This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 07:20
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

නිතර අසනු ලබන ප්‍රශ්න

1. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය යනු කුමක්ද?

මාධ්‍ය  හිමිකාරීත්ව නිරීක්ෂණය (Media Ownership Monitor - MOM) ගොඩනගා ඇත්තේ මුද්‍රිත, ගුවන්විදුලි, රුපවාහිනී, අන්තර්ජාල යන සියලුම ජනමාධ්‍ය  හිමිකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා මහජනයාට ප්‍රවේශවිය හැකි, නිරතුරුව යාවත්කාලීන වන දත්ත සටහනක් ලෙස .

මාධ්‍ය  හිමිකාරීත්ව නිරීක්ෂණය මගින්, මාධ්‍ය  හිමිකාරීත්වය සංකේන්ද්‍රණයවීම නිසා මාධ්‍ය  බහුවිධතාවයට වන බලපෑම පිළිබඳ අවධානය යොමු කරයි. මීට අමතරව, මාධ්‍ය  හිමිකාරීත්ව නිරීක්ෂණය මගින් වෙළඳපොළ තත්ත්වයන් සහ නීතිමය පරිසරය ගුණාත්මකව තක්සේරු කිරීමද සිදුවේ. එතුළින් මාධ්‍ය  හිමිකාරීත්වය සංකේන්ද්‍රණයට අදාළව රටට ආවේණික ලක්ෂණ ග්‍රහණය කරගැනීමට සහ මාධ්‍ය  සංකේන්ද්‍රණයඉහළ හා පහළ යෑමට බලපාන සාධක කල්තියා හඳුනාගැනීමට පහසු වේ.

2. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය පසුපස සිටින්නේ කවුරුන්ද?

MOM (Media Ownership Monitor – මාධ්‍ය හිමිකාරිත්ව නිරීක්ෂකය) , රිපෝර්ටර් න් ග්රෙන්සන් ඊ.වී. (Reporter ohne Grenzen e.V.) යනුවෙන් හැඳින්වෙන, මානව අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයක් වන සීමා මායිම් නැති මාධ්‍යවේදියෝ (රිපෝර්ටර්ස් විතඅවුට් බෝර්ඩර්ස්, Reporters sans frontières, RSF) සංවිධානයේ ජර්මානු අංශය විසින් 2015 සිට සැලසුම් කර ආරම්භ කරන ලද ව්‍යාපෘතියකි.

සීමා මායිම් නැති මාධ්‍යවේදියෝ යනු ලෝකයේ නෑම ස්ථානයක මාධ්‍ය නිදහස මෙන්ම දැනුම්වත් කිරීමේ සහ දැනුම්වත් වීමේ අයිතිවාසිකම සුරැකීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි.  

2019 දී මෙම ව්‍යාපෘතිය ජර්මානු නීතිය යටතේ ලියාපදිංචි කරන ලද ස්වාධීන, ලාභ නොලබන සමාජ ව්‍යවසායක් වන ග්ලෝබල් මීඩියා රෙජිස්ට්‍රි (ගෝලීය මාධ්‍ය ලියාපදිංචි ආයතනය, Global Media Registry - GMR) ආයතනය ය‌‌ටතට ගනු ලැබිණ.

කිසියම් රටක MOM ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම්, එය සෑමවිටම දේශීය හවුල්කාර සංවිධානයක් සමඟ ඇති කර ගනු ලබන සහයෝගිතාවක් ඔස්සේ සිදු කරනු ලැබේ. මේ අනුව, ශ්‍රී ලංකාවේදී සීමා මායිම් නැති මාධ්‍යවේදියෝ සංවිධානය 2018 වර්ෂයේදී වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය සමඟ එක්ව කටයුතු කළේය. ආර්ථික සංවර්ධනය සහ සහයෝගිතාව සඳහා වන ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශය (German Federal Ministry for Economic Development and Cooperation - BMZ)  විසින් එම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලදි.

3. මට මෙම වාර්තාව ලබාගත හැක්කේ කොතැනින්ද?

MOM වෙබ්අඩවිය එහි සියලු අන්තර්ගතයන් PDF මාදිලියේ ලියැවිල්ලක් ලෙස ලබාගැනීමට පහසුකම් සලසයි. මෙම PDF ලියැවිල්ල ස්වයංක්‍රීයවම ජනනය වන අතර, දෛනිකව යාවත්කාලීන වේ. එසේම, එම ලියැවිල්ල සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පවතියි. PDF ලියැවිල්ල ජනනය කරගැනීම සඳහා කළ යුත්තේ, වෙබ් අඩවියේ පහළට ගමන්කර, තමන් වඩාත් පහසු භාෂාව තෝරා ගැනීමයි. එවිට සම්පූර්ණ වෙබ් අඩවියේ අන්තර්ගතය PDF මාදිලියෙන් ලබාගත හැකිය.

4. මාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳ විනිවිද භාවය වැදගත් ඇයි?

