවත් ඒබීසී සමාගම වන අතර එය රේනෝ සිල්වාගේ හිමිකාරීත්වය යටතේ තිබේ. ඒබීසී සමාගම ආරම්භ වූයේ සන්රයිස් ගුවන් විදුලි සමූහය යටතේ වුවත්, එය ගුවන් විදුලි සන්නිවේදන ක්ෂේත්‍රයේ සාර්ථකත්වය ලැබුවේ රේනෝ සිල්වාගේ පාලනය යටතේදී වේ. ඔවුන්ගේ රේඩියෝ චැනලයන් 5 ක ශ්‍රාවක ප්‍රතිශත එකතුව 22.76% ක් වේ. දෙවෙනි ස්ථානයේ සිටින්නේ කැපිටල් මහරාජා සංවිධානය වන අතර, ඔවුන්ගේ රේඩියෝ චැනලයන් 5 ක ශ්‍රාවක ප්‍රතිශත එකතුව 22.76% ක් වේ. එසේම දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ප්‍රනාන්දු දෙදෙනාගේ හිමිකාරීත්වය යටතේ ඇති පවර් හවුස් සමාගමට 14.31% ක ප්‍රේක්ෂක ප්‍රතිශතයක් ඇති අතර, පවර් හවුස් සමාගම යටතේ ඇත්තේ එෆ්.එම්.දෙරණ පමණි. මීට සමාන ලෙසින්ම නිහාල් සෙනෙවිරත්න ඈපා හට අයත් ඇසෙට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින් සමාගමටද අයත් වන්නේ එක් රේඩියෝ චැනලයක් පමණක් අන අතර, එහි ශ්‍රාවක ප්‍රතිශතය 12.66% ක් වී ඇත.

ගුවන් විදුලි ශ්‍රාවක සංකේන්ද්‍රණය: 74.45%

රේනෝ සිල්වා: 24.72%

ඒබීසී: හිරු එෆ්.එම් (10.31%), සූරියන් එෆ්.එම්. (9.47%), ෂා එෆ්.එම්. (3.93%), ගෝල්ඩ් එෆ්.එම්. (0.69%), සන් එෆ්.එම් (0.32%)

රාජමහේන්ද්‍රන් පවුල: 22.76%

කැපිටල් මහරාජා සංවිධානය: සිරස එෆ්.එම්. (12.88%), ශක්ති එෆ්.එම්. (5.94%), වයි එෆ්.එම්. (3.7%), යෙස් එෆ්.එම්. (0.2%), ලෙජන්ඩ්ස් එෆ්.එම්. (0.04%)

දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ප්‍රනාන්දු: 14.31%

පවර් හවුස්:  එෆ්.එම්.දෙරණ (14.31%)

නිහාල් සෙනෙවිරත්න ඈපා: 12.66%

ඇසෙට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්: නෙත් එෆ්.එම්. (12.66%)  


මුද්‍රිත මාධ්‍ය

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම ජනමාධ්‍ය ක්ෂේත්‍රය වන ශ්‍රී ලංකා මුද්‍රිත මාධ්‍ය වෙළෙඳපොළට ප්‍රකාශනයන් 80 කට වඩා වැඩි ප්‍රමාණයක් අයත් වන අතර, ඉහළම හිමිකරුවන් 4 දෙනෙකු වෙත වූ 75.45% ක පාඨක ප්‍රතිශතයක්ද සමගින් එය ඉහළම සංකේන්ද්‍රණයක් වාර්තා කොට සිටී. මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ 47.18% ක පාඨක ප්‍රතිශතයක් කරා ලඟා වූ ප්‍රකාශනයන් 17 ක්ද සමගින්, විජය පුවත්පත් සමාගම මෙම වෙළෙඳපොළෙහි ප්‍රමුඛත්වය දරයි. රජයට අයත් ප්‍රකාශන ආයතනය වන ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL) නැතිනම් ලේක් හවුස් ආයතනයේ පාඨක ප්‍රතිශතය 9.83%  ක් වේ. වෙල්ගම පවුලට අයත් උපාලි පුවත්පත් සමාගමේ පාඨක ප්‍රතිශතය 10% ක් වී ඇත. අවසන් වශයෙන් අලස් පවුලට අයත් සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමට ප්‍රකාශනයන් 4 ක් අයත් වන අතර, ඔවුන්ගේ පාඨක ප්‍රතිශතය 8.44% ක් වී ඇත. විජය පුවත්පත්, ලේක් හවුස් සහ උපාලි පුවත්පත් යන ප්‍රධානතම ප්‍රකාශක ආයතන තුනම පිහිටවූයේත්, ඒවායේ මුල් හිමිකාරීත්වය දැරුවේත් විජේවර්ධන පවුල වීම ඓතිහාසික කරුණකි. ලේක් හවුස් ආයතනය 1972 දී ජනසතු කරනු ලැබුවත්, විජේවර්ධන පවුලේ ඇතැම් සාමාජිකයින් හට තවමත් සමාගමේ සුළු කොටස් ප්‍රතිශතයන් හිමිව තිබේ.

 

මුද්‍රිත මාධ්‍ය පාඨක සංකේන්ද්‍රණය: 75.45%

විජය පුවත්පත් සමාගම: 47.18%
විජේවර්ධන පවුල

ලේක් හවුස්: 9.83%
රජය

උපාලි පුවත්පත්: 10% 
වෙල්ගම පවුල

සිලෝන් නිව්ස්පේපර්ස්: 8.44%
අලස් පවුල

ඉරිදා ලංකාදීප (27.15%), ලංකාදීප (5.26%), විජය (5.95%) සිරිකත (3.47%), සන්ඩේ ටයිම්ස් (1.27%), අද (1.19%), විජේයි (1.03%), ඩේලි මිරර් (0.55%), ඩේලි එෆ්ටී (0.08%),වීක් එන්ඩ් එෆ්ටී (0.14%), තරුණයා (0.31%) ඉරිදා දේශය (0.22%), Tamil Mirror (0.17%), පරිගණක (0.23%), LW (0.07%), GO (0.05%), Hi! (0.02%), ඊසි ගයිඩ් (0.02%)

සන්ඩේ ඔබ්සර්වර් (2.18%), සිලුමිණ (1.92%), දිනමිණ (0.73%), තරුණි (1.71%), ඩේලි නිව්ස් (0.57%), තිනකරන් (0.27%), තිනකරන් වාරමංජරී (0.36%), ආරෝග්‍යා (0.11%), සරසවිය (0.17%), බුදුසරණ (0.89%), Manchu (0.31%), සුබසෙත (0.21%), සිත්මිණ (0.14%), මිතුරු (0.17%), වාන්නා වානවිල් (0.09%)

ඉරිදා දිවයින (6.88%), දිනපතා දිවයින (1.25%), සන්ඩේ අයිලන්ඩ් (0.57%), ද අයිලන්ඩ් (0.13%), නවලිය (0.27%), විදුසර (0.90%)

ඉරිදා මවුබිම (7.09%), දිනපතා මවුබිම (0.87%), සිලෝන් ටුඩේ ඉරිදා ප්‍රකාශනය (0.37%), සිලෝන් ටුඩේ (0.11%)

අවම 

මධ්‍යම

ඉහළ

රූපවාහිනී සඳහා ප්‍රේක්ෂක සංකේන්ද්‍රණය (සමස්ත) 

ප්‍රතිශතය: 77%

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති ප්‍රේක්ෂක ප්‍රතිශතය 25% ට අඩු වේ.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති ප්‍රේක්ෂක ප්‍රතිශතය 25% ත් 49% ත් අතර වේ.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති ප්‍රේක්ෂක ප්‍රතිශතය 50% කට වඩා වැඩි වේ.

ගුවන් විදුලි සඳහා ශ්‍රාවක සංකේන්ද්‍රණය (සමස්ත) 

ප්‍රතිශතය: 74.45%

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති ශ්‍රාවක ප්‍රතිශතය 25% ට අඩු වේ.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති ශ්‍රාවක ප්‍රතිශතය 25% ත් 49% ත් අතර වේ.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති ශ්‍රාවක ප්‍රතිශතය 50% කට වඩා වැඩි වේ.

පුවත්පත් සඳහා පාඨක සංකේන්ද්‍රණය (සමස්ත) 

ප්‍රතිශතය: 75.45%

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති පාඨක ප්‍රතිශතය 25% ට අඩු වේ.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති පාඨක ප්‍රතිශතය 25% ත් 49% ත් අතර වේ.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති පාඨක ප්‍රතිශතය 50% කට වඩා වැඩි වේ.

මූලාශ්රය :

Print readership data: NDMS Sri Lanka (Sep-Dec) 2017 Kantar LMRB
Radio listenership data: RAP (Jan-Nov) 2017 Kantar LMRB
TV viewership data: PMS 2017 Kantar LMRB

මාධ්‍ය වෙළෙඳපොළ සංකේන්ද්‍රණය

දත්ත නොමැත

මෙම දර්ශකය ඔස්සේ තක්සේරු ගත කිරීමට ඉලක්ක කෙරෙන්නේ, වෙළෙඳපොළ පංගුව මත පදනම්ව මාධ්‍ය සමාගමක විවිධ ව්‍යාපාර හිමිකාරීත්වය නැතිනම් සමාන්තර හිමිකාරීත්ව සංකේන්ද්‍රණයයි. එයින් යම් සමාගමක/සමාගම් සමූහයක ආර්ථික ශක්තිය විදහා දැක්වෙනු ඇත. එක් එක් මාධ්‍ය කර්මාන්තයක් සඳහා වන මෙම සංකේන්ද්‍රණය මැනෙන්නේ, එම කර්මාන්තයේ ප්‍රධාන හිමිකරුවන් හතරදෙනාගේ වෙළෙඳපොළ පංගු එක් කිරීම මගිනි.

ශ්‍රී ලංකාවේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් යම් යම් සමාගම් සඳහා යම් යම් මූල්‍ය තොරතුරු සැපයූවද, මාධ්‍ය වෙළෙඳපොළ සමස්තයක් ලෙසින් ගෙන දක්වන මූල්‍ය තොරතුරු ලබාගැනීමට නොමැත. එම නිසා අධ්‍යයනයට ලක්වූ සමාගම් වල වෙළෙඳපොළ පංගුව සම්බන්ධයෙන් තොරතුරු නොමැති අතර, වෙළෙඳපොළ පංගුව මත පදනම්ව මාධ්‍ය හිමිකාරීත්ව සංකේන්ද්‍රණය ගණනය කළ නොහැකි වී ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ ක්‍රමවේදයට අනුව, යම් රටක ග්‍රාහක ප්‍රමාණය පිළිබඳ දත්ත ඉදිරිපත් කරන නමුදු ආදායම්/වෙළෙඳපොළ පංගුව පිළිබඳ දත්ත ඉදිරිපත් නොකරන්නේ නම්, විශ්ලේෂණයට වෙළෙඳපොළ පංගුව පිළිබඳ දත්ත ඇතුළත් කර නොගැනෙනු ඇත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, මෙම සොයාගැනීම් පදනම් වී ඇත්තේ ග්‍රාහක දත්ත මත පමණක් වන අතර, ආදායම් පිළිබඳ දත්ත වෛකල්පික යැයි සැලකී ඇත.

 

අවම 

මධ්‍යම

ඉහළ

රූපවාහිනී සඳහා මාධ්‍ය වෙළෙඳපොළ සංකේන්ද්‍රණය (සමාන්තර): මෙම දර්ශකය මගින් රූපවාහිනී ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මාධ්‍ය හිමිකාරීත්වයේ සංකේන්ද්‍රණය තක්සේරුගත කිරීම ඉලක්ක කොට ගනී.

ප්‍රතිශතය: තක්සේරුගත කර නොමැත 

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති වෙළෙඳපොළ කොටස 25% ට අඩු වේ නම්.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති වෙළෙඳපොළ කොටස 25% ත් 49% ත් අතර නම්.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති වෙළෙඳපොළ කොටස 50% කට වඩා වැඩි වේ නම්.

ගුවන් විදුලි සඳහා මාධ්‍ය වෙළෙඳපොළ සංකේන්ද්‍රණය (සමාන්තර): මෙම දර්ශකය මගින් ගුවන් විදුලි ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ මාධ්‍ය හිමිකාරීත්වයේ සංකේන්ද්‍රණය තක්සේරුගත කිරීම ඉලක්ක කොට ගනී.

ප්‍රතිශතය: තක්සේරුගත කර නොමැත 

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති ශ්‍රාවක කොටස 25% ට අඩු වේ නම්.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති ශ්‍රාවක කොටස 25% ත් 49% ත් අතර නම්.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති ශ්‍රාවක කොටස 50% කට වඩා වැඩි වේ නම්.

පුවත්පත් සඳහා මාධ්‍ය වෙළෙඳපොළ සංකේන්ද්‍රණය (සමාන්තර): මෙම දර්ශකය මගින් පුවත්පත් ක්ෂේත්‍රය තුළ මාධ්‍ය හිමිකාරීත්වයේ සංකේන්ද්‍රණය තක්සේරුගත කිරීම ඉලක්ක කොට ගනී.

ප්‍රතිශතය: තක්සේරුගත කර නොමැත 

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති වෙළෙඳපොළ කොටස 25% ට අඩු වේ නම්.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති වෙළෙඳපොළ කොටස 25% ත් 49% ත් අතර නම්.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති වෙළෙඳපොළ කොටස 50% කට වඩා වැඩි වේ නම්.

අන්තර්ජාල අන්තර්ගතයන් සපයන්නන් අතර මාධ්‍ය වෙළෙඳපොළ සංකේන්ද්‍රණය

ප්‍රතිශතය: තක්සේරුගත කර නොමැත 

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති වෙළෙඳපොළ කොටස 25% ට අඩු වේ නම්.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති වෙළෙඳපොළ කොටස 25% ත් 49% ත් අතර නම්.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 4 දෙනා (TOP4) වෙත ඇති වෙළෙඳපොළ කොටස 50% කට වඩා වැඩි වේ නම්.

 

 

 

නියාමනය සහතික කරන ආරක්ෂා විධිවිධාන: මාධ්‍ය හිමිකාරීත්ව සංකේන්ද්‍රණය

තිඵලය: ඉහළ අවදානම

මෙම දර්ශකය මගින් තක්සේරු කෙරෙන්නේ, ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණ හිමිකාරීත්වයකට (මාධ්‍ය සමාගමක විවිධ ව්‍යාපාර හිමිකාරීත්වය) සහ/හෝ විවිධ මාධ්‍යයන් සඳහා වන පාලනයට එරෙහිව වන නියාමන ආරක්ෂක විධිවිධානයන් (විවිධ මාධ්‍ය අංශයන්ට විශේෂ වූ නීති සහ/හෝ තරගකාරීත්ව නීතියක්) පැවතීම හෝ ඒවා සඵලදායී ලෙසින් ක්‍රියාත්මක කිරීම වේ.

මන්ද?

මාධ්‍ය සංකේන්ද්‍රණයන් සහ ඒකාධිකාරයන් නියාමනය කිරීම උදෙසාම සුවිශේෂී ලෙස සැලසුම් කළ විස්තීර්ණ නීති පද්ධතියක්, ශ්‍රී ලංකාවේ නෛතික ව්‍යුහය තුළ නොමැත. වෙළෙඳපොළේ ප්‍රති-තරඟකාරීත්ව හැසිරීම් හා කටයුතු කිරීම සඳහා වන අනෙකුත් විවිධ නීති මගින් මාධ්‍ය හිමිකාරීත්වය නිර්වචනය කිරීම, විශේෂණය කිරීම හෝ මිනුම් සලකුණු නියම කිරීම නොකෙරේ. එනිසා ශ්‍රී ලංකාවේ මාධ්‍ය නීති පද්ධතිය තුළ රූපවාහිනී, මුද්‍රිත, ගුවන් විදුලි හෝ ඔන්ලයින් යන අංශයන්හි හිමිකාරීත්වයේ සමාන්තර සංකේන්ද්‍රණය ඉහළ මට්ටමක වීම වැළැක්වීම සඳහා, බලපත්‍ර ප්‍රමාණය, ප්‍රේක්ෂක කොටස, බෙදාහැරීම, කොටස් ප්‍රාග්ධනය හෝ ඡන්ද අයිතිය බෙදීයාම, පිරිවැටුප/ආදායම වැනි විෂය මූලික උපමානයන් මත පදනම් වූ විශේෂිත අවමයන් හෝ  සීමාවන් නොමැත.

මුද්‍රිත

මුද්‍රිත මාධ්‍ය සඳහා වන 1973 වසරේ අංක 05 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල නීතිය සහ ඉලෙක්ට්‍රොනික විකාශනයන් සඳහා වන 1991 වසරේ අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ (SLT) පනත මගින් ‘මාධ්‍ය සංකේන්ද්‍රණය හා ඒකාධිකාරයන් වැළැක්වීම’ යන අරමුණු ආවරණය කෙරෙන නමුත්, මෙම පනත් මගින් එවැනි අවස්ථාවකදී කටයුතු කිරීම සඳහා ගත යුතු පියවර විස්තර කෙරෙනා පැහැදිලි විධිවිධානයන් සපයා නැත. පුවත්පතක හිමිකාරීත්ව හා මූල්‍ය ව්‍යුහය අධ්‍යයනය ඇතුළුව පුවත්පත් වල හිමිකාරීත්වයේ ඒකාධිකාරකරණය හෝ සංකේන්ද්‍රණය හා සම්බන්ධ වර්ධනයන් අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග යෝජනා කිරීම සඳහා පුවත්පත් මණ්ඩලයට බලය ඇත. මෙම විධිවිධානයන්ට එපිටින්, හිමිකාරීත්වයේ ඒකාධිකාරයන් සහ සංකේන්ද්‍රණයන් හා කටයුතු කළ හැකි නීති පද්ධතීන් සම්බන්ධයෙන් වැඩිදුර සඳහන් කිරීම් නැත. සැලකිය යුතු පරිද්දෙන්, ඒකාධිකාරයන් හෝ සංකේන්ද්‍රණයන්ට සීමා පැනවීම, කොටස් හිමිකරුවන්ගේ කොටස් ප්‍රමාණයන් සීමා කිරීම, පුවත්පත් සමාගම් වල සමාන්තර හෝ සිරස් පාලනයන් හසුරුවන නීති සහ අනෙකුත් සම්බන්ධිත කරුණු සඳහා නිර්වචනයන් නොමැත.

