This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 04:15
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

මුරකරුවාව මුර කරන්නේ කවුරුන්ද?

ජනමාධ්‍ය ලෝකයේ  හිමිකරුවෙකු මෙන්ම නියාමකයෙකුද ලෙසින් රජය රඟදක්වන ද්විත්ව භූමිකාවේ අර්ථය වන්නේ, රජය ක්‍රීඩාවක ක්‍රීඩකයෙකු මෙන්ම විනිශ්චයකරුවෙකු හා නීති සාදන්නෙකුද වන බවයි. මාධ්‍ය චැනලයන්, පුවත්පත්, අඩවි 30 කට අධික ප්‍රමාණයක හිමිකාරීත්වය සමග රජය රූපවාහිනී, පුවත්පත්, ගුවන් විදුලි හා ඔන්ලයින් වෙබ් අඩවි අතර විශාල ප්‍රමාණයක් හිමිකොටගත් ක්‍රීඩකයෙකු වී සිටී. මෙවැනි රජයට අයත් මාධ්‍ය වල පොදු අරමුණ වන්නේ මහජනතාව හා සන්නිවේදනය කීරීමයි. බොහෝ දුරට මෙහි අවශ්‍යතාවය වන්නේ ඡන්දයෙන් පත්වූ රජයේ සහ එහි නියෝජිතයින්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ලබාදීමත්, බොහෝ විට යම් යම් ගැටළු කෙරෙහි රජයේ ස්ථාවරය පිළිබිඹු කිරීමත් වේ. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් ජනමාධ්‍ය නියාමකයෙකුගෙන් මාධ්‍ය ලෝකයේ සමානාත්මතාවයා ඇති කිරීම අපේක්ෂා කෙරේ. ශ්‍රී ලාංකීය සන්දර්භය තුල, විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ගණනාවක් ඔස්සේ රජය මගින් බලපත්‍ර ලබාදීම සහ නියාමනය අධීක්ෂණය කරනු ලබයි. මෙම ලිපියෙන් පැහැදිලි කෙරෙන්නේ මෙම ද්විත්ව භූමිකාවන් බරපතළ බැඳියාවන් අතර ගැ‍ටුමකට හේතු වන්නේ කෙසේද යන්නයි. මෙවැනි ගැ‍ටුමක් මගින් රජයට තමන්ගේ අදහස් විස්තාරණය කිරීමෙන් හා රජය විවේචනය කරන්නවුන්ගේ අදහස් මර්දනය කිරීමෙන් මාධ්‍ය ලෝකය පාලනයට අවකාශ ලබාදෙයි. 

බැඳියාවන් අතර ගැටුම

පහත දැක්වෙන ජනමාධ්‍ය සම්බන්ධ ආයතන වල හිමිකාරීත්වය හා පාලනය රජය අත තිබේ:

  • ප්‍රකාශන ආයතනය - සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL/ ලේක් හවුස්)
  • රූපවාහිනී විකාශනයන් - ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) සහ සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය (ITN)
  • ගුවන් විදුලි විකාශනයන් - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) සහ සීමාසහිත ස්වාධීන රූපවාහිනී ජාලය (ITN)
  • ඔන්ලයින් මාධ්‍ය - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔස්සේ ක්‍රියාත්මක වන news.lk සහ ලේක් හවුස් ප්‍රකාශනයන්ගේ වෙබ් සංස්කරණයන්

මේ අතර පහත දැක්වෙන ආයතන හරහා මාධ්‍ය ලෝකය නියාමනය කිරීමේ බලය රජයට තිබේ:

  • TRC – විදුලි සංදේශ සඳහා ජාතික නියාමන කාර්යාංශය
  • SLBC – ගුවන් විදුලි විකාශනාගාර පවත්වා ගෙන යෑම සහ බලපත්‍ර නිකුත් කිරීම
  • SLRC – රූපවාහිනී නාලිකාවන් පවත්වාගෙන යෑම හා බලපත්‍ර නිකුත් කිරීම
  • ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය (SLPC) - මුද්‍රිත මාධ්‍ය ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම 

රජයේ නියාමන බලයයන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා විදුලි සංදේශ නියාමන කොමිසම යටතේ වන ධූරානුක්‍රම ව්‍යුහයක් යටතේ එක්තැන් වී පවතී. අමාත්‍යංශය හා කොමිසම යටතේ නියාමන මණ්ඩල පිහි‍ටුවීම සඳහා වූ නීති ගණනාවක් තුළින්, රජය නීත්‍යානුකූලවම ක්‍රීඩා පිටියේ පාලකයා, අනෙක් ක්‍රීඩකයින් නියාමනය කරන්නා මෙන්ම ක්‍රීඩකයෙකුද වී සිටී.

රජයේ ද්විත්ව භූමිකාව බැඳියා ගැ‍ටුමක් වෙත පැමිණෙන්නේ, ක්‍රිඩාවේ විනිශ්චයකරුවා මෙන්ම ක්‍රීඩකයෙකුද වන අයෙකු තම තරගකරුවන්ව මෙන්ම තමාවද අධීක්ෂණය කළ යුතු යැයි බලාපොරොත්තු වූ විටදීයි.  

විස්තාරණය කිරීම හා මර්දනය කිරීම ඔස්සේ පාලනය

මාධ්‍ය සම්බන්ධයෙන් රජයේ හිමිකාරීත්වය සහ නියාමන භූමිකාව තුළින් නැගෙනා බැඳියා ගැ‍ටුම, මාධ්‍ය ලෝකයේ ප්‍රමුඛ වාසියක් රජයට ලබාදේ.