නිදහස්, ස්වාධීන හා විවිධත්වයෙන් යුතු මාධ්‍ය  මගින් එකිනෙකට වෙනස් වූ ස්ථාවරයන් පිළිබිඹු කරන බැවින් හා බලයේ සිටින පුද්ගලයන් විවේචනයට ඉඩ සලසන බැවින්, මාධ්‍ය  බහුවිධතාවය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි මූලිකාංගයක් වේ. මහජන මතය මාධ්‍ය  සමඟ සම්බන්ධ පුද්ගලයන් අතළොස්සකගේ දැඩි බලපෑමට යටත්ව පවතින විට සහ එම අදාළ පුද්ගලයන් විසින් මාධ්‍ය  ක්ෂේත්රයට සම්බන්ධවීමට කැමැත්තක් හා උනන්දුවක් දක්වන අනෙකුත් අයට හා අදහස්වලට මාධ්‍ය  ක්ෂේත්‍රයට ප්‍රවේශවීමට බාධා පමුණුවන විට, අදහස් විවිධත්වයට තර්ජන එල්ල වේ. මාධ්‍ය  හිමිකාරීත්වය සංකේන්ද්‍රණයවන විට, මාධ්‍ය  වෙළඳපොල සංකේන්ද්‍රණයවේ. මෙම තත්ත්වය දුරැලීමට ඇති ප්‍රධාන බාධකය වන්නේ මාධ්‍ය  හිමිකාරීත්වය පිළිබඳ විනිවිදභාවයක් නොමැතිකමයි. මහජනයාට තොරතුරු සපයන්නේ කවුරුන්ද කියා අවබෝධයක් නැති කල, එම තොරතුරුවල විශ්වසනීයත්වය ඇගයුම් කරන්නේ කෙසේද? තමන් සේවය කරන ආයතනය මෙහෙයවන්නේ කවුරුන්ද කියා මාධ්‍ය වේදීන් නොදන්නා කල, ඔවුන් නිසියාකාරව වැඩකරන්නේ කෙසේද? මාධ්‍ය යන්හි සුක්කානම හසුරුවන්නේ කවුරුන්ද යන්න මාධ්‍ය  අධිකාරීන් විසින් නොදන්නා විට, අනවශ්‍ය මාධ්‍ය  සංකේන්ද්‍රණයසම්බන්ධයෙන් ඔවුන් පිළියම් ගනිවී යැයි සිතීම අපහසුය.

එබැවින් මාධ්‍ය  හිමිකාරීත්ව නිරීක්ෂණය මගින් අපේක්ෂා කරන්නේ විනිවිදභාවය ඇතිකිරීමයි. " මාධ්‍ය  අන්තර්ගතය පිළිබඳ අවසාන බලධාරියා කවුරුන්ද" යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට මාධ්‍ය  හිමිකාරීත්ව නිරීක්ෂණය මගින් උත්සාහ කෙරේ. එමගින්, දේශපාලන හා ආර්ථික අංශයන් හසුරුවන නිසි බලධාරීන්ව එම අංශයන්ගේ සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් වගවීමකට යටත් කරයි. එම වගවීමකට ලක්කිරීමේ ක්‍රියාවලියට පහසුවක් වන අයුරින්, සඳහා අදාළ වන සියලු කරුණු කාරණා පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම මෙමගින් සිදුකෙරේ.

මාධ්‍ය  හිමිකාරීත්ව විනිවිදභාවය, මාධ්‍ය  බහුවිධතාවය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ව කොන්දේසියක් ලෙස අප සලකන බැවින්, මාධ්‍ය  ආයතන සිය හිමිකාරීත්ව ව්‍යුහයන් පිළිබඳ තොරතුරු සැපයීමෙහිලා දක්වන විවෘතභාවය අපි ලේඛනගත කරන්නෙමු. එහිදී ඔවුන්ගේ ප්‍රතිචාර සළකා, අනුව විනිවිදභාවයේ විවිධ මට්ටම් වෙන්කොට හඳුනාගන්නා අතර, එක් එක් මාධ්‍ය  ජාලයන්ට අදාළව එම තොරතුරු ලබා දී ඇත.

තම ආයෝජන සඟවා තබාගැනීමට හෝ සක්‍රියව වසන් කිරීමට මාධ්‍ය  හිමිකරුවන් පොළඹවාලන හේතුන් නීත්‍යානුකූල හෝ නීති-විරෝධී විය හැකිය. තවද, එම හේතුන් පුද්ගලික, නීතිමය, හා ව්‍යාපාරික කටයුතු ආශ්‍රිතව පැනනැගී තිබිය හැකිය. එසේත් නැත්නම් එම හේතූන් උක්ත කරුණුවල සම්මිශ්‍රණයක් විය හැකිය. සමහර සීමාන්තික අවස්ථාවලදී, බදු පැහැරහැරීම හෝ තරඟකාරීත්වය පවත්වාගැනීමට අදාළ නීතින්හි උල්ලංඝණය වැනි සාපරාධී වරදක් විය හැක. මාධ්‍ය  හිමිකාරීත්වය සඟවාලීමට බලපාන විවිධ හේතුන් අතර, පහත සඳහන් දෑ අන්තර්ගත වේ.

1. සමහර රටවල මාධ්‍ය  සංකේන්ද්‍රණයවැළැක්වීම සඳහා, මාධ්‍ය  හිමිකාරීත්වය නීතියෙන්ම සීමාකර ඇත. එවැනි අවස්ථාවක තම මාධ්‍ය  බල-පරාක්‍රමය මෙම නීතිමය සීමාවෙන් එපිටට විහිදුවාලීමට අදාළ පුද්ගලයන් නිතරම යොදාගනු ලබන ක්‍රමයක් වන්නේ, බලකාර හිමිකරුවන් (Proxy-Owners) සහ/ හෝ විදේශයන්හි රහසිගතව පිහිටුවන ලද ආයතන සඳහා යොදාගැනීමයි.