රූපවාහිනී හා ගුවන් විදුලි

ඉලෙක්ට්‍රොනික මාධ්‍ය -එනම් රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය- සම්බන්ධයෙන් ගත් විට බලපත්‍ර ලබාගැනීම පියවර දෙකකින් කළ යුතුවේ: (අ) විකාශනාගාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ බලපත්‍ර ආයතන, එනම් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) මගින් බලපත්‍රය ලබාගැනීම; සහ (ආ) විකාශනය සඳහා සංඛ්‍යාත හා උපකරණ හා ක්‍රියා කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් (TRC) බලපත්‍ර ලබා ගැනීම එම පියවර වේ. ගුවන් විදුලි හා රූපවාහිනී පුද්ගලික විකාශකයින් විසින්, අනුපිළිවෙලින් 1974 වසරේ අංක 05 දරණ ශ්‍රී ලංකා ගුවන් විදුලි පනතේ 44 කාණ්ඩය යටතේ සහ 1982 වසරේ අංක 06 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනතේ  28 කාණ්ඩය යටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් බලපත්‍ර ලබාගත යුතුය. කෙසේ වුවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි හෝ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත් තුළ, හිමිකාරීත්වයේ ඒකාධිකාරයන් හෝ සංකේන්ද්‍රණයන් සම්බන්ධයෙන් වන විධිවිධානයන් හෝ මෙම ආයතනයන්ගේ සමස්ත අරමුණු ආවරණය කරනා කරුණු සම්බන්ධයෙන් විධිවිධානයන් දක්නට නොමැත.

ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 කාණ්ඩය යටතේ නිකුත් කෙරෙනා බලපත්‍රයන් සඳහා, එම බලපත්‍රය ලබාදෙන්නේ කුමන කොන්දේසි හා නියමනයන්ට යටත්වද යන්න විදහා දැක්වේ, මෙම කොන්දේසි හා නියමයන්ට, ටෙලිසන්නිවේදනය හා සම්බන්ධ වාණිජ ක්‍රියාකාරකම් වල නිරත වන පුද්ගලයින් අතර සඵලදායී තරගකාරීත්වය පවත්වා ගැනීම හා එයට අනුග්‍රහය දැක්වීම යන අරමුණ ඇතුළු, ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 4 කාණ්ඩයේ දක්වා ඇති අරමුණු ඇතුළත් වීමට හැක. මෙම විධිවිධානයට අමතරව, මෙවැනි ටෙලිසන්නිවේදන සේවාවන් ලබාදීමේ නිරතව සිටිනා සමාගම් අතර හිමිකාරීත්වයේ ඒකාධිකාරයන් හා සංකේන්ද්‍රණයන් හා කටයුතු කළ හැකි නීති සඳහා වන වැඩිදුර නිර්දේශයන් නොමැත.

තරඟකාරීත්ව අධිකාරිය

සඵලදායී තරගකාරීත්වයට අනුග්‍රහය දැක්වීම සහ පාරිභෝගික ආරක්ෂණය සඳහා බලපෑම් කරනා නීති පද්ධතිය වන 2003 වසරේ අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරිය පනතේ, ඒකාධිකාරයන් හෝ සංකේන්ද්‍රණයන් හෝ ඒකාබද්ධ කිරීම් සම්බන්ධයෙන් සඳහන් නොවේ. මෙම පනත යටතේ පිහිටවුණු පාරිභෝගික කටයුතු අධිකාරියට ශ්‍රී ලංකාවේ ප්‍රති-තරගකාරීත්ව භාවිතාවන් විමර්ශණය කිරීම සඳහා බලය ඇත. පාරිභෝගික කටයුතු අධිකාරිය පනතේ 35 කොටසේ දක්වා ඇති ප්‍රති-තරගකාරීත්වය, වෙළෙඳපොළ තුළ සංකේන්ද්‍රණය සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් නොකරයි. ඒ වෙනුවට, ‘යම් තැනැත්තෙකු ස්වකීය ව්‍යාපාර ක්‍රියාවලියේදී අනුගමනය කරන ක්‍රියා කලාපය තනිව ගත් කල හෝ ඔහු හා සම්බන්ධ තැනැත්තන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියා කලාපය සමග ගත් කළ හෝ ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ නිෂ්පාදනය, සැපයීම හෝ අත්කර ගැනීම හෝ ශ්‍රී ලංකාව තුළ සේවා සැලසීම හෝ ලබාගැනීම සම්බන්ධයෙන් වූ තරගය සීමා කිරීමේ, විකෘති කිරීමේ හෝ වැළැක්වීමේ ප්‍රතිඵලය ගෙන දෙන, ගෙන දීමට අදහස් කරන හෝ ගෙන දීමට ඉඩ ඇති ක්‍රියා කලාපයක් අනුගමනය කරන අවස්ථාවක’ ගත යුතු ක්‍රියාමාර්ගයන් එය ආවරණය කරන බව සඳහන් වේ.

වර්තමාන නීති සම්පාදිතය තුළ, පාරිභෝගික කටයුතු අධිකාරිය හා විදුලි සංදේශ නියාමන කොමිසම වැනි නියාමන අධිකාරීන් අතර සම්බන්ධතාවයක් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති අතර, ඒ මගින් එවැනි මාධ්‍ය සම්බන්ධ කරුණු වලදී පාරිභෝගික කටයුතු අධිකාරියේ විධිවිධානයන්ගේ උපයෝගීතාව පිළිබඳ ගැටළු මතුවේ. තවදුරටත්, පාරිභෝගික කටයුතු අධිකාරී පනත අදාළ වන්නේ ‘පාරිභෝගිකයින්ට’ පමණක් බවද සැලකිල්ලට ගත යුතු අතර, එය නිර්වචනය කෙරෙන්නේ යම් කිසි ගෙවීමක් සඳහා භාණ්ඩ හා සේවාවන් ලබාගන්නා පුද්ගලයින් ලෙසිනි. ඒ අනුව පුවත්පත් සම්බන්ධයෙන් ගත් විට ගෙවීමක් තිබුණද, ගුවන් විදුලි හා රූපවාහිනී විකාශනයන් සම්බන්ධයෙන් අවශ්‍යයෙන්ම එසේ කිව හැකි නොවේ.

පාරිභෝගිකයින් හට භාණ්ඩ හා සේවාවන් හි විවිධත්වයක් හා තෝරාගැනීමක් තිබීම සහතික කිරීමට වඩා, පාරිභෝගිකයින් හට ඉහළ ගුණාත්මක භාවයේ භාණ්ඩ හා සේවාවන් වෙත ප්‍රවේශය සහතික කිරීම සම්බන්ධිතව ඉහළ ගුණාත්මක භාවය යන්න වෙත පාරිභෝගික කටයුතු අධිකාරී පනත අවධානය එල්ල කරයි. පාරිභෝගික කටයුතු අධිකාරී පනත සංශෝධනය වීම සිදුවුවත්, එය පමණක් මෙම තත්වය විසඳීමට ප්‍රමාණවත් නොවන අතර, නුවුමනා ප්‍රති-තරගකාරීත්ව ක්‍රියාකාරකම් වලට එරෙහිව පියවර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය පනත විශේෂිත ප්‍රති-ඒකාධිකාර නීති මගින් ඌණපූරණය කරන ලෙසින් ඉල්ලීම් පවතී.

නියාමනය සහතික කරන ආරක්ෂා විධිවිධාන සඳහා ලකුණු තැබීම: 
20 න් 2 ක් = ඉහළ අවදානම(10%). 
1 = මාධ්‍ය වෙත විශේෂිත නියාමනය/ අධිකාරිය
0.5 = තරගකාරීත්වයට සම්බන්ධ නියාමනය/ අධිකාරිය

රූපවාහිනී

විස්තරය

ඔව්

නැත

NA

MD

මාධ්‍ය හිමිකාරීත්වයේ ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණය සහ/හෝ මාධ්‍ය අංශයේ පාලනය වැළැක්වීම උදෙසා, මාධ්‍ය නීති පද්ධතිය තුළ විෂය මූලික උපමානයන් (බලපත්‍ර ප්‍රමාණය, ප්‍රේක්ෂක කොටස, බෙදාහැරීම, කොටස් ප්‍රාග්ධනය හෝ ඡන්ද අයිතිය බෙදීයාම, පිරිවැටුප/ආදායම) මත පදනම් වූ විශේෂිත අවමයන් හෝ  සීමාවන් තිබේද?

මෙම ප්‍රශ්නය මගින් ඉලක්ක කෙරෙන්නේ, රූපවාහිනී අංශයේ ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණයට සහ/හෝ මාධ්‍ය අංශයේ පාලනයට එරෙහිව වූ නියාමනය තහවුරු කෙරෙනා ආරක්ෂා විධිවිධානයන් (අංශයන් සඳහා විශේෂ) තිබේද යන්න තක්සේරු කිරීමයි.

 

  0

 

මුද්‍රිත මාධ්‍ය අංශයේ අවම සීමාවන් සමග වන පැමිණිලි සක්‍රියව අධීක්ෂණය කිරීමට සහ/හෝ පැමිණිලි විභාග කිරීමට පරිපාලන අධිකාරියක් හෝ අධිකරණ බලය හිමි ආයතනයක් තිබේද? (උදා: මාධ්‍ය හා/හෝ තරගකාරීත්ව අධිකාරියක්)

   

මෙම විචල්‍යයෙන් තක්සේරු කිරීමට ඉලක්ක කෙරෙන්නේ, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය සංකේන්ද්‍රණය පිළිබඳ නියාමනය සඳහා  යෝග්‍ය අධීක්ෂණ හා දණ්ඩන පැනවීමේ පද්ධතියක් නීති/නියාමනයන් මගින් සපයා දේද යන්නයි.

 0.5

  

මෙම අවම සීමාවන්ට ගරු නොකෙරෙන්නා වූ අවස්ථාවකදී, එයට සමානුපාතිකව පිළියම් (චර්යාමය සහ/හෝ ව්‍යුහාත්මක) පැමිණවීම සඳහා නීතිය මගින් මෙම ආයතනයට දඬුවම් පැමිණවීමේ/බලාත්මක කිරීමේ බලය පවරා තිබේද?

මෙම දර්ශකයෙන් ඉලක්ක කෙරෙන්නේ, ඒ ඒ අංශයන්ට විශේෂිත නියාමනයන් සඳහා යෝග්‍ය ක්‍රමයක් හෝ දණ්ඩනයන් ලබාදීමට නීතිය පොහොසත් වන්නේද යන්න තක්සේරු කිරීමයි. ඒවා නම්:

- අතිරේක බලපත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම

- ඒකාබද්ධ කිරීමක් හෝ පවරා ගැනීමක් අවහිර කිරීම

- තුන්වන පාර්ශ්වීය වැඩසටහන් සඳහා ඉඩ වෙන් කිරීමට වන බැඳීම

- අනෙකුත් මාධ්‍ය අංශයන්හි ක්‍රියාකාරකම්/බලපත්‍ර අත් හැරීමට වන බැඳීම

- අනු සමාගම් විකිණීමේ ක්‍රියාවලිය

 

  0

  

සම්බාධක පැනවීමේ/බලාත්මක කිරීමේ බලයන් සඵලත්වයෙන් යුතුව භාවිතා කෙරෙන්නේද?

රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණය සහ/හෝ මාධ්‍ය අංශයේ පාලනය වැළැක්වීම උදෙසා ඒ ඒ අංශයන්ට විශේෂ පිළියම් යෙදීම්වල කාර්‍යසාධනීය ක්‍රියාත්මක කිරීම තක්සේරුගත කිරීම මෙම දර්ශකයේ අරමුණයි.

අවම අවදානම: අදාළ සියලුම අවස්ථාවන් සඳහා, අදාළ අධිකාරිය මගින් සිය සම්බාධක පැනවීමේ/දණ්ඩනයන් නියම කිරීමේ බලයන් සඵලත්වයෙන් යුතුව භාවිතා කරයි.

මධ්‍යම අවදානම: සියලුම අදාළ අවස්ථාවන් සඳහා අධිකාරී බලය සෑමවිටම භාවිතා නොවේ.

X

සමස්තය 

0.5

මුද්‍රිත මාධ්‍ය

විස්තරය

Yes

No

NA

MD

මාධ්‍ය හිමිකාරීත්වයේ ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණය සහ/හෝ මාධ්‍ය අංශයේ පාලනය වැළැක්වීම උදෙසා, මාධ්‍ය නීති පද්ධතිය තුළ විෂය මූලික උපමානයන් (උදා: බලපත්‍ර ප්‍රමාණය, ප්‍රේක්ෂක කොටස, බෙදාහැරීම, කොටස් ප්‍රාග්ධනය හෝ ඡන්ද අයිතිය බෙදීයාම, පිරිවැටුප/ආදායම) මත පදනම් වූ විශේෂිත අවමයන් හෝ  සීමාවන් තිබේද?

මෙම ප්‍රශ්නය මගින් ඉලක්ක කෙරෙන්නේ, මුද්‍රිත මාධ්‍ය අංශයේ ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණයට සහ/හෝ මාධ්‍ය අංශයේ පාලනයට එරෙහිව වූ නියාමනය තහවුරු කෙරෙනා ආරක්ෂා විධිවිධානයන් (අංශයන් සඳහා විශේෂ) තිබේද යන්න තක්සේරු කිරීමයි.

 

  0

 

මුද්‍රිත මාධ්‍ය අංශයේ අවම සීමාවන් සමග වන පැමිණිලි සක්‍රියව අධීක්ෂණය කිරීමට සහ/හෝ පැමිණිලි විභාග කිරීමට පරිපාලන අධිකාරියක් හෝ අධිකරණ බලය හිමි ආයතනයක් තිබේද? (උදා: මාධ්‍ය හා/හෝ තරගකාරීත්ව අධිකාරියක්)

   

මෙම විචල්‍යයෙන් තක්සේරු කිරීමට ඉලක්ක කෙරෙන්නේ, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය සංකේන්ද්‍රණය පිළිබඳ නියාමනය සඳහා  යෝග්‍ය අධීක්ෂණ හා දණ්ඩන පද්ධතියක් නීති/නියාමනයන් මගින් සපයා දේද යන්නයි.

 0.5

  

මෙම අවම සීමාවන්ට ගරු නොකෙරෙන්නා වූ අවස්ථාවකදී, එයට සමානුපාතිකව පිළියම් (චර්යාමය සහ/හෝ ව්‍යුහාත්මක) පැමිණවීම සඳහා නීතිය මගින් මෙම ආයතනයට දඬුවම් පැමිණවීමේ/බලාත්මක කිරීමේ බලය පවරා තිබේද?

මෙම දර්ශකයෙන් ඉලක්ක කෙරෙන්නේ, ඒ ඒ අංශයන්ට විශේෂිත නියාමනයන් සඳහා යෝග්‍ය ක්‍රමයක් හෝ දණ්ඩනයන් ලබාදීමට නීතිය පොහොසත් වන්නේද යන්න තක්සේරු කිරීමයි. ඒවා නම්:

- අතිරේක බලපත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම

- ඒකාබද්ධ කිරීමක් හෝ පවරා ගැනීමක් අවහිර කිරීම

- තුන්වන පාර්ශ්වීය වැඩසටහන් සඳහා ඉඩ වෙන් කිරීමට වන බැඳීම

- අනෙකුත් මාධ්‍ය අංශයන්හි ක්‍රියාකාරකම්/බලපත්‍ර අත් හැරීමට වන බැඳීම

- අනු සමාගම් විකිණීමේ ක්‍රියාවලිය

 

  0

  

සම්බාධක පැනවීමේ/බලාත්මක කිරීමේ බලයන් සඵලත්වයෙන් යුතුව භාවිතා කෙරෙන්නේද?

මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණය සහ/හෝ මාධ්‍ය අංශයේ පාලනය වැළැක්වීම උදෙසා ඒ ඒ අංශයන්ට විශේෂ පිළියම් වල කාර්‍යසාධනීය ක්‍රියාත්මක කිරීම තක්සේරුගත කිරීම මෙම දර්ශකයේ අරමුණයි.

අවම අවදානම: අදාළ සියලුම අවස්ථාවන් සඳහා, අදාළ අධිකාරිය මගින් සිය සම්බාධක පැනවීමේ/දණ්ඩනයන් නියම කිරීමේ බලයන් සඵලත්වයෙන් යුතුව භාවිතා කරයි.

මධ්‍යම අවදානම: සියලුම අදාළ අවස්ථාවන් සඳහා අධිකාරී බලය සෑමවිටම භාවිතා නොවේ.

X

සමස්තය 

0.5

ගුවන් විදුලි

විස්තරය

Yes

No

NA

MD

මෙම අංශයේ මාධ්‍ය හිමිකාරීත්වයේ ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණය සහ/හෝ මාධ්‍ය අංශයේ පාලනය වැළැක්වීම උදෙසා, මාධ්‍ය නීති පද්ධතිය තුළ විෂය මූලික උපමානයන් (උදා: බලපත්‍ර ප්‍රමාණය, ප්‍රේක්ෂක කොටස, බෙදාහැරීම, කොටස් ප්‍රාග්ධනය හෝ ඡන්ද අයිතිය බෙදීයාම, පිරිවැටුප/ආදායම) මත පදනම් වූ විශේෂිත අවමයන් හෝ  සීමාවන් තිබේද?

මෙම ප්‍රශ්නය මගින් ඉලක්ක කෙරෙන්නේ, ගුවන් විදුලි මාධ්‍ය අංශයේ ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණයට සහ/හෝ මාධ්‍ය අංශයේ පාලනයට එරෙහිව වූ නියාමනය තහවුරු කෙරෙනා ආරක්ෂා විධිවිධානයන් (අංශයන් සඳහා විශේෂ) තිබේද යන්න තක්සේරු කිරීමයි.

 

  0

 

මුද්‍රිත මාධ්‍ය අංශයේ අවම සීමාවන් සමග වන පැමිණිලි සක්‍රියව අධීක්ෂණය කිරීමට සහ/හෝ පැමිණිලි විභාග කිරීමට පරිපාලන අධිකාරියක් හෝ අධිකරණ බලය හිමි ආයතනයක් තිබේද? (උදා: මාධ්‍ය හා/හෝ තරගකාරීත්ව අධිකාරියක්)

මෙම විචල්‍යයෙන් තක්සේරු කිරීමට ඉලක්ක කෙරෙන්නේ, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය සංකේන්ද්‍රණය පිළිබඳ නියාමනය සඳහා  යෝග්‍ය අධීක්ෂණ හා දණ්ඩන පද්ධතියක් නීති/නියාමනයන් මගින් සපයා දේද යන්නයි.

 0.5

  

මෙම අවම සීමාවන්ට ගරු නොකෙරෙන්නා වූ අවස්ථාවකදී, එයට සමානුපාතිකව පිළියම් (චර්යාමය සහ/හෝ ව්‍යුහාත්මක) පැමිණවීම සඳහා නීතිය මගින් මෙම ආයතනයට දඬුවම් පැමිණවීමේ/බලාත්මක කිරීමේ බලය පවරා තිබේද?