අනෙක් අතට රජයට, තමන්ට අයත් මාධ්‍ය ආයතන ඔස්සේ තමන්ගේම හඬ වඩාත් වැඩි කොට දැක්වීමේ බලය ඇහ. ඒ අතරම පුද්ගලික හිමිකාරීත්වය තුළ ඇති මාධ්‍ය ආයතන වෙත බලය යෙදීමටද රජයට හැකියාව ඇත. කෙසේ වෙතත් පුද්ගලික හිමිකාරීත්වය යටතේ ඇති මාධ්‍ය ආයතන වෙත යෙදවෙන්නා වූ නියාමනයන්ම ප්‍රායෝගික තත්වයේදී රජයට අයත් මාධ්‍ය ආයතන වෙතද යෙදවෙන්නේද යන්න පැහැදිලි නැත. උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, 1966 වසරේ අංක 37 දරණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පනතේ 44 කාණ්ඩය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වැඩසටහන් පාලනය කිරීමට හා අධීක්ෂණය කිරීමට මෙන්ම පුද්ගලික ගුවන් විදුලි විකාශනායතනයන්හි හිමිකාරීත්වය හා කොටස් පැවරීම පාලනය කිරීමට නියාමනයන් නිකුත් කළ හැක. තමන්ගේම මාධ්‍ය නාලිකාවන් හා ප්‍රකාශනයන් විෂයෙහි රජයේ නියාමන ක්‍රියාමාර්ගයන්හි විනිවිදභාවයේ අඩුවක් තිබීම මගින් ඇඟවෙන්නේ, මෙම ක්‍රීඩාවේ ක්‍රීඩකයෙකු ලෙසට රජයට මෙම නියාමනයන් උඩින් පැනයා හැකි බවයි. එවැනි නියාමනයන්ගෙන් බැඳී නොසිටින රජයට, තමන්ට අයත් මාධ්‍ය ඔස්සේ සිය අදහස් විස්තාරණය කොට ඉදිරිපත් කළ හැක.

අනෙක් අතට අනෙකුත් මාධ්‍ය ආයතනයන් -විශේෂයෙන්ම රජය විවේචනය කරනා ආයතනයන්- මර්දනය කිරීමටද රජයට බලය ඇත. මෙම විභවය සංයුක්ත වී ඇත්තේ නියාමන යාන්ත්‍රණය තුළ සිටිනා විශේෂිත ක්‍රියාකරුවන් බලසම්පන්න දේශපාලන ක්‍රියාකරුවන් හා සම්බන්ධ වී ඇත්තේය යන කරුණ මගිනි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, ජනාධිපතිවරයාගේ ලේකම් විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති ලෙසින් කටයුතු කිරීමත් සමගින්, ජනාධිපතිවරයාට ජනමාධ්‍ය නියාමනය වෙත මැදිහත් වීමට විභවයක් ඇති අවකාශයක් ඇතිවේ. මෙම හැකියාව ඉස්මතු කොට දක්වන මෑතකාලීන උදාහරණය වන්නේ, තොරතුරු දැනගැනීමේ (RTI) ඉල්ලීමකට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දැක්වූ ප්‍රතිචාරයයි. එම ලේඛනයෙන් හෙළිදරවු වූයේ, වෙබ් අඩවි දහතුනකින් හතරක් 'සාවද්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම හා ජනාධිපතිගේ කීර්තියට හානි කිරීම' නිසාවෙන් අවහිර කොට ඇති බවයි.

තවදුරටත් දක්වන්නේ නම්, දේශපාලනිකයැයි පැවසුණු පියවරක් ඔස්සේ විදුලි සංදේශ නියාමන කොමිසම මගින් සීමාසහිත ටෙල්ෂාන් නෙට්වර්ක් (TNL) වෙත අයත් සම්ප්‍රේෂණාගාරයක් වසා දැමීමට උසාවි නියෝගයක් ලබාගැනුණේ එහි විකාශන බලපත්‍රය කල් ඉකුත් වී ඇති බවට චෝදනා කරමිනි. මෙම ගැටළුව 'දේශපාලනික' වන බවට රාමු කෙරුණේ, මෙම වසාදැමීමට සම්බන්ධ කණ්ඩායම් දේශපාලනික හා පුද්ගලික තලයන්හිදී සම්බන්ධ බැවිනි. එනම් විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිගේ ලේකම් වන අතර, TNL හි හිමිකරුවා වන්නේ වත්මන් අගමැතිවරයාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහයි. මෙම සම්ප්‍රේෂණාගාරය වසා දැමීමට පෙර TNL මගින් ජනාධිපතිවරයාව විවේචනයට ලක් කරමින් අන්තර්ගතයන් විකාශය කරන ලදී.

වඩාත් පුළුල් තලයකින් බලනා විට නියාමනය කරන්නා සහ නියාමනය කළ යුත්ත අතර බෙදීමක් නොමැතිවීම කරණ කොටගෙන, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ලෝකය හැඩසවීම කෙරෙහි සහ ඇතැම් විට නීතිය තම වාසිය උදෙසා වෙනස් කිරීම කෙරෙහි සැලකිය යුතු බලයක් රජයට ලැබී ඇත. හිමිකරුවා සහ නියාමකයා ලෙසින් වන, එකවර සිදුවන ද්විත්ව භූමිකාවන් සමගින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ලෝකය කෙරෙහි විශ්වාස කළ නොහැකි තරමේ සුවිශාල බලයක් යෙදවීමේ හැකියාව රජයට ලැබී ඇත.

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