2. සමහර අවස්ථාවලදී මාධ්‍ය  හිමිකරුවන්ට ආණ්ඩු වෙතින් හෝ අනිකුත් තරඟකාරී ව්‍යාපාරික ආයතන වෙතින් එල්ලවන පුද්ගලික තර්ජන හා අනිකුත් අන්තරායන්ට මුහුණදීමට සිදුවන අතර, එම අන්තරායන්ගෙන් බේරීම සඳහා ඔවුන් හඳුනා ගත නොහැකි ආකාරයට සිටීමට තීරණය කරයි.

3. බොහෝ අවස්ථාවල මාධ්‍ය  හිමිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය අයුතු දේශපාලන බලපෑම් හෝ ආර්ථික අරමුණු සම්බන්ධ අපේක්ෂාවන් හා එකට බැඳීපවතින අතර, අදාළ අයවලුන් රජයේ තනතුරු හොබවන අවස්ථාවල ඔවුන්ගේ පුද්ගලික අභිරුචීන් හෙළිදරව් වීමට කැමති නැත.

4. ඉතාමත් අතලොස්සක් වූ අවස්ථාවලදී මාධ්‍ය  හිමිකාරීත්වය වසන් කිරීම නොදැනුවත්වම සිදුවිය හැකි අතර, කාලය ගෙවීයාමත් සමඟ ආයතනයන්හි සිදුවන වෙනස්වීම් නිසා සංස්ථා ව්‍යුහයන්, ඒවාට අදාළ මූලික ප්‍රතිලාභී හිමිකරුවා හඳුනාගැනීමට අසීරු වන තරමට සංකීර්ණ වේ.

5. අවසාන වශයෙන්, සමහර අවස්ථාවල බදු පැහැරහැරීම වැනි වෙනත් සුලභ හේතු නිසා මේ තත්ත්වය ඇතිවිය හැකිය.

5. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය මගින් මාධ්‍ය සංකේන්ද්‍රණයට අදාළව කෙරෙන නියාමනය කවරාකාරයේ එකක්ද?

මාධ්‍ය  හිමිකාරීත්ව නිරීක්ෂණය මගින් ප්‍රතිමානාත්මක ප්‍රකාශ සිදු කරන්නේ නැත. එය මාධ්‍ය  හිමිකාරීත්වය නියාමනය කරන්නේ කෙසේද යන්න යෝජනා කරන්නේ නැත. රටට ගැලපෙන මාධ්‍ය  සංකේන්ද්‍රණ නියාමනය, අදාළ රටේ පසුබිම, පවතින නීතිමය හා වෙළඳපල තත්ත්වයන් සහ හිමිකාරීත්ව වටපිටාව මත පදනම් වේ.

මාධ්‍ය  හිමිකාරීත්ව නිරීක්ෂණය මගින් මෙම ගැටළුව පිළිබඳ ප්‍රජාතාන්ත්‍රික සංවාදයක් මෙන්ම යහපාලනය ක්‍රියාත්මකකිරීම සඳහා ඉවහල් වන විනිවිදභාවයෙන් යුතු මෙවලමක්ද සපයයි.  මතවාදයන් නිදහසේ සංසරණය වීම මෙන්ම ප්‍රමාණවත් පරිදි තොරතුරු ලබාගැනීමට මහජනයාට පුළුල් ප්‍රවේශයක් තිබීමද වැදගත්යඑවිට, මහජනතාව ගන්නා තීරණ උසස් මට්ටමින් යුක්ත වීමේ සහ එම තීරණ මහජනතාවගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් මනාව පිළිබිඹු කරන තීරණ වීමේ වැඩි සම්භාවිතාවයක් පවතියි

6. දත්ත එක්රැස්කරන්නේ සහ අදාළ කරගන්නේ කෙසේද?

මේ සඳහා බහුලවම නිල දත්ත මූලාශ්‍ර, සහ/හෝ ඉතා ඉහල විශ්වසනීයත්වයකින් යුතු මූලාශ්‍රයොදාගැනේ. පොදුවේ ප්‍රවේශවිය හැකි ආකාරයට තොරතුරු නොමැති විට, එම තොරතුරු මාධ්‍ය  ආයතන, දේශපාලන නියෝජිතයන් සහ පර්යේෂණ ආයතන වෙතින් ඍජුවම ඉල්ලා සිටින ලදී. සියලු මූලාශ්‍රහොඳින් ලේඛනගත කර සුරක්ෂිත කරන ලදීවැඩිදුර තොරතුරු Verité Research ආයතනයෙන් විමසීමක් කල විට ලබාගත හැකිය.

ග්‍රාහකයින්ට අදාළ තොරතුරු Kantar Lanka Market Research Bureau (2017 වසරට අදාළ) ආයතනයෙන් මිලදී ගන්නා ලදී.

හිමිකාරීත්ව ව්‍යුහයන්, මාධ්‍ය  ආයතනවල කොටස්කරුවන් සහ අදාළ හිමිකරීත්වයන් දරණ තනි පුද්ගලයන් පිළිබඳ තොරතුරු ව්‍යාපාරලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා ලදී. රෙජිස්ට්‍රාර්වරයාගේ දත්ත සටහනට ප්‍රවේශය ලබාගත හැක්කේ ව්‍යාපාරලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු පරිශ්‍රයට ගොස්, එහිදී රුපියල් 1,150 (ඇමෙරිකානු ඩොලර් 6.71 ක්) උපදේශන ගාස්තුවක් ගෙවීමෙන් පසුව පමණි.  ප්‍රධාන වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් වූ දත්ත ගොනුවල තිබූ දත්ත සටහන් කරගැනීමේ කාර්යය සඳහා හිස් කඩදාසි කොළයක් සහ පැන්සලක් පමණක් භාවිත කිරීමට අවසර ලැබුණි. කොටස්කරුවන් සම්බන්ධ ව්‍යුහයන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරු හෙළිදරවු කරන අදාළ ව්‍යාපාරයන්හි වාර්ෂික ප්‍රතිලාභ පිළිබඳ වාර්තා රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් මිලදීගෙන, මාධ්‍ය  හිමිකාරීත්ව නිරීක්ෂණ ලේඛන ගබඩාවේ සුරක්ෂිතව ලේඛනගත කරන ලදී.