මෙම දර්ශකයෙන් ඉලක්ක කෙරෙන්නේ, ඒ ඒ අංශයන්ට විශේෂිත නියාමනයන් සඳහා යෝග්‍ය ක්‍රමයක් හෝ දණ්ඩනයන් ලබාදීමට නීතිය පොහොසත් වන්නේද යන්න තක්සේරු කිරීමයි. ඒවා නම්:

- අතිරේක බලපත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම

- ඒකාබද්ධ කිරීමක් හෝ පවරා ගැනීමක් අවහිර කිරීම

- තුන්වන පාර්ශ්වීය වැඩසටහන් සඳහා ඉඩ වෙන් කිරීමට වන බැඳීම

- අනෙකුත් මාධ්‍ය අංශයන්හි ක්‍රියාකාරකම්/බලපත්‍ර අත් හැරීමට වන බැඳීම

- අනු සමාගම් විකිණීමේ ක්‍රියාවලිය

 

  0

  

සම්බාධක පැනවීමේ/බලාත්මක කිරීමේ බලයන් සඵලත්වයෙන් යුතුව භාවිතා කෙරෙන්නේද?

ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණය සහ/හෝ මාධ්‍ය අංශයේ පාලනය වැළැක්වීම උදෙසා ඒ ඒ අංශයන්ට විශේෂ පිළියම් වල කාර්‍යසාධනීය ක්‍රියාත්මක කිරීම තක්සේරුගත කිරීම මෙම දර්ශකයේ අරමුණයි.

අවම අවදානම: අදාළ සියලුම අවස්ථාවන් සඳහා, අදාළ අධිකාරිය මගින් සිය සම්බාධක පැනවීමේ/දණ්ඩනයන් නියම කිරීමේ බලයන් සඵලත්වයෙන් යුතුව භාවිතා කරයි.

මධ්‍යම අවදානම: සියලුම අදාළ අවස්ථාවන් සඳහා අධිකාරී බලය සෑමවිටම භාවිතා නොවේ.

0

සමස්තය 

0.5

අන්තර්ජාල

විස්තරය

Yes

No

NA

MD

මෙම අංශයේ මාධ්‍ය හිමිකාරීත්වයේ ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණය සහ/හෝ මාධ්‍ය අංශයේ පාලනය වැළැක්වීම උදෙසා, මාධ්‍ය නීති පද්ධතිය තුළ විෂය මූලික උපමානයන් (උදා: බලපත්‍ර ප්‍රමාණය, ප්‍රේක්ෂක කොටස, බෙදාහැරීම, කොටස් ප්‍රාග්ධනය හෝ ඡන්ද අයිතිය බෙදීයාම, පිරිවැටුප/ආදායම) මත පදනම් වූ විශේෂිත අවමයන් හෝ  සීමාවන් තිබේද?  

මෙම ප්‍රශ්නය මගින් ඉලක්ක කෙරෙන්නේ, ඔන්ලයින් මාධ්‍ය අංශයේ ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණයට සහ/හෝ මාධ්‍ය අංශයේ පාලනයට එරෙහිව වූ නියාමනය තහවුරු කෙරෙනා ආරක්ෂා විධිවිධානයන් (අංශයන් සඳහා විශේෂ) තිබේද යන්න තක්සේරු කිරීමයි.

 

  0

 

මුද්‍රිත මාධ්‍ය අංශයේ අවම සීමාවන් සමග වන පැමිණිලි සක්‍රියව අධීක්ෂණය කිරීමට සහ/හෝ පැමිණිලි විභාග කිරීමට පරිපාලන අධිකාරියක් හෝ අධිකරණ බලය හිමි ආයතනයක් තිබේද? (උදා: මාධ්‍ය හා/හෝ තරගකාරීත්ව අධිකාරියක්)

මෙම විචල්‍යයෙන් තක්සේරු කිරීමට ඉලක්ක කෙරෙන්නේ, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය සංකේන්ද්‍රණය පිළිබඳ නියාමනය සඳහා  යෝග්‍ය අධීක්ෂණ හා දණ්ඩන පද්ධතියක් නීති/නියාමනයන් මගින් සපයා දේද යන්නයි.

 0.5

  

මෙම අවම සීමාවන්ට ගරු නොකෙරෙන්නා වූ අවස්ථාවකදී, එයට සමානුපාතිකව පිළියම් (චර්යාමය සහ/හෝ ව්‍යුහාත්මක) පැමිණවීම සඳහා නීතිය මගින් මෙම ආයතනයට දඬුවම් පැමිණවීමේ/බලාත්මක කිරීමේ බලය පවරා තිබේද?

මෙම දර්ශකයෙන් ඉලක්ක කෙරෙන්නේ, ඒ ඒ අංශයන්ට විශේෂිත නියාමනයන් සඳහා යෝග්‍ය ක්‍රමයක් හෝ දණ්ඩනයන් ලබාදීමට නීතිය පොහොසත් වන්නේද යන්න තක්සේරු කිරීමයි. ඒවා නම්:

- අතිරේක බලපත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම

- ඒකාබද්ධ කිරීමක් හෝ පවරා ගැනීමක් අවහිර කිරීම

- තුන්වන පාර්ශ්වීය වැඩසටහන් සඳහා ඉඩ වෙන් කිරීමට වන බැඳීම

- අනෙකුත් මාධ්‍ය අංශයන්හි ක්‍රියාකාරකම්/බලපත්‍ර අත් හැරීමට වන බැඳීම

- අනු සමාගම් විකිණීමේ ක්‍රියාවලිය

 

  

සම්බාධක පැනවීමේ/බලාත්මක කිරීමේ බලයන් සඵලත්වයෙන් යුතුව භාවිතා කෙරෙන්නේද?

අන්තර්ජාල මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ සමාන්තර සංකේන්ද්‍රණය සහ/හෝ මාධ්‍ය අංශයේ පාලනය වැළැක්වීම උදෙසා ඒ ඒ අංශයන්ට විශේෂ පිළියම් වල කාර්‍යසාධනීය ක්‍රියාත්මක කිරීම තක්සේරුගත කිරීම මෙම දර්ශකයේ අරමුණයි.

අවම අවදානම: අදාළ සියලුම අවස්ථාවන් සඳහා, අදාළ අධිකාරිය මගින් සිය සම්බාධක පැනවීමේ/දණ්ඩනයන් නියම කිරීමේ බලයන් සඵලත්වයෙන් යුතුව භාවිතා කරයි.

මධ්‍යම අවදානම: සියලුම අදාළ අවස්ථාවන් සඳහා අධිකාරී බලය සෑමවිටම භාවිතා නොවේ.

X

ඉහළ අවදානම: අදාළ අධිකාරිය මගින් සිය බලය කිසිවිටකත් පාවිච්චි නොකරයි.

සමස්තය 

0.5

මාධ්‍යයන් හරහා වන හිමිකාරීත්ව සංකේන්ද්‍රණය

ප්‍රතිඵලය: ඉහළ අවදානම

මෙම දර්ශකය මගින් තක්සේරුගත කිරීමට ඉලක්ක කොටගන්නේ, මාධ්‍ය ක්ෂේත්‍රයේ වන රූපවාහිනී, මුද්‍රිත, ගුවන් විදුලි හෝ වෙනත් අදාළ මාධ්‍ය යන කොටස් ඔස්සේ වන හිමිකාරීත්වයේ සංකේන්ද්‍රණයයි. මෙම මාධ්‍ය හරහා වන සංකේන්ද්‍රණය මැනෙන්නේ ප්‍රධානතම මාධ්‍ය සමාගම් 8 ක වෙළෙඳපොළ කොටස් එකතු කිරීම මගිනි. මෙහිදී මූල්‍යමය වශයෙන් වන වෙළෙඳපොළ කොටස් අගයයන් සෑමවිටම ලබාගැනීමට නොතිබුණි. ඒ වෙනුවට මාධ්‍ය හරහා වන හිමිකාරීත්ව සංකේන්ද්‍රණය ගණනය කෙරුණේ, මුද්‍රිත, ගුවන් විදුලි සහ රූපවාහිනී වෙළෙඳපොළ සඳහා භරිත ග්‍රාහක කොටස් පදනම් කරගනිමිනි. ඔන්ලයින් වෙබ් අඩවි සඳහා ග්‍රාහක කොටස් ලබාගැනීමට නොතිබුණි. මෙම ප්‍රතිඵලය විවිධ මාධ්‍ය ක්ෂේත්‍රයන් හි ආර්ථික ශක්තිය පිළිබඳ දර්ශකයක් නොවුණු අතර, ඊට වඩා සියලුම මාධ්‍ය ආකාරයන් සලකා බලන විට මහජන මතය සඳහා සිදුකළ හැකි බලපෑම සම්බන්ධ දර්ශකයක් ලෙසින් ගත හැක.

සැළකිය යුතුයි: ශ්‍රාවක ප්‍රමාණය පිළිබඳ දත්ත සංසන්දනය කිරීම අසීරු බව නැතහොත් එක්තරා දුරකට නොකළ හැකි බව අපි පිළිගනිමු. උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, පුවත්පත් විකිණුනු ප්‍රමාණය, ඔන්ලයින් ප්‍රවේශයන් ප්‍රමාණය සහ රූපවාහිනී  නැරඹුම් ඇගයීම් දත්ත වැනි මාත්‍රිකයන් නිවැරදි යැයි ගත් විට වුවත් එක් ඒකාබද්ධ දර්ශකයක් වෙත සං‍යුක්ත කරන්නේ කෙසේද? ජනමාධ්‍ය අධ්‍යයනයන් තුළදී සහ වෙළෙඳපොළ පර්‍යේෂණ ආයතන වලදී මෙම උභතෝකෝටිකය වෙත අවධානය යොමුව ඇතත්, මෙතෙක් එය විසඳා නොමැත. එනිසා එය අප විසින් විසඳා ඇති බවට අපි නොහඟවමු. කෙසේ වුවත් අපගේ ක්‍රමවේදය නිර්මාණය වී ඇත්තේ, මාධ්‍යයන් හරහා වන සංකේන්ද්‍රණයේ නැඹුරුතාවයන් පෙන්වා දීමට සහ අප විසින් මෙම නිගමනයට පැමිණියේ කෙසේද යන්නට පැහැදිලි කිරීම් සහ විනිවිදභාවයක් ලබාදීම සඳහා වේ.

මන්ද?

මූල්‍යමය දත්ත හිඟ වීම හේතුවෙන්, අපට සියලුම මාධ්‍ය අංශයන් (රූපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත් සහ අන්තර්ජාල අඩවි) ඔස්සේ ඉහළම ආදායම් ලබනා ප්‍රමුඛ ආයතන 8 හඳුනාගැනීමට නොහැකි විණි. ඒ වෙනුවට අප විසින් ග්‍රාහක කොටස් මත පදනම්ව මෙම දර්ශකය ගණනය කොට ඇති අතර, ඒ ඔස්සේ ඉදිරිපත් කොට ඇති ප්‍රතිඵලයන් ආර්ථික ශක්තිය සඳහා දර්ශකයක් නොව, විවිධ මාධ්‍ය අංශයන් ඔස්සේ  මහජන මතය සඳහා වන විය හැකි බලපෑම සඳහා දර්ශකයන් වී ඇත.

ග්‍රාහක දත්ත මත පදනම් වෙමින්, මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම විසින් රූපවාහිනී, ගුවන් විදුලි සහ මුද්‍රිත මාධ්‍ය යන අංශයන් ඔස්සේ ප්‍රධානතම සමාගම් 8 ක් හඳුනාගෙන ඇත. මෙම තෝරාගත් මාධ්‍ය හිමිකාරීත්වයන් සියල්ලම වෙත පාහේ ඔන්ලයින් අඩවිද ඇත. කෙසේ වුවත්, ඔන්ලයින් ග්‍රාහක දත්ත හිඟ වීම කරණ කොටගෙන ඔන්ලයින් පර්‍යන්තයන් හරහා ඔවුන් පැතිර ඇති ප්‍රමාණය ගණනය කිරීමට අප අපොහොසත් වී ඇත. එනිසා මාධ්‍ය හිමිකරුවන් විසින් අමතරව ඔන්ලයින් වෙබ් අඩවිද පවත්වා ගෙන යන විට, මාධ්‍ය හරහා වන සැබෑ ග්‍රාහක දත්ත මෙම ඉදිරිපත් කොට ඇති සොයාගැනීම්ද අතික්‍රමණය කරනු ඇත. එනිසා ඉදිරිපත් කොට ඇති දත්ත මගින් සමස්ත චිත්‍රය නොපෙන්විය හැකි වීම හෝ සැබෑ ග්‍රාහක පැතිරීම සහ මෙම මාධ්‍ය හිමිකරුවන් හට මහජන මතය කෙරෙහි ඇතැම්විට ඇති බලපෑම ඌන තක්සේරු කිරීමක් විය හැක.

මෙම ප්‍රමුඛතම ආයතන 8 ම සියලුම මාධ්‍ය අංශයන් ඔස්සේ ක්‍රියාකාරී නොවේ. මෙම හිමිකාරීත්ව ආයතන 8 න් 5 ක් එක් මාධ්‍ය අංශයකට වඩා ගණනක ක්‍රියාකාරී වේ. රූපවාහිනී සහ ගුවන් විදුලි යන අංශයන්ගේ ඉහළම හිමිකරුවන් තිදෙනාම එකම වන බැවින්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය හිමිකාරීත්වයන් හරහා වන සංකේන්ද්‍රණය ඉහළ අගයක් ගනී. මීට අමතරව ඉහළම හිමිකරුවන් 8 දෙනා හට 81.47% ක ග්‍රාහක කොටසක් ඇති බැවින්, එය මගින් මාධ්‍ය හිමිකාරීත්වය හරහා ඇති නැඹුරුතාවයන් ස්ථිර කරයි.

  •  කැපිටල් මහරාජා සංවිධානය, රාජමහේන්ද්‍රන් පවුලට අයත් වන අතර, රූපවාහිනී සහ ගුවන් විදුලි යන අංශයන් දෙකේම ක්‍රියාකාරී වෙමින්, එම වෙළෙඳපොළ දෙකෙහිම ඉහළම 4 තුල සිටී. රූපවාහිනී සහ ගුවන් විදුලි යන අංශයන් හි ග්‍රාහකත්වය 29.19% ක ප්‍රතිශතයකින් හිමිකරගැනීමට මෙම සමාගම සමර්ථව සිටී. ශ්‍රී ලංකාවේ ඔන්ලයින් මාධ්‍ය සඳහා වෙළෙඳපොළ දත්ත නොමැති බැවින්, මෙම සමාගමේ ඔන්ලයින් වෙබ් අඩවි ඔස්සේ වන පැතිරීම මැනීමට අප අපොහොසත්ව ඇත.
  •  ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන්, රේනෝ සිල්වා හට අයත් වන අතර, ප්‍රධාන වශයෙන් ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වුවත්, ඉතාමත් ජනප්‍රිය රූපවාහිනී ආයතනයක්ද මේ යටතේ තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නියමුවෙකු වන අතර, රූපවාහිනී සහ ගුවන් විදුලි ඔස්සේ වන ග්‍රාහක කොටස 26.48% ක් වේ.
  •  පවර් හවුස්, දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම යන දෙදෙනාගේ සම හිමිකාරීත්වය යටතේ තිබෙනා අතර, පුළුල් ග්‍රාහක පැතිරුමක් ඇති චැනලයන් කිහිපයක් ඔස්සේ මෙය රූපවාහිනී හා ගුවන් විදුලි වෙළෙඳපොළ තුළ ඉහළම ආයතන 4 තුළ සිටීමට සමර්ථව ඇත. 2018 සැප්තැම්බර් අග වන විට, සමාගම විසින් මුද්‍රිත මාධ්‍ය වෙළෙඳපොළ වෙතද ලඟා වෙමින් පුවත්පතක් දියත් කරන්නට යෙදුණු නමුත්, එහි පාඨක කොටස සම්බන්ධයෙන් මෙතෙක් දත්ත නොමැත.
  • රාජ්‍ය අංශය, ප්‍රධාන වශයෙන්ම ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර යටතේ ඇති රාජ්‍ය අංශයේ ජනමාධ්‍ය, මුද්‍රිත, ගුවන් විදුලි, රූපවාහිනී සහ ඔන්ලයින් යන අංශ හතර හරහාම ක්‍රියාකාරී වන එකම සංවිධානය වේ. මුද්‍රිත, ගුවන් විදුලි, රූපවාහිනී සහ ඔන්ලයින් අංශයන් ඔස්සේ රජයේ ජනමාධ්‍යයන්හි පැතිරීම 22.04% ක් වේ.
  • විජය පුවත්පත්,. විජේවර්ධන පවුලට අයත් වන අතර, ප්‍රධාන වශයෙන්ම ක්‍රියාකාරී වන්නේ මුද්‍රිත සහ ඔන්ලයින් අංශයන් තුළ වේ. 21.56% ක පාඨක කොටසක් සමගින්, උක්ත සඳහන් අංශ ඔස්සේ බැලූ විට, විජය පුවත්පත් සමාගම සැලකිය යුතු තරමේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකුව සිටී.
  •  ඊඒපී බ්‍රෝඩ්කාස්ටින් සමාගම, මෑතකදී (2018 ජූනි මසදී) ඇලෙක්සිස් ඉන්ද්‍රජිත් ලොවෙල්ස් හට අයත් බෙන් හෝල්ඩින්ග්ස් සහ පෘතුගාලයේ සමාගමක් වන අල්ලිරාජා සුබාස්කරන් හට අයත් Pettigo Commercio Internacional LDA (ලයිකාමොබයිල් වෙත සම්බන්ධ සමාගමකි) හි උප සමාගමක් වන සිංගප්පූරුව පාදක කරගත් බ්ලූ සමිට් කැපිටල් හෝල්ඩින්ග්ස් වෙත විකුණා දැමිණි. ඊඒපී බ්‍රෝඩ්කාස්ටින් සමාගම මූලිකවම රූපවාහිනී සහ ගුවන් විදුලි යන අංශයන්හි ක්‍රියාකාරී වන අතර, මෙම අංශයන් හරහා ඊට 10.61% ක ග්‍රාහක කොටසක් ඇත.
  • ඇසෙට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්, නිහාල් සෙනෙවිරත්න ඈපාගේ හිමිකාරීත්වයෙන් යුතු අතර, 5.49% ක ශ්‍රාවක කොටසක් සමගින් ගුවන් විදුලි අංශයේ පමණක් ක්‍රියාකාරීව සිටී.
  • උපාලි පුවත්පත්, වෙල්ගම පවුලට අයත් වන අතර, 4.57% පාඨක කොටසක් හිමිකර ගනිමින් මුද්‍රිත මාධ්‍ය අංශයේ පමණක් ක්‍රියාකාරීව සිටී.

