This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 04:14
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

රූපවාහිනිය

ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) පිහිටුවීමත් සමඟ 1979 අප්‍රේල් මස 13 වන දින ශ්‍රී ලංකාවට රූපවාහිනිය හඳුන්වා දෙනු ලැබිණි. මාස දෙකකටත් අඩු කාලයක් ඇතුළතදී, එනම් 1979 ජුනි 5 වන දින එය රජය යටතට පවරාගන්නා ලදී.  1982 ශ්‍රී ලංකා රූපවාහිනි පනත යටතේ, 1980 වන තුරුම ස්වාධීන රූපවාහිනිය (ITN) සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව රූපවාහිනී කර්මාන්තය ඒකාධිකාරයක් බවට පත්කොට ගෙන තිබුණි.

අද වන විට රටේ වඩාත්ම නරඹන නාලිකාවන් ලැයිස්තුවේ මුල් ස්ථාන අතරට පෞද්ගලික නාලිකාවන් පැමිණ ඇත. රූපවාහිනි ක්ෂේත්‍රයේ ප්‍රේක්ෂක සංකේන්ද්‍රණය 77% කි. මෙවැනි සංකේන්ද්‍රණයක් සහිතව වුවත්, ඉහළම මට්ටමේ සිටිනා නාලිකා හතර ප්‍රේක්ෂක කොටස් ප්‍රතිශතය සලකන විට එකිනෙකා හා කරට කර සිටිනා බැවින් රූපවාහිනී ක්ෂේත්‍රය කෙසේ හෝ තරගකාරී අවකාශයක් ලෙසින් පවතී.

රූපවාහිනියේ දත්ත සමුදාය
  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