මාධ්‍ය  හිමිකාරීත්ව නිරීක්ෂණය මගින්  2018 ජූලි /අගෝස්තු මාසවල දී, තොරතුරු ලබාගැනීම සඳහා ඉල්ලීම් ලියාපදිංචි තැපෑලෙන් සහ විද්යුත් තැපෑලෙන් පර්යේෂණයට භාජනය වූ සියලු මාධ්‍ය  ආයතන වෙත යවන ලදී.

මාධ්‍ය  හිමිකාරීත්ව සංකේන්ද්‍රණයපිළිබඳ සමස්ත අදහසක් ලබාගැනීම සඳහා උපදේශක කණ්ඩායමක සහය ලබාගත් අතර, එම උපදේශක කණ්ඩායම පර්යේෂණ ක්‍රියාවලිය පුරාවටම සිය අදහස් සහ උපදේශනයන් සපයන ලදී. එම කණ්ඩායමට මාධ්‍ය  සහ සන්නිවේදන ක්ෂේත්‍රයන්හි ඉහල අවබෝධයක් සහ අත්දැකීම් ඇති දේශීය හා විදේශීය විශේෂඥයින් පිරිසක් ඇතුළත් විය.

7. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය මගින් සාකච්ඡාවට බඳුන් වන "වඩාත් අදාළ වන මාධ්‍ය " යනු කුමක්ද?

මෙහිදී සලකා බලන ලද ප්‍රධානතම කාරණය වුයේ මහජන මතවාදය නිර්මාණය වීමෙහිලා බලපෑම් කරන්නේ කවර මාධ්‍ය  මූලාශ්‍රයන්ද යන්නයි. කාර්යය සඳහා අදාළ සියළු මාධ්‍ය යන්, එනම් මුද්‍රිත, ගුවන්විදුලි, රූපවාහිනි සහ අන්තර්ජාල මාධ්‍ය යන් ඇතුළත් කරගන්නා ලදී.

පහත නිර්ණායක යටතේ එම මාධ්‍ය  තෝරාගැනිණි:

  • මාධ්‍ය  හිමිකාරීත්ව නිරීක්ෂණය මගින් වැඩිපුරම අවධානය යොමු කරනු ලැබුවේ වැඩිම ප්‍රවේශයක් ඇති මාධ්‍ය  වෙතයි. සඳහා අදාළ මාධ්‍ය යන්හි ග්‍රාහක ප්‍රතිශත කොටස පාදක කරගත් අතර, සඳහා Kantar LMRB මගින් වඩාත් මෑත කාලය සඳහා සපයන ලද ග්‍රාහක පර්යේෂණ දත්ත යොදාගැණිනි. සඳහා 2017 වසර සඳහා අදාළ මුද්‍රිත, රේඩියෝ, රූපවාහිනි දත්ත යොදාගැනිණි.
  • ප්‍රවෘත්තීන්හි වටිනාකම සහ මතවාදමය අන්තර්ගතය - මෙම පර්යේෂණය අවධානය යොමු කරන්නේ ජාතික වැදගත්කමකින් යුක්ත වූ තොරතුරු කෙරෙහියි. අනුව විශේෂ තේමාවක් සඳහා අවධානය යොමු කරන -එනම් සංගීතය, ක්‍රීඩා වැනි අංශ කෙරෙහි අවධානය යොමුකරන මාධ්‍ය , සමාජ මාධ්‍ය  ජාල, අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර සහ දැන්වීම් අදාළ කර නොගන්නා ලදී.
  • මේ නිර්ණායකයන් මත පදනම්ව මාධ්‍ය යන් ප්‍රථම වරට තෝරාගන්නා විට, එක් මාධ්‍ය  ක්ෂේත්‍රයක් සඳහා මාධ්‍ය යන් එකොළහකට ආසන්න ප්‍රමාණයක් යොදාගන්නා ලදි (රූපවාහිනි, මුද්‍රිත, රේඩියෝ සහ අන්තර්ජාල). මෙමඟින්, දැනටමත් මාධ්‍ය  සංකේන්ද්‍රණයේ වඩාත් හොඳින්ම පිළිබිඹු වන ප්‍රවණතාවයන් හඳුනාගැනීමට විශාල පිටුබලයක් ලැබේ. මුල් අදියරේදී තෝරාගන්නා ලද මාධ්‍ය යන් ගණන තවදුරටත් වැඩි කළ අවස්ථා තිබුණි. එසේ වැඩිකිරීමට පාදක වුයේ අදාළ මාධ්‍ය  ආයතනය හිමිකාරීත්වය දරන පුද්ගලයන්ගේ ස්වභාවය සහ එම මාධ්‍ය  ආයතන මහජන මතය නිර්මාණය කිරීමෙහි සැලකියුතු බලපෑමක් කරනවාද යන කරුණු විණි.

 

 

 

8. මාධ්‍ය යන් තෝරාගන්නේ කෙසේද?