Score: 3

අවම

මධ්‍යම

ඉහළ

්‍රතිශතය: 81.47%

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 8 දෙනා (TOP8) වෙත විවිධ මාධ්‍ය අංශ හරහා ඇති වෙළෙඳපොළ කොටස 25% ට අඩු වේ නම්.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 8 දෙනා (TOP8) වෙත විවිධ මාධ්‍ය අංශ හරහා ඇති වෙළෙඳපොළ කොටස 25% ත් 49% ත් අතර නම්.

එක් රටක් තුළ නම් ප්‍රධානතම හිමිකරුවන් 8 දෙනා (TOP8) වෙත විවිධ මාධ්‍ය අංශ හරහා ඇති වෙළෙඳපොළ කොටස 50% කට වඩා වැඩි වේ නම්.

දත්ත පිළිබඳ දත්ත:

මුද්‍රිත මාධ්‍ය, රූපවාහිනී සහ ගුවන් විදුලි සඳහා වන ග්‍රාහක කොටස් බර තබා ඇත්තේ රටේ මාධ්‍ය ප්‍රයෝජනයට ගැනීමේ පරිචයන්ට අනුකූලව වේ: එනම් මුද්‍රිත මාධ්‍ය 45.7%, රූපවාහිනී 87%, ගුවන් විදුලි 43.40% ලෙසිනි. මෙම සියල්ලේම එකතුව 100 ඉක්මවා යන බැවින්, එනම් පෙර දැක්වූ ප්‍රතිශතයන්ගේ එකතුව 176% ක් වන බැවින්, මෙය නව සමස්තය ලෙසින් ගැනී ඇත. ඉහළම හිමිකරුවන් 8 දෙනාගේ ග්‍රාහක කොටස් වල එකතුව බර තබා ඇත්තේ එම නව සමස්තයට අනුකූලව වේ.

මූලාශ්රය

Radio listenership data: RAP (Jan-Nov) 2017 Kantar LMRB
Print readership data: NDMS Sri Lanka (Sep-Dec) 2017 Kantar LMRB
TV viewership data: PMS 2017 Kantar LMRB
MOM Cross-Media Ownership computation

නියාමනය සහතික කරනා විධිවිධානයන්: මාධ්‍යයන් කිහිපයක් හරහා වන හිමිකාරීත්ව සංකේන්ද්‍රණය

ප්‍රතිඵලය: ඉහළ අවදානම

විවිධ මාධ්‍යයන් (මුද්‍රිත, රූපවාහිනී, රේඩියෝ, අන්තර්ජාල වෙබ් අඩවි) කිහිපයක් හරහා වන හිමිකාරීත්වයක් පැවතීමේ ඉහළ හැකියාවට එරෙහිව නියාමනය සහතික කරනා විධිවිධානයන් (විවිධ මාධ්‍ය අංශයන්ට විශේෂ වූ නීති සහ/හෝ තරගකාරීත්ව නීතියක්) පැවතීම හා සඵලදායී ලෙසින් ක්‍රියාවට නැංවීම තක්සේරුගත කිරීම මෙම දර්ශකයේ ඉලක්කයයි. ජනමාධ්‍ය හිමිකාරීත්වය සහ/හෝ පාලනය සම්බන්ධයෙන් විවිධ රටවල් අතර පවත්නා අවම සීමාවන් හා සීමා සම්මතයන් විවිධ වීම සැලකිල්ලට ගත් විට, මෙම ‘ඉහළ හැකියාව’ යන්න තක්සේරු කර බැලිය යුත්තේ, ඔබගේ රටේ සම්මතයන්ට අනුව සහ, දේශීය නීති රාමු මගින් පනවා ඇති සීමා මායිම් සැලකිල්ලට ගනිමිනි.

මන්ද?

මාධ්‍යයන් කිහිපයක් හරහා වන හිමිකාරීත්ව සංකේන්ද්‍රණය වැළැක්වීම සඳහා, ශ්‍රී ලංකාව තුළ කිසිදු නියාමන විධිවිධානයක් නොමැත. ශ්‍රී ලංකාවේ මාධ්‍ය පිළිබඳ නීති පද්ධතිය තුළ, විවිධ මාධ්‍ය අතර ඉහළ ප්‍රමාණයක මාධ්‍ය හරහා වන හිමිකාරීත්ව සංකේන්ද්‍රණය වැලැක්වීම උදෙසා වන බලපත්‍ර සංඛ්‍යාව, ප්‍රේක්ෂක කොටස, බෙදාහැරිම් ප්‍රමාණය, කොටස් ප්‍රාග්ධනය හෝ ඡන්ද අයිතිය බෙදීයාම, පිරිවැටුප/ආදායම වැනි විෂය මූලික උපමානයන් මත පදනම් වූ විශේෂිත සීමා සම්මතයන් නැත.

  • මාධ්‍ය හිමිකාරීත්ව සංකේන්ද්‍රණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාලනය යටතේ විශේෂයෙන් නීතියක් නොමැති අතරම, පවත්නා නීති පද්ධතිය තුළ මාධ්‍ය හිමිකාරිත්ව සංකේන්ද්‍රණයට නිර්වචනයක්ද ලබාදී නොමැත. ඒකාධිකාරයන් සහ සංකේන්ද්‍රණයන් සම්බන්ධව වන වගන්ති රැගත් මාධ්‍ය පිළිබඳ නීති පද්ධතීන් මගින් මාධ්‍ය සංකේන්ද්‍රණයන් තක්සේරු විය යුත්තේ කෙසේද යන්න විස්තර කිරීම හෝ අර්ථ විවරණය කිරීම සිදුනොවන අතර, මාධ්‍යයන් කිහිපයක් හරහා වූ හිමිකාරීත්ව සංකේන්ද්‍රණය හෝ සිරස් අනුකලනය සම්බන්ධ අංගයන් කෙරෙහි කිසිදු සඳහනක් හෝ නොවේ.
  • ඒකාධිකාරයන් හා තරගකාරී සංස්ථානයන් සම්බන්ධයෙන් වන සඳහන් කිරීම් මුද්‍රිත හා ඉලෙක්‍ට්‍රොනික මාධ්‍ය මූලාශ්‍ර හසුරුවන්නා වූ නීති පද්ධතිය තුළ ඉතා සැකෙවින් පමණක් සඳහන් වන අතර, එම සඳහන් කිරීම් තවදුරටත් පැහැදිලි කිරීම් හෝ විදහා දැක්වීම් දක්නට නැත. මාධ්‍ය සංකේන්ද්‍රණයන්ගේ විවිධ ආකාරයන් හෝ මට්ටම් තක්සේරු කිරීම සඳහා උපමානයන් හා ක්‍රමවේදයන් විශේෂයෙන් විස්තර කරන ලද විධිවිධානයන්ද නොමැත.
  • ප්‍රති-තරගකාරීත්ව භාවිතයන් සමගින් කටයුතු කෙරෙනා පොදු නීති සම්පාදිතයන් -එනම් 2003 වසරේ අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත වැනි ඒවායේද සංකේන්ද්‍රණයන් හෝ ඒකාධිකාරයන් සම්බන්ධයෙන් කිසිදු නිර්වචනයක් දක්නට නැත.

නියාමන විධිවිධානයන් සම්බන්ධ ලකුණු තැබීම: 8 න් 0 ක් නම් – ඉහළ අවදානමකි (නියාමනය: 0%මවිට)

 

මාධ්‍යයන් හරහා හිමිකාරීත්වය

විස්‍තර කිරීම

ඔව්

නැත

NA

MD

මාධ්‍ය පිළිබඳ නීති පද්ධතිය තුළ, විවිධ මාධ්‍ය අතර ඉහළ ප්‍රමාණයක මාධ්‍ය හරහා වන හිමිකාරීත්ව සංකේන්ද්‍රණය වැලැක්වීම උදෙසා වන බලපත්‍ර සංඛ්‍යාව, ප්‍රේක්ෂක කොටස, බෙදාහැරිම් ප්‍රමාණය, කොටස් ප්‍රාග්ධනය හෝ ඡන්ද අයිතිය බෙදීයාම, පිරිවැටුප/ආදායම වැනි විෂය මූලික උපමානයන් මත පදනම් වූ විශේෂිත සීමා සම්මතයන් තිබෙන්නේද?

විවිධ මාධ්‍යයන් හරහා වන හිමිකාරීත්වයක් පැවතීමේ ඉහළ හැකියාවට එරෙහිව නියාමනය සහතික කරනා විධිවිධානයන් (විවිධ මාධ්‍ය අංශයන්ට විශේෂ වූ නීති සහ/හෝ තරගකාරීත්ව නීතියක්) පැවතීම හා සඵලදායී ලෙසින් ක්‍රියාවට නැංවීම තක්සේරුගත කිරීම මෙම දර්ශකයේ ඉලක්කයයි.    

  0

මෙම අවම සීමාවන්ට සහ/හෝ පැමිණිලි විභාග කිරීම් වලට අනුකූල දෑ සක්‍රියව අධීක්ෂණය කරනා පාලන අධිකාරියක් හෝ නෛතික ව්‍යුහයක් තිබේද?

 (උදා: මාධ්‍ය අධිකාරියක්=1, තරගකාරීත්ව අධිකාරියක්=0.5)  

නීති/නියාමනයන් මගින් ශ්‍රව්‍ය-දෘෂ්‍ය මාධ්‍ය සංකේන්ද්‍රණය නියාමනය සඳහා යෝග්‍ය අධීක්ෂණ හා දණ්ඩන/සම්බාධක පද්ධතියක් ලබාදෙන්නේද යන්න තක්සේරු කිරීම මෙම විචල්‍යයේ ඉලක්කයයි.

  0

මෙම අවම සීමාවන් පිළිනොපදින අවස්ථාවකදී, ඒ සඳහා සමානුපාතික වන පිළියම් යෙදීම් (චර්යාමය සහ/හෝ ව්‍යුහාත්මක) පැනවීම උදෙසා නීතිය මගින් සම්බාධක පැනවීමේ/බලාත්මක කිරීමේ බලය ලබාදෙන්නේද?

විවිධ මාධ්‍ය අංශයන්ට සුවිශේෂී වූ නියාමනයන් සඳහා නීතිය මගින් යෝග්‍ය සම්බාධක පද්ධතියක් ලබාදෙන්නේද යන්න තක්සේරුවට ලක් කිරීම මෙම විචල්‍යයේ ඉලක්කයයි. එම නියාමනයන් නම්:

- අතිරේක බලපත්‍ර ලබාදීම ප්‍රතික්ෂේපය

-  පවරා ගැනීමක් හෝ ඒකාබද්ධ කිරීමක් අවහිර කිරීම

-තුන්වන පාර්ශවයන්ගේ වැඩසටහන් සඳහා අවකාශය ලබාදීම අනිවාර්‍ය වීම

- අනෙකුත් මාධ්‍ය අංශයන්හි ක්‍රියාකාරකම්/බලපත්‍ර අත් හැරීමට බැඳියාව ඇතිකිරීම

- ආපසු පැවරීමේ ක්‍රියාවලිය

  0

සම්බාධක පැනවීමේ/බලාත්මක කිරීමේ බලයන් සඵලත්වයෙන් යුතුව භාවිතා කෙරෙන්නේද?

 

නියාමනය මගින් ලබාදෙන පිළියම් යෙදීම්වල කාර්‍යසාධකත්වය තක්සේරුගත කිරීම මෙම ප්‍රශ්නයේ අරමුණයි.

අවම අවදානම: අදාළ සියලුම අවස්ථාවන් සඳහා, අදාළ අධිකාරිය මගින් සිය සම්බාධක පැනවීමේ/දණ්ඩනයන් නියම කිරීමේ බලයන් සඵලත්වයෙන් යුතුව භාවිතා කරයි.

මධ්‍යම අවදානම: සියලුම අදාළ අවස්ථාවන් සඳහා අධිකාරී බලය සෑමවිටම භාවිතා නොවේ.

ඉහළ අවදානම: අදාළ අධිකාරිය මගින් සිය බලය කිසිවිටකත් පාවිච්චි නොකරයි.

0

 

මාධ්‍ය ක්ෂේත්‍රයේ නිශ්චිතතාවයන් සැලකිල්ලට ගැනෙනා ඒකාබද්ධ කිරීම් පාලන/තරගකාරීත්ව නීති ඔස්සේ, විවිධ මාධ්‍ය අතර වන හිමිකාරීත්වය ඉහළ අගයක් ගැනීම වැළැක්විය හැකිද?

 

උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, මාධ්‍යයන් හරහා වන හිමිකාරීත්වය, තරගකාරීත්ව නීතිය මගින් වැළැක්විය හැක:

- පවරා ගැනීම් හා ඒකාබද්ධ කිරීම් වලදී මාධ්‍ය පිළිබඳ අධිකාරියක අනිවාර්‍ය මැදිහත්වීම (උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, තරගකාරීත්ව අධිකාරිය මාධ්‍ය අධිකාරියේ උපදෙස් පැතීමට බැඳී සිටීම);

- මාධ්‍ය බහුවිධතාවය (නැතිනම් පොදුවේ මහජන බැඳියාව) කරණ කොට ගනිමින්, සංකේන්ද්‍රණයක් සඳහා අවසර ලබාදීම තරගකාරීත්ව අධිකාරිය මගින් නිශ්ප්‍රභ කිරීමේ හැකියාව;

නීතිය තුළ මාධ්‍ය වෙත විශේෂිත විධිවිධාන නොපවතින්නේ වුවත්, එයින් නීතියේ විෂය පථයෙන් මාධ්‍ය ක්ෂේත්‍රය ඉවත් නොවේ.

  0

 

මෙම අවම සීමාවන්ට සහ/හෝ පැමිණිලි විභාග කිරීම් වලට අනුකූල දෑ සක්‍රියව අධීක්ෂණය කරනා පාලන අධිකාරියක් හෝ නෛතික ව්‍යුහයක් තිබේද? (උදාහරණ ලෙස මාධ්‍ය සහ/හෝ තරගකාරීත්ව අධිකාරියක්)   

 

 

ඒකාබද්ධ කිරීම් පාලන/තරගකාරීත්ව නීති ඔස්සේ, විවිධ මාධ්‍යයන් හරහා වන හිමිකාරීත්වයක් පැවතීමේ ඉහළ හැකියාවට එරෙහිව වන නියාමනය සඳහා නීතිය/නියාමනය මගින් යෝග්‍ය අධීක්ෂණ සහ සම්බාධක පද්ධතියක් ලබාදෙන්නේද යන්න තක්සේරුගත කිරීම මෙම දර්ශකයේ ඉලක්කයයි 

  0

මෙම අවම සීමාවන් පිළිනොපදින අවස්ථාවකදී, ඒ සඳහා සමානුපාතික වන පිළියම් යෙදීම් (චර්යාමය සහ/හෝ ව්‍යුහාත්මක) පැනවීම උදෙසා නීතිය මගින් සම්බාධක පැනවීමේ/බලාත්මක කිරීමේ බලය ලබාදෙන්නේද?    

සම්බාධක පැනවීමේ/බලාත්මක කිරීමේ බලයන් සහ පිළියම් සඳහා උදාහරණ:

- පවරා ගැනීමක් හෝ ඒකාබද්ධ කිරීමක් අවහිර කිරීම;

-තුන්වන පාර්ශවයන්ගේ වැඩසටහන් සඳහා අවකාශය ලබාදීම අනිවාර්‍ය කිරීම;

- අනෙකුත් මාධ්‍ය අංශයන්හි ක්‍රියාකාරකම්/බලපත්‍ර අත් හැරීමට බැඳියාව ඇතිකිරීම

- ආපසු පැවරීමේ ක්‍රියාවලිය

  0

සම්බාධක පැනවීමේ/බලාත්මක කිරීමේ බලයන් සඵලත්වයෙන් යුතුව භාවිතා කෙරෙන්නේද?

නියාමනය මගින් ලබාදෙන පිළියම් යෙදීම්වල කාර්‍යසාධකත්වය තක්සේරුගත කිරීම මෙම ප්‍රශ්නයේ අරමුණයි.    

අවම අවදානම: අදාළ සියලුම අවස්ථාවන් සඳහා, අදාළ අධිකාරිය මගින් සිය සම්බාධක පැනවීමේ/දණ්ඩනයන් නියම කිරීමේ බලයන් සඵලත්වයෙන් යුතුව භාවිතා කරයි.

මධ්‍යම අවදානම: සියලුම අදාළ අවස්ථාවන් සඳහා අධිකාරී බලය සෑමවිටම භාවිතා නොවේ.

ඉහළ අවදානම: අදාළ අධිකාරිය මගින් සිය බලය කිසිවිටකත් පාවිච්චි නොකරයි.

0

Total (Mean of L-e and L-I sub-indicators)    

    0

[Translate to Sinhala:] Legal Assessment

හිමිකාරීත්වයේ විනිවිදභාවය

ප්‍රතිඵලය: මධ්‍යම අවදානම

මාධ්‍ය බහුවිධතාවය බලාත්මක කිරීම සඳහා වැදගත් පූර්ව කොන්දේසියක් වන්නේ හිමිකාරීත්වයේ විනිවිදභාවය වීම නිසාවෙන්, මෙම දර්ශකය මගින් මාධ්‍ය හිමිකරුවන්ගේ දේශපාලනික සම්බන්ධතාවන් ගැන වූ  විනිවිදභාවය පිළිබඳ දත්ත තක්සේරුගත කිරීම සිදුවනු ඇත.

මන්ද?

මාධ්‍ය ආයතන තමන්ගේ හිමිකාරීත්ව ව්‍යුහය තම තමන්ගේ වෙබ් අඩවි තුළ හෝ මුද්‍රිත ප්‍රකාශනයන් තුළ හෙළිදරවු කිරීමට බැඳී නොසිටී. හිමිකාරීත්වය සම්බන්ධ බොහෝ දත්ත ලබාගෙන ඇත්තේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව (ROC) හරහා වේ.