රූපවාහිනි ආයතන තෝරාගැනීමට පදනම් කරගත්තේ 2017 වසර සඳහා වන Kantar LMRB දත්ත මගින් ප්‍රකාශයට පත්කෙරෙන, රූපවාහිනි ආයතනයන්ගේ දිවයින පුරා වූ ප්‍රේක්ෂක ප්‍රතිශතයයි. සඳහා Kantar LMRB මගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශයන්හිදී ජනතාව මත පදනම් වූ මිනුමක් (Peoplemetersystem /PMS) භාවිතා කරයි. Kantar LMRB Peoplemeter (RapidMeterTM) යනු එක්සත් රාජධානියේ Kantar Media Audiences හි අලුත්ම සොයාගැනීමකි. Kantar LMRB PMS දිවයින පුරා නිවාස 650 වයස අවුරුදු 4 කට හෝ ඊට වැඩි පුද්ගලයන් 2,350 ක් ඇතුළත් පුද්ගල නියැදියකින් සමන්විත වේ.

රූපවාහිනි නාලිකා 12 ක් තෝරාගැනුනේ අදාළ ප්‍රේක්ෂක ප්‍රතිශතය සහ එම නාලිකාවල තොරතුරු අන්තර්ගතය මත පදනම්වයි. Dan TV සහ TV 1 යන රූපවාහිනි නාලිකා දෙක, ප්‍රේක්ෂක ප්‍රතිශතයන් නොසලකා තෝරාගැනුනේ එම නාලිකා දෙක වැදගත් යැයි සලකන ලද බැවිනි: Dan TV තෝරාගැනුනේ එය මූලිකව උතුරේ නැරඹෙන නාලිකාවක් වන බැවිනි. TV 1 නාලිකාව තෝරාගැනීමට හේතු වුයේ, එය ප්‍රේක්ෂක ප්‍රතිශතය අවම අගයක පවතින ප්‍රවෘත්ති නාලිකාවක් වුවද, සමකාලීන සිදුවීම් /ගැටළු සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති වැනි වැඩසටහන් නිසා අන්තර්ගතය අතින් වැදගත් වන බැවිනි.

මුද්‍රිත මාධ්‍ය යන්ට අදාළ පාඨක දත්ත ලබාගැනුනේද Kantar LMRB ආයතනයෙනි. එමගින් ප්‍රකාශන110 කට පමණ අදාළව ප්‍රකාශනයක එක් කලාපයක් කියැවූ හෝ පරිශීලනය කළ සාමාන්‍ය පාඨක ප්‍රමාණය ලබාදේ (Average Issue Readership-AIR). මෙම නිර්වචනය පාදක වී ඇත්තේ තමන් යම් ප්‍රකාශනයක් කියැවූ බව ප්‍රකාශකරනා පුද්ගලයන් මතයි (නිදසුනක් ලෙස, දෛනික පුවත්පත්වල අදාළව - ඊයේ කියැවු බව, සතිපතා පුවත්පත්වලට අදාළව - පසුගිය දින 07 තුළ කියවූ බව). නියැදියේ ප්‍රමාණය 12,000 ක් වන අතර, එය මුළු දිවයිනම ආවරණය කරයි. අවුරුදු 15 සහ ඊට වැඩි වැඩිහිටියන් සහ අවුරුදු 6 -14 අතර ළමයින් යන දෙවර්ගයම මෙම නියැදිය තුළ වේ. 2017 සැප්තැම්බර් - දෙසැම්බර් අතර මීට අදාළ ක්ෂේත්‍ර වැඩකටයුතු (Fieldwork) සිදුකෙරිණි. මෙසේ සිදු කෙරුණු සමීක්ෂණය National Demographic and Media Survey නම් වේ.

ගුවන්විදුලි ශ්‍රාවක ප්‍රතිශතය සොයාබැලීමට Kantar LMRB යොදාගත්තේ Radio Audience Points (RAP) . එනම්, සමස්ත ගුවන්විදුලි නාලිකා සියල්ල ශ්‍රවණය කළ කාලය අතරින් අදාළ එක් එක් ගුවන් විදුලි නාලිකාව ශ්‍රාවකයා විසින් ශ්‍රවණය කල කාලය ප්‍රතිශතයක් ලෙස ගැනීමෙනි. RAP පාදක කරගත්තේ, මෙරට ගුවන් විදුලි පවතින නිවාස ඒකක වල වාසය කරන අවුරුදු 10 සහ ඊට වඩා වැඩි පුද්ගලයන්ගේ ගුවන් විදුලි ශ්‍රවණය කිරීමේ පුරුදු වේ. එහිදී එම පුද්ගලයන් දිනපොතක ඔවුන් විසින් සැබවින්ම ගුවන් විදුලි වැඩසටහනක් ශ්‍රවණය කරන කාලය සටහන් කරන ලදි. වර්තමානයේ භාවිත කරන RAP පද්ධතිය, ආසන්න වශයෙන් පුද්ගලයන් 3,300 පිරිසකගෙන් සමන්විත වේ.

ගුවන් විදුලි නාලිකා 11 ක් තෝරාගැනීමට නිර්ණායක දෙකක් භාවිතා කරන ලදිසමාජ, දේශපාලන සහ ආර්ථික ගැටළු වලට අදාළ තොරතුරු සහිත අන්තර්ගතයක් තිබීම සහ සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍ය  නාලිකාවලට අදාළ ශ්‍රාවක ප්‍රතිශත කොටස එම නිර්ණායක දෙකයි. ගුවන් විදුලි නාලිකා ප්‍රමාණය මගින් ගුවන් විදුලි ක්ෂේත්‍රයේ භාෂාමය වශයෙන් ඇති වෙනස්කම් පෙන්නුම් කරයි. අපගේ නියැදිය පාදක වී ඇත්තේ 2017 ජනවාරි-නොවැම්බර් දක්වා Kantar LMRB දත්ත මගින් පෙන්නුම් කරන භාෂා වරණයන් මතයි. 79% ක් වන සිංහල ශ්‍රාවක ප්‍රමාණය, 19% ක් වන දමිළ ශ්‍රාවක ප්‍රමාණය සහ 2% ක් වන ඉංග්‍රීසි ශ්‍රාවක ප්‍රමාණය එම වරණයන් තුළින් නිරූපිත විය. අනුව අපගේ නියැදිය තුළට සිංහල ගුවන් විදුලි නාලිකා 7 ක්, දමිළ ගුවන් විදුලි නාලිකා 3 ක් සහ එක් ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාවක් ඇතුලත් වේ.

එමෙන්ම, ජාතික සහ ප්‍රාදේශීය, දෛනික සහ සතිපතා පළවන මුද්‍රිත මාධ්‍ය  ප්‍රකාශනආවරණය වන පරිදි මුද්‍රිත මාධ්‍ය  ප්‍රකාශන12 ක් තෝරාගන්නා ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රකාශනවෙළඳපොළ භාෂා ත්‍රිත්වයකින් සමන්විත වේ; සිංහල (79%), දමිළ (14%) සහ ඉංග්‍රීසි (7%) ක් ලෙසිනි. අපගේ මුද්‍රිත මාධ්‍ය  වලට අදාළ නියැදිය, පාඨක ප්‍රතිශත කොටස මත පදනම්ව භාෂා ත්‍රිත්වයම ආවරණය වන ප්‍රකාශනයන්ගෙන් සමන්විත වේසිංහල ප්‍රකාශන6 ක්, දමිළ ප්‍රකාශන4 ක් සහ ඉංග්රීසි ප්‍රකාශන2 ක් එහි අඩංගු වේ. මෙම ප්‍රකාශනබහුතරයක් දෛනිකව මෙන්ම ඉරිදා දින නිකුත්වන ප්‍රකාශනවලින් සමන්විත වේ. එයින් සති අන්තයේ ඉරිදා නිකුත්වන ප්‍රකාශනපාඨකයන් විසින් බහුලවම පරිශීලනය කරන අතර (46.3%), දෛනික පුවත්පත් කියවන්නේ පාඨකයින් අතුරින් 8.9% ක් පමණි.

මාධ්‍ය  හිමිකාරීත්ව නිරීක්ෂණ ව්‍යාපෘතිය තුල මුහුණ පෑමට සිදුවූ විශාලතම අභියෝගය බවට පත්වුයේ අන්තර්ජාල මාධ්‍ය  තෝරාගැනීමයි. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල මාධ්‍ය  (online media) සම්බන්ධව වෙළඳපොළක් හෝ පරිශීලක ප්‍රජාව පිළිබඳ දත්ත නොමැත. ඊට අමතරව, අන්තර්ජාල මාධ්‍ය  යන්න නිර්වචනයේදී ගැටළු මතුවුණි. මීට අමතරව, මෙරට තුළ සමාජ මාධ්‍ය  (social media) වඩාත් ප්‍රබල තත්ත්වයක පසුවීම නිසා අන්තර්ජාල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය  යනු එකම දෙයක් ලෙස සැලකීම සිදුවී ඇත. මෙරට දැනට ක්‍රියාත්මකවන පර්යේෂණ ආයතන සතුව අන්තර්ජාල පරිශීලක ප්‍රතිශත කොටස සම්බන්ධව දත්ත නොමැති අතර, ඔවුන් සතුව ඇත්තේ සමාජ මාධ්‍ය  භාවිතය පිළිබඳ තොරතුරු පමණි. බොහෝ පුවත්පත්, ගුවන්විදුලි නාලිකා සහ රූපවාහිනි නාලිකා Facebook හි සිටියි. නමුත් අතරම, Facebook හි පමණක් තිබෙන තොරතුරු මූලාශ්‍ර මෙන්ම සමාජ මාධ්‍ය  පිටු ගණනාවක් තිබේ. එම මූලාශ්‍ර සඳහා වෙනමම වෙබ් අඩවි නොමැත.

ඕපාදුප මාධ්‍ය (gossip websites) මෙරට අන්තර්ජාල මාධ්‍ය  වලින් වැඩිම පරීශීලනයක් ඇති මාධ්‍ය බව තහවුරු කරගැනීමට ජනමාධ්‍යවේදීන් සහ විශේෂඥයින් සමඟ පැවැත්වූ සංවාද හරහා අපට හැකිවිණිනමුත්, එම මාධ්‍ය  වර්ගය පුවත් මාධ්‍යයක් ලෙස හඳුනාගැනීමේ දී අපට බලවත් ගැටළුවකට මුහුණ පෑමට සිදුවුයේ, එම මාධ්‍ය  මගින් සැපයෙන තොරතුරුවල ස්වභාවය සහ එම තොරතුරුවල ප්‍රමිතිය බොහෝවිට ජනමාධ්‍යයන්හි ප්‍රමිතීන්ට වලට වඩා අඩු මට්ටමක පැවතීම නිසාය. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය මගින් අවධානය යොමු කෙරෙනුයේ මහජන මතය නිර්මාණය වීමෙහි ලා වඩා සාධනීය බලපෑමක් කළහැකි මාධ්‍ය  මූලාශ්‍රයන්ට වන බැවින්, ඕපාදුප මාධ්‍ය  බැහැර කිරීම යනු ඉතා ජනප්‍රිය, එමෙන්ම රටේ දේශපාලන, ආර්ථික සහ සමාජ අංශයන්හි වෙනස්කම් සම්බන්ධ මහජන මතය කෙරෙහි බලපෑම් එල්ලකරන මාධ්‍යයන් බැහැරකිරීමක් ලෙස සැලකිය හැකිය.