දේශපාලන බලය ඇත්තන් සහ මාධ්‍ය හිමිකාරීත්වය අතර සම්බන්ධතාවයන් හෙළිදරවු කිරීමට විධාන කෙරෙනා නෛතික ලේඛනයක් වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ නොමැත. මීට සමාන ලෙසින්ම දේශපාලන තනතුරක් දරා සිටිනා දේශපාලන බලය ඇත්තන් ජනමාධ්‍යයක් හිමිකරගෙන සිටීමෙන් වළක්වන බැඳියා පිළිගැටුමක් නොමැති වීම පිළිබඳ නීති සම්පාදනයක්ද නොමැත. කෙසේ වුවත් දේශපාලඥයින්ට වුවත්, පොදු ජනයාට වුවත් තමන්ගේ මාධ්‍ය ආයතන සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවේ 2007 වසරේ අංක 07 දරණ සමාගම් පනතට අනුව, සියලුම සමාගම් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (ROC) ලියාපදිංචි කොට තිබීම අනිවාර්‍ය වේ. සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම මගින්, මෙම සමාගම් හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට එකඟ වේ. ඒ අනුව ආකෘති පත්‍ර අංක 15 (වාර්ෂික වාර්තාව) ඔස්සේ වාර්ෂිකව සිය අධ්‍යක්ෂ මණ්ඩලයේ නම් ලබාදී, මහජනයාට ප්‍රවේශ වීමට හැකි වන පරිදි සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ගොනු ගත කිරීමට අදාළ සමාගමට සිදුවේ. ඒ නයින් මාධ්‍ය ආයනතනයන්හි හිමිකාරීත්වයට සම්බන්ධ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තිබෙනා අතර, යම් ගෙවීමක් සිදු කර ඊට ප්‍රවේශය ලබාගැනීමට මහජනතාවට හැකියාව ඇත.

රජයට අයත් මුද්‍රිත මාධ්‍ය සමාගම වන සීමාසහිත ලංකා එක්සත් පුවත්පත් සමාගමේ (ANSL/ලේක් හවුස්) සහ රජයට අයත් විකාශන සමාගම් වලින් එකක් වන ITN (සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය) සමාගමේ ගොනු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට තිබුණද, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) සම්බන්ධ තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට නොතිබුණි. මෙයට හේතුව වන්නේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටවනු ලැබුවේ පාර්ලිමේන්තු පනත් ඔස්සේ වීම සහ ඒ නිසා ඒවා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමට විධිවිධාන නොතිබිමත් නිසාවෙනි.මේ අතර ලේක් හවුස් සහ ITN ආයතන ආරම්භයේදී පුද්ගලික හිමිකාරීත්වය යටතේ තිබී පසුව ජනසතු කරනු ලැබූ ආයතන වේ. මෙම ආයතන සංස්ථාපිත කරනා කාලයේදී ලේක් හවුස් සහ ITN ආයතන දෙකම පුද්ගලික සීමාසහිත වගකීම් සමාගම් වූ අතර, ඒවා ආරම්භ කරනු ලැබුණේ එකිනෙකාට ඥාතීත්වයෙන් යුත් පවුල් දෙකක් මගිනි. එනම් පිළිවෙලින් වික්‍රමසිංහ පවුල (ශාන් වික්‍රමසිංහ) සහ විජේවර්ධන පවුල (ඩී.ආර්.විජේවර්ධන) වේ.

මෙම සමාගම් හිමිකාරීත්වය අනාවරණය කෙරෙනා ලිපි ගොනු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තිබුණද, එම තොරතුරු වෙත ප්‍රවේශය ලබාගැනීම බොහෝ විට වියදම්කාරී, කාලය ගතවන, අපහසු කාර්‍යයක් වන අතර, ඇතැම් විට එම තොරතුරු යාවත්කාලීන වී නැත. යම් යම් සමාගම් ආසන්න වශයෙන් දශකයක් පුරාවට වාර්ෂික වාර්තාවන් ගොනුකොට නොමැත. තවදුරටත් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් මෙම සමාගම් ගොනුවල තොරතුරු සමගින් ඔන්ලයින් දත්ත සමුදායක්ද පවත්වාගෙන නොයයි. එනිසා සමාගමක හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු එකතු කිරීමේ උනන්දුව ඇති ඕනෑම අයෙකුට (ශ්‍රී ලංකාවේ වෙසෙන හෝ විදෙස්ගත) කොළඹ සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්‍යාලයට තමන්ම ගොස් එක කාර්‍යය ඉටු කර ගැනීමට සිදුවනු ඇත. තවදුරටත් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා ලියාපදිංචි වී සිටිනා සමාගම් තම මූල්‍ය ප්‍රකාශන, වෙළෙඳපොළ කොටස් හෝ ප්‍රේක්ෂක ප්‍රමාණයන් ලබාදිය යුතු බවට සමාගම් පනත මගින් විධිවිධාන ලබාදී නැත.

හිමිකාරීත්ව ව්‍යුහයන් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති අවස්ථාවන් හිදී, මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම මගින් සමාගමේ විනිවිදභාවය, ‘පොදුජනතාවට දත්ත ලබාගැනීමට හැකියාව ඇත’ යනුවෙන් ශ්‍රේණිගත කොට ඇත. ඔන්ලයින් වෙබ් අඩවි වල හිමිකාරීත්වය සම්බන්ධයෙන් වන දත්ත මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගන්නට යෙදුණත්, එසේ ලබාගත් දත්ත 2012 වසරේදී ලබාගෙන තිබෙනා අතර, එම වෙබ් අඩවි වල හිමිකාරීත්වය එහි විස්තර කොට නැත.

එසේම මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම මගින්, පර්‍යේෂණය පැවැත්වුණු ජූලි-ඔක්තෝබර් කාලය අතරතුරදී හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු ඉල්ලුම් කිරීම ඔස්සේ මාධ්‍ය හිමිකරුවන් හට විනිවිදභාවය සම්බන්ධයෙන් වන වෑයමට කොටස්කරුවන් වන ලෙසින් ආරාධනා කරන්නට යෙදිණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම මගින් ජනමාධ්‍යයන් 46 ක, මාධ්‍ය ආයතන 19 ක සහ තනි හිමිකරුවන් 23 ක සාම්පලයක් සිය විමර්ශණයට බඳුන් කරන්නට යෙදිණි. එහි සොයාගැනීම් පහත පරිදි වේ:

  • අක්‍රිය විනිවිදභාවය යනුවෙන් හැඳින්වෙන්නේ, ඉල්ලීමක් මත හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු සමාගමෙන්/චැනලයකින් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ඇති බවයි. මාධ්‍යයන් 9 ක්, මාධ්‍ය ආයතන 3 ක් සහ තනි හිමිකරුවන් 9 ක් එනම් සමස්ත සාම්පලයෙන් 23.86% ක් අක්‍රිය විනිවිද භාවය දක්වන බවට ශ්‍රේණිගත කෙරිණි. බොහෝ සමාගම්, මාධ්‍ය සහ හිමිකරුවන් මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම විසින් යැවූ තොරතුරු ඉල්ලීම් වලට විස්තරාත්මක පිළිතුරු ලබාදී තිබිණි.
  • දත්ත පොදුජනයාට ලබාගැනීමට හැක යනුවෙන් අදහස් වන්නේ, හිමිකාරීත්වය පිළිබඳ දත්ත, ප්‍රසිද්ධ ලේඛනයන් නැතිනම් පොදු වාර්තා වැනි අනෙකුත් මූලාශ්‍රයන් ඔස්සේ පහසුවෙන්ම ලබාගැනීමට තිබෙනා බවයි. අදාළ වෙබ් අඩවි මගින් මහජනයාට හිමිකරුවන් පිළිබඳව දැනුම් නොදුන්නද, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔස්සේ තොරතුරු සොයාගැනීමට හැකියාව ඇති මාධ්‍යයන් 35 ක්, මාධ්‍ය ආයතන 16 ක් සහ තනි හිමිකරුවන් 14 ක් මේ යටතේ ශ්‍රේණිගත කෙරී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම සම්පූර්ණ සාම්පලයෙන් 73.86% ක් සඳහා යෙදී ඇත. 
  • දත්ත ලබාගැනීමට නොමැත යනුවෙන් දැක්වෙන්නේ හිමිකාරීත්වය පිළිබඳ දත්ත මහජනතාවට ලබාගැනීමට නොමැතිය; සමාගම/චැනලය මගින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබීම හෝ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොමැති වීම හෝ කිසිදු ප්‍රසිද්ධ වාර්තාවක් නොතිබෙන්නේය යන අවස්ථාවන් වේ. සමස්ත සාම්පලයෙන් 2.27% ක් දත්ත ලබාගැනීමට නොමැතිය යන ශ්‍රේණිගත කිරීමට අයත් වේ. මාධ්‍යයන් දෙකක දත්ත ලබාගැනීමට නොතිබිණි. නම් වශයෙන් දක්වන්නේ නම් ලංකා සී නිව්ස් සහ ගොසිප් ලංකා නිව්ස් වන මෙම මාධ්‍යයන් වෙබ් අඩවි වේ.
  • මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායමේ තොරතුරු ඉල්ලීම් යවනු ලැබුවේ ලියාපදිංචි තැපෑලෙන් සහ ඊමේල් මගින් වන අතර, පර්‍යේෂණය අතරතුරදී වැඩිදුරටත් ඊමේල් මගින් සිහිකැඳවීම් කරන්නට යෙදිණී. කෙසේ වුවත් අපගේ ලිඛිත ඉල්ලීම් සඳහා ඊමේල් ඔස්සේ හෝ දුරකථන ඇමතුම් ඔස්සේ විස්තරාත්මක ප්‍රතිචාරයන් ලබාදුන්නේ සමාගම් 3 ක් පමණි. එම සමාගම් නම් වශයෙන් දක්වන්නේ නම්, සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්) සමාගම, සීමාසහිත ඒ එස් කේ මීඩියා (පුද්) සමාගම සහ සීමාසහිත විජය පුවත්පත් සමාගම වේ.

අවම

මධ්‍යම

ඉහළ

මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳ දත්ත සඳහා වන ප්‍රවේශය සහ විනිවිදභාවය ඔබ විසින් තක්සේරුගත කරන්නේ කෙසේද?

සක්‍රිය විනිවිදභාවය සහිත - 0%

අක්‍රිය විනිවිදභාවය සහිත - 23.86%

දත්ත පොදුජනයාට ලබාගැනීමට හැකි - 73.86%

දත්ත ලබාගැනීමට නොමැති - 2.27%

සක්‍රියව තොරතුරු සඟවන - 0%

මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳව මෙන්ම ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳවද දත්ත මහජනයාට ලබාගැනීමට තිබෙනා අතර විනිවිද භාවයෙන් යුක්ත වේ.

(සක්‍රිය විනිවිදභාවය)

සාම්පලයේ 75% කට වඩා ප්‍රමාණයක් සඳහා මෙය යෙදේ නම්.

මාධ්‍ය හිමිකරුවන් පිළිබඳ දත්ත සහ ඔවුන්ගේ දේශපාලන සම්බන්ධකම් පිළිබඳ තොරතුරු, මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් කරන ලද විමර්ශණ මත පදනම්ව හෝ ඉල්ලීම මත පදනම්ව හෙළිදරවු කෙරී ඇත.

(අක්‍රිය විනිවිදභාවය, පොදුජනයාට ලබාගැනීමට දත්ත ඇත)

සාම්පලයේ 50% කට වඩා ප්‍රමාණයක් සඳහා මෙය යෙදේ නම්.

මාධ්‍ය හිමිකරුවන්ගේ දේශපාලන සම්බන්ධකම් පිළිබඳ දත්ත මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙසින් නොමැති අතර, විමර්ශණාත්මක මාධ්‍යවේදීන්ට හෝ ක්‍රියාකාරිකයින්ට සාර්ථකව එම දත්ත අනාවරණය කර ගැනීමට නොහැක.

(දත්ත ලබාගැනීමට නොමැත, සක්‍රියව දත්ත සඟවා ඇත)

සාම්පලයේ 50% කට වඩා අඩු ප්‍රමාණයක් සඳහා මෙය යෙදේ නම්.

මූලාශ්රය :

Companies Act, No.07 of 2007 Accessed on 22 October 2018

නියාමනය සහතික කරනා විධිවිධානයන්: හිමිකාරීත්වයේ විනිවිදතාවය

ප්‍රතිඵලය: ඉහළ අවදානම

මෙම දර්ශකය මගින් ඉලක්ක කොට ගන්නේ, මාධ්‍ය හිමිකාරීත්වය සහ/හෝ පාලනය සම්බන්ධයෙන් විනිවිදතාවය සහ අනාවරණයට වූ විධිවිධාන තිබීම සහ සඵලත්වයෙන් ක්‍රියාත්මක වීම තක්සේරු කිරීමයි.

මන්ද?

  • රජයේ මාධ්‍ය ආයතනයන්, මාධ්‍ය ආයතනය පිහිටුවීම සඳහා වූ නීති තුළින් ස්ථාපනය වූ ක්‍රියාමාර්ගයන්ගෙන් සහ 1.2 (k) කොටසේ සාකච්ඡා වන වාර්තාකරණ ක්‍රියාමාර්ගයන්ගෙන් බැඳී සිටී. මේ සම්බන්ධයෙන් වන නීති තුළ සාමාන්‍යයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සං‍යුතිය, මූලාශ්‍රයන් සහ මූල්‍ය තොරතුරු වාර්තා කිරීම වැනි දේ සම්බන්ධව තොරතුරු ඇතුළත් වේ. තවදුරටත්, ආයෝජනයන් සඳහා මූලිකවම බලපෑම් සිදුවන්නේ වාර්ෂික පදනමකින් මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනා ‘අය වැය ඇස්තමේන්තු’ නම් ප්‍රකාශනයේ වාර්තා වන, පාර්ලිමේන්තුව මගින් සිදුකරනා ප්‍රතිපාදන වෙන් කිරීම් තුළින් වේ. රජයේ මාධ්‍ය වල අය වැය හා මූල්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට තිබුණද, එම තොරතුරු ඉතාමත් තාක්ෂණික වන නිසා පොදු ජනතාවට පහසුවෙන් ග්‍රහණය කරගැනීමට නොහැකි විය හැක. අය වැය පිළිබඳ තොරතුරු, අය වැය කථාවට පෙරාතුව මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කරනා අය වැය ඇස්තමේන්තු තුළ ප්‍රකාශයට පත් වන අතර, ඉන් පසු විගණනය කෙරුණු මූල්‍ය වාර්තාවන් විගණකාධිඔඅතිගේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරේ. (එසේ වුවත් එය යාවත්කාලීන වී නැත)
  • හිමිකාරීත්වය, ආයෝජනයන් හා ආදායම් මූලාශ්‍රයන් පිළිබඳ තොරතුරු සම්බන්ධව ගත් විට, පුද්ගලික මාධ්‍ය ආයතන සාපේක්ෂව අඩු විනිවිදභාවයක් දරයි. සියලුම පුද්ගලික සමාගම්, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (ROC) ලියාපදිංචි විය වීම අවශ්‍ය වන අතර, එනිසා 2007 වසරේ අංක 07 දරණ සමාගම් පනතේ විධිවිධානයන් යටතේ නියාමනය කෙරේ. පුද්ගලික මාධ්‍ය ආයතන සිය අධ්‍යක්ෂකවරුන්ගේ සහ අදාළ මාධ්‍ය සමාගම් වල කොටස්කරුවන්ගේ තොරතුරු සැපයිය යුතු අතර, මෙම තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොටස් රෙජිස්තරයක පවත්වා ගෙන යනු ලැබේ. මෙම තොරතුරු මහජනයාට ලබාගත හැක. මෙම කොටස් රෙජිස්තරය මහජනයාට කියැවීමට හැකියාව තිබුණත්, එය පහසු කරුණක් නොවේ. මන්දයත්, එය තිබෙන්නේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිසාත්, ඒ පිළිබඳ උනන්දු පාර්ශවයන්ට ශ්‍රී ලංකා රුපියල් 1,150 ක (ඇමරිකානු ඩොලර් 6.69 ක) මිලක් ගෙවා එම තොරතුරු ලබාගැනීමට අවසර ගැනීමේ අයැදුමක් කළ යුතු වීම නිසාත් වේ. තවදුරටත්, පුද්ගලික සමාගම් වලට සිය ආයෝජනයන් සහ ආදායම් මූලාශ්‍රයන් අනාවරණය කිරීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් නොවේ.
  • මුද්‍රිත මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ගත් විට විනිවිදභාවය සම්බන්ධයෙන් කුඩා කවුළුවක් තිබෙන්නේ, ශ්‍රී ලංකා පුවත්පත් කවුන්සිලයට (SLPC) වාර්තා කළ යුතු වැඩිමනත් ක්‍රියාපටිපාටියක් පවත්නා බැවිනි. සියලුම පුවත්පත් මගින් තම පුවත්පතේ හිමිකරුවන්ගේ, ප්‍රකාශකයාගේ, කර්තෘවරයාගේ සහ ක්‍රියාකාරී මාධ්‍යවේදීන්ගේ තොරතුරු වාර්ෂික පදනමක් යටතේ [1973 පුවත්පත් කවුන්සිලයේ (පොදු) නීයාමනයන් ප්‍රකාරව] හෙළිදරවු කළ යුතුය. එක් වසරක් තුළ පුවත්පතේ හිමිකරුවාගේ සහ කර්තෘවරයාගේ වෙනස්වීමක් සිදුවන්නේ නම්, එම තනතුරට පත්වී දින 14 ක් ඇතුළත එය වාර්තාගත කළ යුතු අතර, ඔවුන්ගේ නම් අදාළ පුවත්පතේ හිමිකරුවා හෝ කර්තෘවරයා ලෙසින් කවුන්සිලය හා ලියාපදිංචි කළ යුතුය. මෙම තොරතුරු මගින් ඇතැම් විට එම අදාළ පුවත්පත් ප්‍රකාශනයන්ගේ හිමිකාරීත්වය අවබෝධ කර ගැනීමට ක්‍රමයක් සලසා දෙනු ඇත.
  •  සියලුම පොදු ආයතනයන්, 2016 වසරේ සිට ක්‍රියාත්මක වන තොරතුරු දැනගැනීමේ පනතේ (RTI) විධිවිධානයන්ට යටත් වේ. කෙසේ වුවත් ඇතැම් පොදු ආයතනයන්හි, සක්‍රියකාරීව වගකීම ගෙන එම තොරතුරු අනාවරණය කිරීමේ සහ තොරතුරු දැන්ගැනීමේ පනත යටතේ වන ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමේ එක්තරා මට්ටමක අකමැත්තක් දක්නට ඇත. ශ්‍රී ලංකාවේ පොදු ආයතන අතීතයේදී රහසිගතව ක්‍රියාත්මක වීමේ සංස්කෘතියක සිටි බැවින්, මෙය ශ්‍රී ලංකාව තුළ සිදුවිය යුතු පද්ධතිමය වෙනසක් වන අතර, එවැනි ප්‍රතිසංස්කරණයන් සඳහා කාලය සහ හැඩගැසීම අවශ්‍ය කරනු ලබයි.