වඩාත් වැදගත් අන්තර්ජාල මාධ්‍ය  වෙබ් අඩවි මගින් පළකෙරෙන විවිධ ශ්‍රේණිගතකිරීම් මත පදනම්ව, අපි විසින් අන්තර්ජාල මාධ්‍ය  මූලාශ්‍රයන් තෝරා ගන්නට යෙදිණි. දැනට පවතින ශ්‍රේණිගතකිරීම් පැහැදිලි ක්‍රමවේදයක් අනුගමනය නොකරන අතර, එබැවින් අපිදු එක් මූලාශ්‍රයකට පමණක් සීමා නොවුණෙමු.  අපගේ අන්තර්ජාල මාධ්‍ය  තෝරාගැනීමට පාදක වුයේ Social bakers, allyoucanread, Feedspot සහ Alexa යන වෙබ් අඩවි ශ්‍රේණිගතකිරීමේ කාර්යයේ නියැලෙන වෙබ් අඩවි මගින් කෙරෙන ශ්‍රේණිගතකිරීම්ය. Social bakers මගින් Facebook පරිශීලක ප්‍රතිශත කොටස මත පදනම්ව වඩාත් ජනප්‍රිය අන්තර්ජාල- මාධ්‍ය  වෙබ් අඩවි කෙරෙහි අවධානය යොමුකරයි. Bestweb.lk යනු ශ්‍රී ලංකාවේ ඩොමේනයන් ලියාපදිංචි කරන රෙජිස්ටරය මගින් පවත්වන තරගයකි. Allyoucanread.com මගින් ඉහලම පුවත්පත් 30 ක් සහ අන්තර්ජාල මාධ්‍ය  වෙබ් අඩවි පෙළගස්වන නමුත් ඔවුන් අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳ කිසිදු තොරතුරු සපයන්නේ නැත. MOM කණ්ඩායම මගින් එම තොරතුරු ඉල්ලා විද්යුත් ලිපියක් යැවු අතර, එනමුත් එයට ප්‍රතිචාරයක් නොවුණි. Feedspot අවධානය යොමු කරනුයේ, Facebook සහ Twitter යන සමාජ මාධ්‍ය  වේදිකා තුළ අන්තර්ජාල මාධ්‍ය  භාවිතාව වන අතර, Alexa හි Free Ranking තුළ අන්තර්ගතය නොසලකා වඩාත්ම ජනප්‍රිය වෙබ් අඩවි ශ්‍රේණිගත කෙරී  ඇත.  අපගේ අන්තර්ජාල මාධ්‍යයන්  තුළ, Gossiplankanews.com යන වඩාත්ම ජනප්‍රිය ඕපාදුප වෙබ් අඩවියද ඇතුළු අඩවි 11 ක් අන්තර්ගත වේ.  

9. ශ්‍රී ලංකාව අදාළ වන්නේ කෙසේද?

2018 ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ (Press Freedom Index) ශ්‍රී ලංකාව සිටින්නේ රටවල් 180 ක් අතරින් 131 වැනි ස්ථානයේය. Reporters without Borders (RSF) ආයතනයේ ප්‍රකාශනයක් වන එම දර්ශකය, මාධ්‍ය  නිදහස, ස්වයං-වාරණය, නීතියේ ආධිපත්‍යය, විනිවිදභාවය සහ මාධ්‍ය  අවභාවිතා කිරීම් වැනි මිනුම් මත පදනම් රටවල් ශ්‍රේණිගත කරයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය  සන්දර්භය තිස් වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධයකින් පසුව සංක්‍රාන්තියකට ලක්වෙමින් පවතියි. වත්මන් ආණ්ඩුව මාධ්‍ය  නිදහස සහ මහජනතාවට තොරතුරු ලබාගැනීමට ප්‍රවේශවීමේ නිදහස අගයකරන බවක් පෙනේ.

අවසාන වශයෙන්, Verité Research ආයතනය වැනි ශක්තිමත් දේශීය සහකාරීත්ව ආයතනයක් තෝරාගැනීම RSF හි වඩාත් ප්‍රබල තෝරාගැනීමේ නිර්ණායකයක් වන අතර, එමගින් ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම සපයයි.

10. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය පවතින්නේ ශ්‍රී ලංකාවට අදාළව පමණද?

මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය දියුණු කෙරුණේ ලෝකය පුරාම භාවිතා කළ හැකි සහ එසේ භාවිතා වීමට ඉඩ ඇති ක්‍රමවේදයක් ලෙසිනි. මාධ්‍ය  හිමිකාරිත්වයන් සංකේන්ද්‍රණය වීමේ ප්‍රවණතා ලෝකය පුරාම දක්නට ලැබුනත්, මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය මගින් මේ අදියරේදී සැලකිල්ලට ගනු ලබන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් පමණි. වසර තුනක කාලයක් මුළුල්ලේ, මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ වැඩසටහන රටවල් 20 පමණ ක්‍රියාත්මක කොට ඇත. එකී සියලු ව්‍යාපෘතීන් සම්බන්ධ විස්තර ඒ ඒ අදාළ වෙබ් අඩවිවලට ප්‍රවිශ්ට වී ලබාගත හැකිය.

11. අධ්‍යයනයේදී පැන නැගි මූලික බාධාවන් මොනවාද?