නියාමනය සහතික කරනා විධිවිධානයන් සඳහා ලකුණු ලබාදීම

20 න් 8 ක් නම් ඉහළ අවදානම (නියාමනය 40%)

 

විනිවිදභාවය සඳහා විධිවිධාන

විස්තරය

ඔව්

නැත

NA

MD

ජාතික නීති තුළ (ජනමාධ්‍ය, සමාගම්, බදු...), මාධ්‍ය සමාගම් වලට තම හිමිකාරීත්ව ව්‍යුහය ඔවුන්ගේ වෙබ් අඩවියේ හෝ පොදුජනයාට ප්‍රවේශය ඇති වාර්තා/ලිපි ලේඛනයන්හි ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය කෙරෙනා විනිවිදභාවය හා අනාවරණය සම්බන්ධ විධිවිධාන තිබේද?

   

මෙම ප්‍රශ්නයේ ඉලක්කය වන්නේ, පුරවැසියා, පරිශීලකයා සහ පොදුවේ මහජනතාව කෙරෙහි විනිවිදභාවය දැක්වීම සඳහා වන නියාමන විධිවිධාන තිබේද යන්න පිරික්සීමයි.

0.5

ජාතික නීති තුළ (ජනමාධ්‍ය, සමාගම්, බදු...), මාධ්‍ය සමාගම් වලට තම හිමිකාරීත්ව ව්‍යුහය (එහි වෙනස් වීම්) පොදු අධිකාරී ආයතනයන්ට (මාධ්‍ය අධිකාරිය වැනි) වාර්තා කිරීම අනිවාර්ය කෙරෙනා විනිවිදභාවය හා අනාවරණය සම්බන්ධ විධිවිධාන තිබේද?

මෙම ප්‍රශ්නය ඇසීමේ ඉලක්කය වන්නේ, පොදු අධිකාරීන් වෙත වගවීම සහ විනිවිදභාවය සඳහා නියාමනය සහතික කරනා විධිවිධාන තිබේද යන්න පිරික්සීමයි.

0.5

හිමිකාරීත්ව ව්‍යුහයේ සෑම සියලු වෙනස් වීමකින්ම පසුව එම අදාළ තොරතුරු හෙළිදරවු කිරීම සඳහා වන බැඳීමක් ජාතික නීතියෙන් ලබාදී තිබේද?

මෙම ප්‍රශ්නය ඇසීමේ ඉලක්කය වන්නේ, මාධ්‍ය හිමිකාරීත්වය සම්බන්ධව නිවැරදි සහ යාවත්කාලීන වූ තොරතුරු පොදුජනයාට දැනගැනීමට තිබීම සඳහා නීතිය මගින් නීති රෙගුලාසි පනවා ඇතිද යන්න තක්සේරු කිරීමයි. මෙය සඵලදායී විනිවිදභාවය සඳහා වන කොන්දේසියකි.

 0.5

මෙම හෙළිදරවු කිරීමට වන බැඳියාවන්ට ගරු නොකරන අවස්ථාවකදී පැනවිය හැකි කුමක් හෝ දඬුවම් සම්බාධක තිබෙන්නේද?

මෙම ප්‍රශ්නය ඉලක්ක කොට ගන්නේ, දඬුවම් සම්බාධක උපයෝගී කරගැනීම ඔස්සේ මාධ්‍ය හිමිකාරීත්ව විනිවිදභාවය පිළිබඳ නීතිය බලාත්මක කිරීමට හැකි වන්නේද යන්න තක්සේරු කිරීමයි.

 

0

මෙම බැඳියාවන් මගින්, මහජනතාවට මාධ්‍ය ආයතනයක හිමිකාරීත්වය හෝ පාලනය සඵලකාරීව අත ඇත්තේ කුමන නීත්‍යානුකූල සමාගමකටද හෝ තනි පුද්ගලයෙකුටද යන්න දැනගැනීමට හැකියාව ඇතැයි සහතික කරන්නේද?

මෙම ප්‍රශ්නයේ ඉලක්කය වන්නේ, මාධ්‍ය හිමිකාරීත්ව විනිවිදභාවය හා කටයුතු කරන නීති වල ඵලදායීත්වය සහ මාධ්‍යයන්හි සැබෑ හිමිකරුවන් අනාවරණය කිරීමෙහි ලා ඒවා සාර්ථක වන්නේද යන්න තක්සේරු කිරීමයි.

අවම අවදානම: සියලුම සඵලකාරී හිමිකරුවන් පොදුජනතාව දනී.

මධ්‍යම අවදානම: ඇතැම් හිමිකරුවන්ව තවමත් නොදනී

0.5

ඉහළ අවදානම: සඵලකාරී හිමිකරුවන් තවමත් සැඟව සිටී



 

 

Ceylon Broadcasting Corporation Act, No. 37 of 1966 Accessed on 22 October 2018
Sri Lanka Rupavahini Corporation Act, No. 6 of 1982 Accessed on 22 October 2018
Associated Newspapers Of Ceylon Limited, Act No. 35 of 1981 Accessed on 22 October 2018
Regulation 6 of Gazette No. 63/5 of 12th June 1973 – Press Council (General) Regulations Accessed on 22 October 2018
Legal Assessment

(දේශපාලනික) ජනමාධ්‍ය සහ බෙදාහැරීම් ජාලයන් කෙරෙහි පාලනය

ප්‍රතිඵලය: ඉහළ අවදානම

මෙම දර්ශකය මගින් තක්සේරු කෙරෙන්නේ, ජනමාධ්‍ය සහ බෙදාහැරීමේ ජාලයන් හි දේශපාලන සම්බන්ධකම සහ දේශපාලන බලය ඇත්තන් අතට පාලනය ලැබීමේ අවදානමයි. එසේම දේශපාලනිකව සම්බන්ධ වූ මාධ්‍ය බෙදාහැරීම් ජාලයන් ඔස්සේ සිදුවන වෙනස් කොට සැලකීමේ මට්ටම තක්සේරු කිරීමද එයින් සිදුවේ. මෙම වෙනස් කොට සැලකීමේ ක්‍රියාවන්ට උදාහරණ ලෙසින්, අවාසිදායක මිල ගණන් සඳහන් කිරීම, බෙදාහැරීම් ජාලයට ප්‍රවේශ වීම සඳහා මාධ්‍යයන්ට බාධක ඇති කිරීම ඇතුළු තවත් දේ ගත හැක. දේශපාලන සම්බන්ධතා යනුවෙන් අදහස් වන්නේ, අදාළ ජනමාධ්‍ය චැනලය/ප්‍රකාශනය/වෙබ් අඩවිය හෝ සමාගම දේශපාලන පක්ෂයකට, පාක්ෂික කණ්ඩායමකට, පක්ෂ නායකයෙකුට හෝ පැහැදිලිවම පාක්ෂික පුද්ගලයෙකුට අයත් වීමයි.

මන්ද?

ඉහළම අවදානම ඇත්තේ, දේශපාලන සම්බන්ධතා සහිත හිමිකරුවන් වෙත පාඨක ප්‍රතිශතයෙන් 79.4% ක් හිමි මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයයි. 54.8% ක ප්‍රේක්ෂක ප්‍රතිශතයක් සහිත දන්නා දේශපාලන සම්බන්ධතා ඇති හිමිකරුවන් සිටිනා රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයද ඉහළ අවදානමක් පෙන්වයි. ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රයේ දේශපාලන සම්බන්ධතා සහිත හිමිකරුවන් හට හිමි ශ්‍රාවක ප්‍රතිශතය 45.59% ක් වන බැවින් අවදානම මධ්‍යම වේ. කෙසේ වුවත් මුද්‍රිත මාධ්‍ය බෙදාහැරීම් ජාලයන්හි පාලනය දේශපාලනික වීමේ අවදානම අඩු අගයක් ලෙසින් තක්සේරුගත වී ඇති අතර, රූපවාහිනී සහ ගුවන් විදුලි බෙදාහැරීම් ජාලයන්හි දේශපාලනික පාලන බලයක් පැවතීමේ අවදානම ඉහළ අගයක් ලෙසින් තක්සේරුගත වී ඇත. එයට හේතුව වන්නේ, පසුව කී ක්ෂේත්‍රයන් විධායක බලය වෙත ඇති සමීපත්වය සහ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාපටිපාටීන් ඉතාමත් අඩු වශයෙන් ස්වාධීන වීම හා  අඩු විනිවිදභාවයකින් යුතු වීමයි.

දේශපාලනය සහ ජනමාධ්‍ය අතර බෙදුම් රේඛාව සෑමවිටම අනාවරණය වන සුළු නොවේ. බැඳියා පිළිගැටුම් මෙහිදී සාමාන්‍ය දෙයකි. ශ්‍රී ලංකාවේ නීති මගින්, දේශපාලන ධූරයන් දරනා අයවලුන් මාධ්‍ය හිමිකාරීත්වය ඇතිව සිටීම තහනම් නොකරයි. එසේම මාධ්‍ය ආයතනයක් ලියාපදිංචි කරනා හිමිකරුවෙකුට සිය දේශපාලන සම්බන්ධකම් අනාවරණය කිරීම අනිවාර්‍ය කිරීමද නීතියෙන් ඉටු නොවේ. අනෙක් රටවල මෙන්ම බලකාර හිමිකරුවන් -බොහෝ විට පවුලේ අයවලුන් හෝ සමීප ඥාතීන්- ඔස්සේ මාධ්‍ය සහ අනෙක් ව්‍යාපාර කෙරෙහි සිය බලපෑම පැතිරවීම මෙහිදීද සිදුවේ. පවතින වාතාවරණය තුළ ව්‍යාපාරයන් බංකොලොත් නොවී පැවතීම වෙනුවෙන් හෝ යම් ආදායමක් ඉපයීම වෙනුවෙන්, මාධ්‍ය හිමිකරුවන් දේශපාලන බලය දරන්නවුන් හා සමීප සම්බන්ධතා පැවැත්වීම ධෛර්‍යවත් කෙරෙන අතර, බොහෝ විට එහි අරුත වන්නේ සමාජ-ආර්ථික හෝ දේශපාලන කරුණු වලදී අපක්ෂපාතී ආවරණයක් සිදුකිරීම බිල්ලට දීම විය හැක. ජනමාධ්‍ය යනු, දේශපාලනයේ හෝ ව්‍යාපාරික ලෝකයේ ප්‍රභූන් හට තම බලපෑම පුළුල් කිරීම සඳහා වාසිදායක මෙවලමක් වන අතර මේවා සෑමවිටම සනාථ කළ හැකි සාක්ෂ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ සොයාගැනීමට හැකි නොවේ. මෙහි ඇතැම් කාණ්ඩයන් -උදාහරණ ලෙසින් දක්වන්නේ නම් දේශපාලනික ධූරයන් දරනා අයවලුන් විසින් සෘජුව හෝ වක්‍රාකාරීව ජනමාධ්‍ය පාලනය කිරීම-  දේශපාලන සම්බන්ධතා යන්න නිර්වචනය කිරීම සඳහා භාවිතා වී ඇත. කෙසේ වුවත් මේවායින් පෙන්වා දෙන්නේ, පොදුවේ ජනමාධ්‍ය සහ ව්‍යාපාර දේශපාලනය සමගින් සම්බන්ධ වන්නේ කෙසේද යන කරුණින් ඉතා කුඩා කොටසක් පමණි.

ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් දේශපාලනය සහ ජනමාධ්‍ය අතර සම්බන්ධතාවය බොහෝ විට සෘජු හිමිකාරීත්වය ඔස්සේ සෘජු පාලනය ලෙසින් පවතින්නේ, මෙය වළක්වන කිසිදු නියාමනයක් නොමැති බැවිනි. කෙසේ වුවත් සෑමවිටකම මෙය මෙසේ සිදු නොවේ. සැළකිය යුතු පරිද්දෙන්, දේශපාලනික පාලනය අතරමැදියන් -එනම් මාධ්‍ය ආයතනයන්හි කොටස් හිමිකාරීත්වය දරනා පවුලේ ලඟම අයවලුන්- ඔස්සේ ස්ථාපනය කළ හැක. අපගේ විමර්ශණයට ලක්වූ මාධ්‍ය හිමිකරුවන් 23 දෙනෙකුගෙන් 8 දෙනෙකු හට සැවොම දන්නා දේශපාලන සම්බන්ධතා තිබිණි. එනිසා මේ ඔස්සේ දේශපාලනිකව සම්බන්ධතා ඇති අයවලුන් විසින් ජනමාධ්‍ය සිය දේශපාලන අභිමතාර්ථයන් සඳහා යොදාගැනීමේ අවදානමක් තිබේ. කෙසේ වුවත් යම් ජනමාධ්‍යයක දේශපාලන සම්බන්ධතාවය, එහි අන්තර්ගතය වෙත බලපෑම් නොකරන අවස්ථාවන්ද තිබේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, වත්මන් අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ හා සමීප පවුලෙ සම්බන්ධතාවයක් ඇති විජේවර්ධන පවුලට අයත් ඩේලි මිරර් පුවත්පත, යම් යම් අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව සිය විවේචනයන් ප්‍රකාශයට පත් කොට ඇත. එනිසා දේශපාලන සබැඳියාවන් මාධ්‍ය ආවරණය වෙත බලපෑම් කරනා දුර පරාසය, අනතර්ගතයන් විශ්ලේෂණය ඔස්සේ ගවේශණය කළ යුතුව පවතී.

වැඩිදුර තොරතුරු සඳහා කියවන්න: පරදුව විශාල වන විට, හඬද ප්‍රබල වේද?'

මාධ්‍ය හිමිකරුවන්ගේ දේශපාලන සබඳතා:

  •  රේනෝ සිල්වා (හිරු ටීවී, හිරු එෆ් එම්, ෂා එෆ් එම්, ගෝල්ඩ් එෆ් එම්, සන් එෆ් එම්, සූරියන් එෆ් එම්) – ශ්‍රී ලංකාවේ විශාලතම ගුවන් විදුලි ජාලය ලෙසින් සැලකෙන සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (පුද්) සමාගමේ සභාපති ලෙසින් ඔහු කටයුතු කරයි. ඔහුගේ සොයුරු දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය වෙනුවෙන් මරණ දණ්ඩනයට නියමව සිටී.
  •   වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ (දෙරණ ටීවී, දෙරණ එෆ් එම්, අද දෙරණ) – ඇයගේ පියා වන සරත් අමුණුගම වර්තමානයේදී විද්‍යාව, තාක්ෂණ, පර්යේෂණ, නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසින් කටයුතු කරයි.
  •  විජේවර්ධන පවුල (විජය පුවත්පත්) – විජය පුවත්පත් සමාගමේ සභාපතිවරයා වන රංජිත් විජේවර්ධන, වර්තමාන අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ (UNP) නායකයා වන රනිල් වික්‍රමසිංහගේ මාමා වේ. එලෙසින්ම රංජිත් විජේවර්ධනගේ පුත්‍රයා වන රුවන් විජේවර්ධන, වර්තමාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙසින් සේවය කරයි.
  • වෙල්ගම පවුල (උපාලි පුවත්පත්) – සමාගමේ කොටස් 90.52% ක ප්‍රතිශතයක් හිමිකරගෙන සිටිනා ලක්මිණි වෙල්ගම හා විවාහ වී සිටිනා නිමල් වෙල්ගම, සීමාසහිත උපාලි පුවත්පත් (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරන අතර, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ සහෝදරයාද වේ.
  •  අලස් පවුල (සිලෝන් නිව්ස්පේපර්ස්) –සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් (පුද්) සමාගමේ ආරම්භකයා සහ සභාපතිවරයා ටිරාන් අලස් වේ. ඔහු සමාගමේ පුද්ගලික කොටස් 49.99% ක් හිමිකරගෙන සිටී. ටිරාන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නියෝජනය කළ (DNA) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වේ.
  • සුමතිපාල පවුල (ලක්බිම) – ලක්බිම පුවත්පත් සමාගම සුමතිපාල පවුලේ හිමිකාරීත්වය හා පාලනය යටතේ පවතී. තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු 1994 වසරේදී සීමාසහිත සුමති පුවත්පත් (පුද්) සමාගම ආරම්භ කළ අතර, පසුව 2008 දී එය සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්) සමාගම ලෙසින් නැවත නම් කෙරිණි. එතැන් සිට ඔහු සිය දේශපාලන වෘත්තියේ තවදුරටත් නියැළීම වෙනුවෙන් සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් විණි.  
  • සරවනපවන් පවුල (උදයන්) - ඊස්වරපදම් සරවනපවන් නැතිනම් ඊ.සරවනපවන් යනු සීමාසහිත නව උදයන් ප්‍රකාශන (පුද්) සමාගමේ ආරම්භක සභාපතිවරයායි. එසේම ඔහු ඉලංකෛ තමිල් අරසු කච්චි (ITAK) නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වේ.
  • රජය (ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC), ස්වාධීන රූපවාහිනී ජාලය (ITN), ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC), ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL)) – මෙම ආයතන සියල්ලම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පැමිණේ. ඊට අනුකූලව වර්තමාන ව්‍යුහය මගින් මෙම ආයතන වල -විශේෂයෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව වැනි නියාමන ආයතනයන් සඳහා පවා-   අධ්‍යක්ෂවරුන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ  අත්‍යන්ත බලය අමාත්‍යාංශයට පවරා දේ. මේ එක් එක් ආයතනයන්හි පනත් යටතේ සිදුකරනා පත්වීම් සඳහා සුදුසුකම් හා උපමානයන් පිළිබඳව විශේෂ විස්තර කිරීම් නොමැති වන නිසා, එම පත්වීම් දේශපාලනීකරණය වීමට ඉඩ ඇත.

මාධ්‍ය හිමිකරුවන්

රූපවාහිනී ප්‍රේක්ෂක ප්‍රතිශතය

ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රතිශතය

මුද්‍රිත මාධ්‍ය පාඨක ප්‍රතිශතය

රේනෝ සිල්වා

18.1%: හිරු ටීවී (18.1%)

24.72%: හිරු එෆ් එම් (10.31%), සූරියන් එෆ් එම් (9.47%), ෂා එෆ් එම් (3.93%), ගෝල්ඩ් එෆ් එම් (0.69%), සන් එෆ් එම් (0.32%)

වරුණි අමුණුගම ෆර්නැන්ඩෝ

19.8%: ටීවී දෙරණ (19.5%), අද දෙරණ 24/7 (0.3%)

14.31%: එෆ් එම් දෙරණ (14.31%)

විජේවර්ධන පවුල

47.18%: ඉරිදා ලංකාදීප (27.15%), ලංකාදීප (5.26%), විජය (5.95%) සිරිකත (3.47%), සන්ඩේ ටයිම්ස් (1.27%), අද (1.19%), විජේයි (1.03%), ඩේලි මිරර් (0.55%), ඩේලි එෆ් ටී (0.08%), වීක්එන්ඩ් එෆ් ටී (0.14%), තරුණයා (0.31%) ඉරිදා දේශය (0.22%), ටැමිල් මිරර් (0.17%), පරිගණක (0.23%), LW (0.07%), GO (0.05%), Hi! (0.02%), ඊසි ගයිඩ් (0.02%)

වෙල්ගම පවුල

10%:Divaina Sunday (6.88%), Divaina Daily (1.25%), Sunday Island (0.57%), The අයිලන්ඩ් (0.13%), නවලිය (0.27%), විදුසර (0.90%)

අලස් පවුල

8.44%: ඉරිදා මවුබිම (7.09%), දිනපතා මවුබිම (0.87%), සිලෝන් ටුඩේ ඉරිදා සංස්කරණය (0.37%), සිලෝන් ටුඩේ (0.11%)

සුමතිපාල පවුල

2.7%: ලක්බිම (2.56%), රැජිණ (0.14%)

සරවනපවන් පවුල

1.25%: උදයන් (1.01%), සුඩර් ඔලි ඉරිදා සංස්කරණය (0.13%), සුඩර් ඔලි දිනපතා (0.11%)

රජය

16.9%: ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හා ITN: රූපවාහිනී (4.3%), අයි/නේත්‍රා (3.2%), ITN (7%),වසන්තම් ටීවී (2.4%) 

6.56%: සිටි එෆ් එම් (0.20%), ජාතික සේවය(1.31%), ජාතික වෙළඳ සේවය (0.63%), රේඩියෝ ශ්‍රී ලංකා (0.12%), විදුල (0.01%), යාල් එෆ් එම් (0.00%), ‍රජරට (0.09%), රුහුණ (0.14%), ඌව (0.05%), වයඹ (0.01%), කඳුරට (0.1%), තේන්ඩ්‍රාල් (0.41%), පිරෙයි (0.03%), තේසියා (1.62%), ITN FM (0.48%), වසන්තම් එෆ් එම් (1.36%)

9.83%: ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) – සන්ඩේ ඔබ්සර්වර් (2.18%), සිළුමිණ (1.92%), දිනමිණ (0.73%), තරුණී (1.71%), ඩේලි නිව්ස් (0.57%), තිනකරන් (0.27%), තිනකරන් වාරමංජරී (0.36%), ආරෝග්‍යා (0.11%), සරසවිය (0.17%), බුදුසරණ (0.89%), මන්චු (0.31%), Subasetha (0.21%), සිත්මිණ (0.14%), මිතුරු (0.17%), වාන්නා වානවිල් (0.09%)

සමස්තය

54.8%

45.59%

79.4%

අවම

මධ්‍යම

ඉහළ

ජනමාධ්‍යයන් දේශපාලනීකරණය වීම    

දේශපාලනිකව සම්බන්ධකම් ඇති අයවලුන්/ආයතනයන් වෙත හිමිකාරීත්වය ඇති රූපවාහිනී මාධ්‍ය ප්‍රතිශතය කුමක්ද?

ප්‍රතිශතය: 54.8%

30% කට අඩු ප්‍රේක්ෂක ප්‍රතිශතයක් සහිත මාධ්‍යයක අයිතිය (පාලනය), විශේෂිත දේශපාලන පක්ෂකයකට, දේශපාලඥයෙකුට හෝ දේශපාලන කණ්ඩායමකට, නැතිනම් විශේෂිත දේශපාලන සම්බන්ධතාවයක් සහිත හිමිකරුවෙකුට ඇත්තේ නම්.    

30% කට වැඩි, 50% කට අඩු ප්‍රේක්ෂක ප්‍රතිශතයක් සහිත මාධ්‍යයක අයිතිය (පාලනය), විශේෂිත දේශපාලන පක්ෂකයකට, දේශපාලඥයෙකුට හෝ දේශපාලන කණ්ඩායමකට, නැතිනම් විශේෂිත දේශපාලන සම්බන්ධතාවයක් සහිත හිමිකරුවෙකුට ඇත්තේ නම්.

50% කට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිශතයක් සහිත මාධ්‍යයක අයිතිය (පාලනය), විශේෂිත දේශපාලන පක්ෂකයකට, දේශපාලඥයෙකුට හෝ දේශපාලන කණ්ඩායමකට, නැතිනම් විශේෂිත දේශපාලන සම්බන්ධතාවයක් සහිත හිමිකරුවෙකුට ඇත්තේ නම්.

දේශපාලනිකව සම්බන්ධකම් ඇති අයවලුන්/ආයතනයන් වෙත හිමිකාරීත්වය ඇති ගුවන්විදුලි චැනලයන්ගේ ප්‍රතිශතය කුමක්ද?

ප්‍රතිශතය: 45.59%

30% කට අඩු ශ්‍රාවක ප්‍රතිශතයක් සහිත මාධ්‍යයක අයිතිය (පාලනය), විශේෂිත දේශපාලන පක්ෂකයකට, දේශපාලඥයෙකුට හෝ දේශපාලන කණ්ඩායමකට, නැතිනම් විශේෂිත දේශපාලන සම්බන්ධතාවයක් සහිත හිමිකරුවෙකුට ඇත්තේ නම්.

30% කට වැඩි, 50% කට අඩු ශ්‍රාවක ප්‍රතිශතයක් සහිත මාධ්‍යයක අයිතිය (පාලනය), විශේෂිත දේශපාලන පක්ෂකයකට, දේශපාලඥයෙකුට හෝ දේශපාලන කණ්ඩායමකට, නැතිනම් විශේෂිත දේශපාලන සම්බන්ධතාවයක් සහිත හිමිකරුවෙකුට ඇත්තේ නම්.

50% කට වැඩි ශ්‍රාවක ප්‍රතිශතයක් සහිත මාධ්‍යයක අයිතිය (පාලනය), විශේෂිත දේශපාලන පක්ෂකයකට, දේශපාලඥයෙකුට හෝ දේශපාලන කණ්ඩායමකට, නැතිනම් විශේෂිත දේශපාලන සම්බන්ධතාවයක් සහිත හිමිකරුවෙකුට ඇත්තේ නම්.

දේශපාලනිකව සම්බන්ධකම් ඇති අයවලුන්/ආයතනයන් වෙත හිමිකාරීත්වය ඇති පුවත්පත් ප්‍රතිශතය කුමක්ද?

ප්‍රතිශතය: 79.4%

30% කට අඩු පාඨක ප්‍රතිශතයක් සහිත මාධ්‍යයක අයිතිය (පාලනය), විශේෂිත දේශපාලන පක්ෂකයකට, දේශපාලඥයෙකුට හෝ දේශපාලන කණ්ඩායමකට, නැතිනම් විශේෂිත දේශපාලන සම්බන්ධතාවයක් සහිත හිමිකරුවෙකුට ඇත්තේ නම්. 

30% කට වැඩි, 50% කට අඩු පාඨක ප්‍රතිශතයක් සහිත මාධ්‍යයක අයිතිය (පාලනය), විශේෂිත දේශපාලන පක්ෂකයකට, දේශපාලඥයෙකුට හෝ දේශපාලන කණ්ඩායමකට, නැතිනම් විශේෂිත දේශපාලන සම්බන්ධතාවයක් සහිත හිමිකරුවෙකුට ඇත්තේ නම්.

50% කට වැඩි පාඨක ප්‍රතිශතයක් සහිත මාධ්‍යයක අයිතිය (පාලනය), විශේෂිත දේශපාලන පක්ෂකයකට, දේශපාලඥයෙකුට හෝ දේශපාලන කණ්ඩායමකට, නැතිනම් විශේෂිත දේශපාලන සම්බන්ධතාවයක් සහිත හිමිකරුවෙකුට ඇත්තේ නම්.

මාධ්‍ය බෙදාහැරීම් ජාලයන් වෙත දේශපාලනික බලපෑම

ජනමාධ්‍ය චැනලයන්/ප්‍රකාශනයන්/අඩවි සහ බෙදාහැරීම් ජාලයන් වෙත වන (දේශපාලනික) බලපෑමේ සමස්ත මට්ටම, ජනමාධ්‍ය බහුත්වවාදය සඳහා ඉහළ අවදානමක් එල්ල කරනා ලෙසට තක්සේරු කොට ඇත. ප්‍රධානතම බෙදාහැරීම් ජාලයක් යන්න, ජාතික වෙළෙඳපොළෙන් 15% කට වඩා ප්‍රමාණයක් ආවරණය කරනා ජාලයක් ලෙසින් නිර්වචනය කොට ඇත.

ප්‍රතිඵලය: ඉහළ අවදානම

මන්ද?

මුද්‍රිත මාධ්‍යයන් සඳහා වන බෙදාහැරීම් ජාලය, වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවත්නා, රට පුරා විසිරි ස්වාධීන පුවත්පත් නියෝජිතායතන (සහ උප නියෝජිතායතන) ගණනාවකින් නිර්මිතව ඇත. මෙම නියෝජිතායතන එක් පුවත්පත් ප්‍රකාශනයකට පමණක් විශේෂීකරණය වී නැති අතර, ඒ වෙනුවට මෙම නියෝජිතායතන කොමිස් හෝ ග්‍රාහක මුදල් පදනම යටතේ ක්‍රියාත්මක වෙමින්, සියලුම පුවත්පත් ආයතනයන් අතර හවුලේ පවතී. ගුවන් විදුලි සහ රූපවාහිනී ජාලයන්ගේ බෙදාහැරීම රඳා පවතින්නේ , රජයේ ආයතනයක් වන විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) මගින් වෙන් කොට දෙන සං‍ඛ්‍යාතයන් මත වේ. කොමිසමේ ධූරයන් සඳහා දේශපාලනීකරණය වූ පත්වීම් සිදුකිරීම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසම විවේචනයන්ට මුහුන දී ඇත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, කොමිසමේ වර්තමාන සභාපතිවරයා වන උදය සෙනෙවිරත්න ජනාධිපති ලේකම් ලෙසින්ද සේවය කරයි. එසේම කොමිසම මගින් ඊට ඉහළින් පැමිණෙන අණ මත විකාශනයන් අත්හිටුවීමට, වෙබ් අඩවි අවහිර කිරීමට සහ බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කොට ඇති බවටද වාර්තා වේ.

අවම

මධ්‍යම

ඉහළ

මුද්‍රිත මාධ්‍ය සඳහා වූ  ප්‍රධානතම බෙදාහැරීම් ජාලයන්ගේ හැසිරීම ඔබ තක්සේරු කරන්නේ කෙසේද?

ප්‍රධානතම බෙදාහැරීම් ජාලයන්හි දේශපාලනික සම්බන්ධතා නොමැති හෝ වෙනස් කොට සැලකීම් නොකරන.    

අඩු තරමින් ප්‍රධානතම බෙදාහැරීම් ජාලයන්ගෙන් එකක් හෝ දේශපාලනිකව සම්බන්ධ වී ඇති හෝ ඇතැම් විට වෙනස් කොට සැලකිම් සිදුකරන.

සියලුම ප්‍රධානතම බෙදාහැරීම් ජාලයන් දේශපාලනිකව සම්බන්ධතා තිබෙන සහ නැවත නැවතත් වෙනස් කොට සැලකීම් සිදුකරනා බවට වාර්තාගත වන   

ප්‍රධානතම ගුවන් විදුලි මාධ්‍ය බෙදාහැරීම් ජාලයන්ගේ හැසිරීම ඔබ තක්සේරු කරන්නේ කෙසේද?

ප්‍රධානතම බෙදාහැරීම් ජාලයන්හි දේශපාලනික සම්බන්ධතා නොමැති හෝ වෙනස් කොට සැලකීම් නොකරන.    

අඩු තරමින් ප්‍රධානතම බෙදාහැරීම් ජාලයන්ගෙන් එකක් හෝ දේශපාලනිකව සම්බන්ධ වී ඇති හෝ ඇතැම් විට වෙනස් කොට සැලකිම් සිදුකරන.  

සියලුම ප්‍රධානතම බෙදාහැරීම් ජාලයන් දේශපාලනිකව සම්බන්ධතා තිබෙන සහ නැවත නැවතත් වෙනස් කොට සැලකීම් සිදුකරනා බවට වාර්තාගත වන   

ප්‍රධානතම රූපවාහිනී මාධ්‍ය බෙදාහැරීම් ජාලයන්ගේ හැසිරීම ඔබ තක්සේරු කරන්නේ කෙසේද?

ප්‍රධානතම බෙදාහැරීම් ජාලයන්හි දේශපාලනික සම්බන්ධතා නොමැති හෝ වෙනස් කොට සැලකීම් නොකරන.    

අඩු තරමින් ප්‍රධානතම බෙදාහැරීම් ජාලයන්ගෙන් එකක් හෝ දේශපාලනිකව සම්බන්ධ වී ඇති හෝ ඇතැම් විට වෙනස් කොට සැලකිම් සිදුකරන.   

සියලුම ප්‍රධානතම බෙදාහැරීම් ජාලයන් දේශපාලනිකව සම්බන්ධතා තිබෙන සහ නැවත නැවතත් වෙනස් කොට සැලකීම් සිදුකරනා බවට වාර්තාගත වන   

 

 

Radio listenership data: RAP (Jan-Nov) 2017 Kantar LMRB
TV viewership data: PMS 2017 Kantar LMRB
Print readership data: NDMS Sri Lanka (Sep-Dec) 2017 Kantar LMRB

මාධ්‍ය ප්‍රතිපාදන කෙරෙහි (දේශපාලන) බලපෑම

ප්‍රතිඵලය: ඉහළ අවදානම

මෙම දර්ශකය මගින් තක්සේරු කෙරෙන්නේ, මාධ්‍ය වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය කෙරෙහි රජයේ බලපෑම -විශේෂයෙන්ම රජයේ වෙළෙඳ දැන්වීම් බෙදීයාම තුළ වෙනස් කොට සැලකීම් සිදුවීමේ අවධානම- කෙරෙහි අවධානය යොමු කිරීමයි. මෙම වෙනස් ලෙසින් සැලකීම යන්න, රජයේ දේශපාලන පක්ෂ හෝ දේශපාලන පක්ෂයන්ට ඇති සම්බන්ධකම් වලට අනිසි පක්ෂග්‍රාහීත්වයක් දැක්වීම නැතිනම් රජය විවේචනය කරනා මාධ්‍ය වෙත දඬුවම් පැමිණවීම මගින් පිළිබිඹු විය හැක. රජයේ වෙළඳ දැන්වීම් යන්න අර්ථ නිරූපණය කළ යුත්තේ, ඕනෑම පාලන යන්ත්‍රයක් (ජාතික, පළාත්, ප්‍රාදේශීය) සහ රජයට අයත් ආයතන සහ සමාගම් මගින් මුදල් ගෙවනු ලබන ඕනෑම වෙළඳ දැන්වීමක් ලෙසිනි.

මන්ද?

බෙදාහැරීම් සංඛ්‍යා මත පදනම්ව රජයේ වෙළෙඳ දැන්වීම් සමානව බෙදී යන බව සහතික කිරීමට නීති රීති හෝ මගපෙන්වීම් නොමැති අතර, රජයේ වෙළඳ දැන්වීම් බෙදී යාම අධීක්ෂණය සඳහා වන කිසිදු යාන්ත්‍රණයක්ද නොමැත. ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යාලය මගින් 2016 දී මහජන විශ්වාසය නැවත ගොඩනැංවීම: ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තය හා වෘත්තිය යන මැයෙන් ප්‍රකාශයට පත් කළ වාර්තාවට අනුව,  මාධ්‍ය ක්ෂේත්‍රයේ සමස්ත වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් රජයේ වෙළඳ දැන්වීම් ලෙසින් ගණන් ගැනීමට හැක. කෙසේ වුවත් මෙම සංඛ්‍යාව වසරින් වසරට වෙනස් විය හැක. මෙම වාර්තාව මගින් දැක්වෙන්නේ, රජයට අයත් මුද්‍රිත මාධ්‍ය සහ විකාශන සමාගම් සමගින් වන වෙළෙඳ දැන්වීම් අනුග්‍රාහකත්වය ගත් විට එම මාධ්‍යයන්හි බෙදාහැරීම් ප්‍රමාණය හෝ ප්‍රේක්ෂක/ශ්‍රාවක/පාඨක අනුපාතයන් නොසලකා, ඒවාට අනිවාර්‍ය රජයේ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක් ලැබීම ඔස්සේ, ක්ෂේත්‍රයේ අනෙකුත් මාධ්‍ය වෙත වෙනස්කොට සැලකීමක් රාජ්‍යය මගින් සිදුවන බවයි.

තවදුරටත් අනුප්‍රාප්තික රජයන් මගින් පුද්ගලිකව හිමි මාධ්‍යයන්ට බලපෑම් සිදුකිරීම්ද රජයේ වෙළෙඳ දැන්වීම් යොදාගැනීම පිළිබඳ සැලකිලිමත් වීම් ඇත. ඒ රජයේ වෙළෙඳ දැන්වීම් නවතා දමන බවට තර්ජනය කිරීම හරහායි (නෛතික ඇගයුම බලන්න). එසේම ඇතැම් විට දේශපාලඥයින් විසින් රජයේ කාර්‍යාංශයන් වෙත වෙන් කළ පොදු ප්‍රතිපාදනයන්, තමන්ගේ දේශපාලන ව්‍යාපාරයන් ප්‍රචාරය කිරීමට හෝ අනෙකුන්ට වෙනස් ලෙසින් සැලකීමට යොදාගන්නා අවස්ථාවන්ද තිබේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිවුවෙනි වාර්තාව මගින් හෙළිදරවු වූයේ, 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුරේදී යම් කිසි ජනාධිපති අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙළගස්වා තිබූ මැතිවරණ වෙළඳ දැන්වීම් ප්‍රමාණයට වඩා වැඩියෙන් වෙළඳ දැන්වීම් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කෙරුණු බවයි.  තවදුරටත්, එම ජනාධිපතිවරණයට පෙනී සිටි එක් අපේක්ෂකයෙකුගෙන් අය කළ මුදල මෙන් දෙගුණයක මුදලක්, ස්වාධීන රූපවාහිනිය මගින් අනෙක් අපේක්ෂකයාගෙන් අය කොට තිබිණි.

සමස්තයක් ලෙසින් ගත් විට, වෙළෙඳපොළේ රජයේ වෙළෙඳ දැන්වීම් බෙදීයාම හෝ එහි නියාමන අවශ්‍යතා සනාථ කිරීමට දත්ත නොමැතිවීම හෝ විනිවිදභාවය නොමැති වීම තුළින්, ජනමාධ්‍ය වෙළෙඳපොළේ රාජ්‍ය ප්‍රතිපාදනවල බලපෑම මත ඉහළ අවදානමක් නිර්මාණය වේ.

 

අවම

මධ්‍යම

ඉහළ

ප්‍රේක්ෂක/ශ්‍රාවක/පාඨක ප්‍රතිශත කොටසට සමානුපාතික ලෙසින් රජයේ වෙළෙඳ දැන්වීම් බෙදී ගොස් තිබේද? දත්ත නොමැත

ජනමාධ්‍යයන්හි ප්‍රේක්ෂක/ශ්‍රාවක/පාඨක ප්‍රතිශත කොටසට සාපේක්ෂ සමානුපාතික බවකින් යුතුව රජයේ වෙළෙඳ දැන්වීම් මාධ්‍ය වෙත බෙදී ගොස් ඇත.

ජනමාධ්‍යයන්හි ප්‍රේක්ෂක/ශ්‍රාවක/පාඨක ප්‍රතිශත කොටසට සාපේක්ෂ සමානුපාතික බවකින් තොරව රජයේ වෙළෙඳ දැන්වීම් මාධ්‍ය වෙත බෙදී ගොස් ඇත.

රටේ සියලුම ප්‍රධාන මාධ්‍ය චැනලයන්/ප්‍රකාශනයන් නියෝජනය නොකෙරෙන මාධ්‍ය චැනලයන්/ප්‍රකාශනයන් කිහිපයක් වෙත පමණක් විශේෂයෙන් රජයේ වෙළෙඳ දැන්වීම් බෙදී ගොස් ඇත.

රජයේ වෙළඳ දැන්වීම් බෙදී යෑම සම්බන්ධව ඇති නීති රීති ඔබ තක්සේරු කරන්නේ කෙසේද?

මාධ්‍යයන් වෙත රජයේ වෙළෙඳ දැන්වීම් බෙදී යන්නේ, විනිවිද භාවයකින් යුතු නීති රීති පාදක කරගනිමිනි.

මාධ්‍යයන් වෙත රජයේ වෙළෙඳ දැන්වීම් බෙදී ගොස් ඇත්තේ නීති රීති පද්ධතියක් පාදක කරගනිමින් වුවත්, ඒවා විනිවිදභාවයකින් යුක්ත වේද යන්න පැහැදිලි නැත.

මාධ්‍යයන් වෙත රජයේ වෙළෙඳ දැන්වීම් බෙදී යෑම සම්බන්ධයෙන් කිසිමාකාරයක නීති රීති නොමැත.

රජයේ වෙළෙඳ දැන්වීම් වල වැදගත්කම

සමස්ත රූපවාහිනී/ගුවන් විදුලි/මුද්‍රිත/ඔන්ලයින් අඩවි වෙළෙඳ දැන්වීම් වෙළෙඳපොළෙන් රජයේ වෙළෙඳ දැන්වීම් කුමන කොටසක් වන්නේද?

අගයදත්ත නොමැත

රජයේ වෙළෙඳ දැන්වීම්, සමස්ත වෙළෙඳ පොළෙන් 5% කට අඩුවේ.

රජයේ වෙළෙඳ දැන්වීම්, සමස්ත වෙළෙඳ පොළෙන් 5% ත් 10% ත් අතර වේ.

රජයේ වෙළෙඳ දැන්වීම්, සමස්ත වෙළෙඳ පොළෙන් 10% කට වැඩිවේ.

 

නියාමන ආරක්ෂිත විධිවිධාන: ජාල මධ්‍යස්ථතාව

ප්‍රතිඵලය: ඉහළ අවදානම

ජාල මධ්‍යස්ථතාව යන, ජාලයන් තුළ වන සියලුම දත්තයන්ට සමාන ලෙසින් සැලකුම් ලැබෙන බවටත්, පරිශීලකයින්, අන්තර්ගතයන්, අඩවි හෝ යෙදුම් විෂය කරගනිමින් වෙනස් කොට සැලකීම් හෝ වෙනස් ලෙසින් අය කිරීම් නොසිදුවන බවටත් වන ප්‍රතිපත්තියකි. ජාල මධ්‍යස්ථතාව ආරක්ෂා කිරීම ජනමාධ්‍ය විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා වැදගත් වන්නේ, ඒ මගින් තොරතුරු, මතයන්, පර්‍යාවලෝකයන් යනාදියට ප්‍රවේශය සහ පතළ කිරීමේ හැකියාව සමානව ලැබෙන බවට සහතික කෙරෙන හෙයිනි. මෙය මාධ්‍ය විවිධත්වය සඳහා අතිවැදගත් වේ. මෙම දර්ශකය මගින් ඉලක්ක කොට ගන්නේ, ජාල මධ්‍යස්ථතාවයේ නෛතික නියාමන තලය මෙන්ම ජාල මධ්‍යස්ථතාවයට ආමන්ත්‍රණය කරනා  විශේෂිත නියාමන යාන්ත්‍රණයන්ද ග්‍රහණය කොට ගැනීමටයි.

මන්ද?

ශ්‍රී ලංකාවේ ජාල මධ්‍යස්ථතාවය සම්බන්ධයෙන් වන විශේෂිත නීති හෝ ජාල මධ්‍යස්ථතාවයට ආමන්ත්‍රණය කරනා සුවිශේෂී නියාමන යාන්ත්‍රණයන් නොමැති හෙයින්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය බහුවිධතාවයට ඉහළ අවදානමක් ඇති බව මෙම දර්ශකය මගින් තක්සේරුගත කරයි.

නීතිය මගින් ජාල මධ්‍යස්ථතාව සවිස්තරාත්මකව නිර්වචනය නොකරන නමුත්, 1991 වසරේ අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 කොටසින් “මෙහෙයවන්නෙකු යම් කිසි පුද්ගලයෙකුට, යම් පංතියක හෝ නිලයකට අයත් පුද්ගලයන්ට, ලබාදෙන ඕනෑම සේවාවක්, ලබාදෙන ඕනෑම සම්බන්ධතාවයක් හෝ ලබාදෙන ඕනෑම අවසරයක් විෂයෙහි වැඩි කැමැත්ත දැක්වීමෙන් හෝ වෙනස් ලෙස සැලකීමෙන් වළක්වන තත්වයන්...” ලෙස දැක්වේ. මෙය, ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් ඇති පද්ධතිය තුළ තිබෙන්නා වු පාර්ශවික නීති වලට අනුව, ජාල මධ්‍යස්ථතාව පිළිබඳව වන ලුහු නිර්වචනයක් ලෙසින් පුළුල්ව විග්‍රහ කළ හැක. තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) පනත මගින් අන්තර්ජාල සේවා සපයන්නන් (ISPs) බලපත්‍ර ලබාදීමේදී වන ඊට අදාළ කොන්දේසි පෙන්වා දේ. එනිසා අන්තර්ජාල සේවා සපයන්නෙකු තමන්ගේ බලපත්‍රයට අදාළ එම කොන්දේසි වලට අනුකූල වීමට තමන්ගේ පසින් අසමර්ථ වන්නේ නම්, එම බලපත්‍රය අවලංගු කිරීම සඳහා ක්‍රියාමාර්ගයන් ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසමට හැකියාව තිබේ. මෙය, අන්තර්ජාල සේවා සපයන්නන් විසින් සියලුම අන්තර්ජාලගත අන්තර්ගතයන් සඳහා සමානව සහ වෙනස්කම් කිරීමකින් තොරව සලකනු ඇති බවට සහතික කිරීමේ ක්‍රමවේදයක් ලෙසින් අර්ථ දැක්විය හැක.

තවදුරටත් ගත් විට, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 14 වෙනි කොටසේ ‘භාෂණයේ සහ ප්‍රකාශනයන් ඇතුළුව ප්‍රකාශ කිරීමේ නිදහස’ යන සංකල්පය ඇතුළත් වේ. මෙය පුළුල්ව නිර්වචනය කරන්නේ නම්, මෙම වගන්තිය ජාල මධ්‍යස්ථතාවට ආමන්ත්‍රණය කරනා තර්කයක් දක්වා දිගු කළ හැක. කෙසේ වෙතත් අන්තර්ජාලය නියාමනය හා කටයුතු කළ හැකි සුවිශේෂී විධිවිධානයන් නොමැති වීම සහ මෙය සම්පූර්ණයෙන්ම නියාමනය නොකළ ක්ෂේත්‍රයක්‍ය යනුවෙන් සාකච්ඡා ඇරඹුම ඔස්සේ පෙනී යන්නේ, මෙම ගැටළුව සම්බන්ධයෙන් ජාතික නීතිය යටතේ ආමන්ත්‍රණය කෙරී නොමැති බවයි.

එතෙකුදු වුවත්, ජාල මධ්‍යස්ථතාව යන ප්‍රතිපත්තියට පටහැණි ලෙසින් සේවා සපයන්නන් විසින් හැසිරුණු බොහෝ අවස්ථාවන් තිබේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, 2018 මැයි මසදී විජය පුවත්පත් සමූහය විසින් නිවේදනය කරන්නට යෙදුණේ, තමන්ගේ ඩේලි මිරර්, ලංකාදීප හා ටැමිල් මිරර් ඔන්ලයින් සංස්කරණයන් එයාර්ටෙල් පාරිභෝගිකයින්ට නොමිලේ පරිශීලනය කිරීමට හැකි වන පරිද්දෙන් තමන් එයාර්ටෙල් හා හවුල් සම්බන්ධතාවයකට එළැඹි බවටයි. මෙසේ මෙය යම් යම් පුවත් වෙබ් අඩවි වෙත නිල වශයෙන් ප්‍රමුඛත්වයක් ලබාදීමක් සහ වැඩි අන්තර්ජාල පරිශීලක පිරිසක් තමන්ගේ අඩවි වෙත ඇදගැනීමක් ලෙසින් සැලකිය හැක.

ලකුණු තැබීම: 11 න් 3 ක්ඉහළ අවදානම (27.3 %) 

විනිවිදභාවය සඳහා විධිවිධාන

සටහන

Yes

No

NA

MD

ජාතික නීති තුළ (ජනමාධ්‍ය, සමාගම්, බදු...), මාධ්‍ය සමාගම් වලට තම හිමිකාරීත්ව ව්‍යුහය ඔවුන්ගේ වෙබ් අඩවියේ හෝ පොදුජනයාට ප්‍රවේශය ඇති වාර්තා/ලිපි ලේඛනයන්හි ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය කෙරෙනා විනිවිදභාවය හා අනාවරණය සම්බන්ධ විධිවිධාන තිබේද?

මෙම ප්‍රශ්නය මගින් ඉලක්ක කොටගන්නේ, ජාල මධ්‍යස්ථතාවය කිසියම් ආකාරයකින් දේශීය නීති මගින් නියාමනය වන්නේද යන්න නිශ්චය කරගැනීමටයි. එසේම ඒ මගින් රටවල් අතර (යුරෝපා සංගමය සහ යුරෝපා කවුන්සිලයට අයත් රටවල් අතර වැනි) වන එකඟතාවයන් පිළිබිඹු කිරීමද ඉලක්ක කොටගැනේ.

0.5

වෙබ් අඩවි හෝ අන්තර්ජාලයේ ඇති අන්තර්ගතයන් අවහිර කිරීම තහනම් කරනා සම්මතයන් ජාතික නීතිය තුළ තිබේද?

මෙම ප්‍රශ්නය මගින්, සවිමත් ජාල මධ්‍යස්ථතා ව්‍යුහයක ප්‍රධානතම අංගයන්ගෙන් එකක් වන වෙබ් අඩවි/වෙබ් අන්තර්ගතයන් අවහිර කිරීම් වළක්වන රටක ජාල මධ්‍යස්ථතා සම්මතයන් පවත්නා මට්ටම නිශ්චය කිරීම සිදුවේ.

0.5

අන්තර්ජාල සේවාවන් හෝ අන්තර්ජාලයේ ඇති අන්තර්ගතයන් පීඩනය එල්ල කොට පාලනය කිරීම තහනම් කරනා සම්මතයන් ජාතික නීතිය තුළ තිබේද?

මෙම ප්‍රශ්නය මගින්, සවිමත් ජාල මධ්‍යස්ථතා ව්‍යුහයක ප්‍රධානතම අංගයන්ගෙන් එකක් වන වෙබ් අඩවි/වෙබ් අන්තර්ගතයන් පාලනය කිරීම වළක්වන රටක ජාල මධ්‍යස්ථතා සම්මතයන් පවත්නා මට්ටම නිශ්චය කිරීම සිදුවේ.

 0.5

යම් යම් වෙබ් අඩවි වෙත පමණක් ප්‍රවේශය ලබාදීම වැනි යම් කොන්දේසි සහිතව හා අයකිරීමක් රහිතව අන්තර්ජාල ප්‍රවේශය ලබාදීම (Zero-rating) හා/හෝ මුදල් ගෙවූ ප්‍රමුඛතාකරණය තහනම් කරනා සම්මතයන් ජාතික නීතිය තුළ තිබේද?

මෙම ප්‍රශ්නය මගින්, සවිමත් ජාල මධ්‍යස්ථතා ව්‍යුහයක ප්‍රධානතම අංගයන්ගෙන් එකක් වන කොන්දේසි සහිතව හා අයකිරීමක් රහිතව අන්තර්ජාල ප්‍රවේශය ලබාදීම (මුදල් ගෙවූ ප්‍රමුඛතාකරණය මෙහි සුලභ ආකාරයකි) වළක්වන රටක ජාල මධ්‍යස්ථතා සම්මතයන් පවත්නා මට්ටම නිශ්චය කිරීම සිදුවේ.

 0.5

ජාල මධ්‍යස්ථතාව නීතියෙන් ආරක්ෂා වී ඇති විටකදී, නෛතික රාමුව මගින් යම් ව්‍යතිරේකයන් (උදා: සාධාරණ ජාල කළමනාකරණය) හඳුනා ගනීද?

මෙම ප්‍රශ්නය මගින්, ජාල මධ්‍යස්ථතා ආරක්ෂාවන් වෙත ස්ථාපිත සාධාරණ සීමාවන් ඇතිවිට එහි සඵලතාවය පහත දැමිය හැකි ඊට එදිරි අනෙකුත් සීමාවන් ස්ථාපනය කිරීම සිදුවේ.

0.5

යම් යම් වෙබ් අඩවි වෙත පමණක් ප්‍රවේශය ලබාදීම වැනි යම් කොන්දේසි සහිතව හා අයකිරීමක් රහිතව අන්තර්ජාල ප්‍රවේශය ලබාදීම (Zero-rating) සාර්ථකව ක්‍රියාත්මක කිරිම තහනම් කරනා හෝ සීමා කරනා සම්මතයන්: මුදල් ගෙවූ ප්‍රමුඛතාකරණය සිදු නොවේ.

මෙම ප්‍රශ්නය මගින් ඉලක්කගත කෙරෙන්නේ, නීතියෙන් වන තහනම තිබියදී මුදල් ගෙවූ ප්‍රමුඛතාකරණයන් ප්‍රායෝගිකව සිදුවන විස්තාරය පිළිබඳ වැඩිමනත් තොරතුරු ලබාගැනීමයි. පෙනෙනා ලෙසට ප්‍රබල Zero-rating ආරක්ෂාවන් සහිත රටවල් ගණනාවක් මෙම සංසිද්ධිය අත්දැක ඇත. මෙම දර්ශකය මගින්, නීතිය සහ සැබවින් සිදුවන භාවිතයන් අතර වෙනස්කම් මට්ටම පිළිබඳ හෙළිදරවු කිරීමක් ඇතැම් විට සිදුවනු ඇත.

X

යම් යම් වෙබ් අඩවි වෙත පමණක් ප්‍රවේශය ලබාදීම වැනි යම් කොන්දේසි සහිතව හා අයකිරීමක් රහිතව අන්තර්ජාල ප්‍රවේශය ලබාදීම (Zero-rating) සාර්ථකව ක්‍රියාත්මක කිරිම තහනම් කරනා හෝ සීමා කරනා සම්මතයන්: වෙනත් Zero-rating ආකාරයන් නොමැත

ඉහත සඳහන් පරිදිම වේ

X

සම්මතයන් සාර්ථකව ක්‍රියාත්මක කොට ඇත: අවහිර කිරීම් හෝ බලහත්කාරී පාලනය කිරීම් සිදුනොවේ.

අවහිර කිරීම් සහ බලහත්කාරී පාලනය කිරීම් සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ජාල මධ්‍යස්ථතාවය ආරක්ෂා කරනු වස් නෛතික ව්‍යුහය ස්ථාපනය වී ඇත්තේ කෙසේද යන්න නිශ්චය කිරීම මෙම ප්‍රශ්නයෙන් බලාපොරොත්තු වේ.

0

ජාල මධ්‍යස්ථතා ආරක්ෂණයන් අධීක්ෂණය හා බලාත්මක කිරීමේ වගකීම සහිත කිසියම් නියාමන හෝ වෙනත් ස්ථාපිතයන් තිබේද?

ජාල මධ්‍යස්ථතා ආරක්ෂණයන් අධීක්ෂණය හා බලාත්මක කිරීමේ වගකීම සහිත කිසියම් අධිකාරීන් තිබේද යන්න ඉස්මතු කිරීම මෙම ප්‍රශ්නය මගින් සිදුවේ.

0.5

ජාල මධ්‍යස්ථතා ආරක්ෂණයන් පවතින විටකදී, ඒ උල්ලංඝනය කිරීම් සඳහා දණ්ඩනයන් පනවා තිබේද?

ජාල මධ්‍යස්ථතා සම්මතයන් උල්ලංඝනයන් කිරීම්, නීතියේ ආධිපත්‍යය සහ දේශපාලනික අභිමතය සම්බන්ධයෙන් බැරෑරුම්ව සැලකෙන විස්තාරය මෙම ප්‍රශ්නය මගින් විදහා දැක්වෙනු ඇත.

X

ජාල මධ්‍යස්ථතා උල්ලංඝනයන් හඳුනාගැනීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට ස්ථාපනය කොට ඇති බලාත්මක කිරීමේ යාන්ත්‍රණයන් සාධනීය ලෙසින් පෙනෙන්නේද?

ජාල මධ්‍යස්ථතා සම්මතයන් සැබවින්ම තමන්ගේ ඉලක්කයන් සපුරා ගන්නා විස්තාරය මෙම ප්‍රශ්නය මගින් පෙන්වා දෙයි.

X

සමස්තය (L-e සහ L-I උප-දර්ශකයන්ගේ මධ්‍යකය)

3 / 27.3%

දත්ත පිළිබඳ තොරතුරු  

මේ සම්බන්ධයෙන් ඒකාන්ත තක්සේරුවක් කිරීම සඳහා සාධක ප්‍රමාණවත් නැත. ජාල මධ්‍යස්ථතාව නීතියෙන් ආරක්ෂා නොවන අතර, එනිසා යම් යම් ප්‍රශ්නයන් යෝග්‍ය නොවේ. මේ සම්බන්ධ විධිවිධානයන්ට වඩා පුළුල් අර්ථ නිරූපණයක් අවශ්‍ය වේ. උදාහරණ ලබාගෙන ඇත්තේ පුවත්පත් ලිපි මූලාශ්‍රයන් ලෙස ගනිමිනි.

Legal Assessment

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