  • ආර්ථික දත්ත නොමැති වීම: වෙළඳපොළ ප්‍රතිශත කොටස මත පදනම් වූ වෙළඳපල සංකේන්ද්‍රණය කිසිදු මාධ්‍ය  අංශයකට අදාළව ගණනය කිරීමට නොහැකි විය. එයට හේතුව වුයේ මාධ්‍යයන් සතුව තම ආයතනයට අදාළ මූල්‍ය ප්‍රකාශන සෑමවිටම පාහේ නොතිබීම සහ පවත්නා මූල්‍ය ප්‍රකාශන පවා අදාළ මාධ්‍යයන්හි සමස්ත මූල්‍ය ප්‍රකාශන වීමයි; එනම්, ඒවා තුළ මාධ්‍ය  ජාලයට අදාළ අනිකුත් ව්‍යාපාරවලට අදාළව ගණනය කරන ලද සාමාන්‍ය ආදායම් අඩංගු විණි.
  • ග්‍රාහක ප්‍රතිශත කොටස මිනුම් කරන දත්ත මහජනයාට ප්‍රවේශ විය හැකි ආකාරයෙන් නොමැතිවීම: පර්යේෂණ ව්‍යාපාර මගින් ඒවා විකුණන අතර, එම සමහර දත්ත පිළිබඳ මතභේදාත්මක තත්ත්වයන් තිබේ.
  • සමහර පර්‍යේෂණ සඳහා -විශේෂයෙන්ම විවිධාකාර දේශීය වෙළඳපලවල් සහ තවදුරටත් සඟවා ඇති හිමිකාරීත්ව ව්‍යුහයන් පිළිබඳව කෙරෙන පර්‍යේෂණ සඳහා- වැඩි කාලයක් සහ සම්පත් ප්‍රමාණයක් වැයවීම.
  • මාධ්‍ය  සඳහා මහජන මුදල් වැයකිරීම් සහ මාධ්‍ය  සඳහා වන ප්‍රචාරණ කටයුතු විනිවිදභාවයකින් තොරවීම: මාධ්‍ය  සඳහා වැය කෙරෙන මහජන මුදල් ප්‍රමාණය හඳුනාගත නොහැක. එසේ වීමට හේතුවී තිබෙන්නේ එසේ මාධ්‍ය  සඳහා වැයකෙරෙන මහජන මුදල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු මහජනයා ප්‍රවේශවිය හැකි අයුරින් නොතිබීම සහ ප්‍රචාරණය සඳහා වැයවූ වියදම් ලෙස ඒවා නිශ්චිතව වර්ගීකරණය නොවීම නිසා .

12. අප විසින් ඉලක්ක කරගනු ලබන්නේ කවුරුන්වද?

මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ දත්ත පද්ධතිය ඔස්සේ,

  • මාධ්‍ය  පද්ධතිය පිළිබඳ සෑම පුරවැසියෙකුට සාමාන්‍ය අවබෝධයක් ලබාගත හැකිය;
  • මාධ්‍ය  හිමිකාරීත්වය සහ මාධ්‍ය  සංකේන්ද්‍රණය පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහල නැංවීමෙහි ලා සිදුකෙරෙන සිවිල් සමාජයේ උපදේශන කාර්යයන් සඳහා අවැසි දත්තමය පදනමක් ගොඩනැගිය හැකිය;
  • මාධ්‍ය  බහුවිධතාවය සුරක්ෂිත කිරීමට අවශ්‍ය සුදුසු නියාමන ක්‍රමවේද ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය තුළ, ඊට අදාළ සියළු ආයතනවල උපදේශකත්වය ලබාගන්නා විට මෙම දත්ත සටහන පදනමක් ලෙස භාවිතා කල හැකිය.

13. මීළඟ අදියරේ දී සිදුවන්නේ කුමක් ද?

මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ දත්ත පද්ධතිය වර්තමාන තත්ත්වයේ පිළිබිඹුවක් වන අතර, ඓතිහාසික කරුණු මගින් එයට අවශ්‍ය පසුබිම සපයා ඇත. Verité Research ආයතනය මගින් එය නිරතුරුව යාවත්කාලීන කෙරේ.

14. මේ ව්‍යාපෘතිය හා සමාන තවත් ව්‍යාපෘතීන් තිබේ ද?

මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය ප්‍රධාන වශයෙන් උත්තේජනය ලැබුවේ මේ හා සමාන වෙනත් ව්‍යාපෘතීන් දෙකකිනි. ඉන් එකක් ෆ්ලොරන්ස් හි Eurpoean University Insitute ආයතනයට අනුබද්ධ Centre for Media Pluralism and Media Freedom (CMPF) මගින් යුරෝපීය සංගමයේ ආධාර ඇතිව සිදුකරන Media Pluralism Monitor ව්‍යාපෘතියයි. තවදුරටත්, මැසිඩෝනියාවේ පර්යේෂණාත්මක මාධ්‍යවේදීන් විසින් සංවර්ධනය කර ඇති Media Pedia නම් මාධ්‍ය  ආයතන හිමිකාරීත්වය පිළිබඳ දත්ත පද්ධතියද මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණය කෙරෙහි විශාල උත්ප්‍රේරණයක් විය. මේ හා සමාන තවත් ව්‍යාපෘතීන් පිළිබඳ දළ අවබෝධයක් පහත වගුවෙන් ලබාගත හැකිය

සංවිධානය

ව්යාපෘතිය

Access Info 

මෙය ස්පාඤ්ඤය පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන අතර, මාධ්‍ය  හිමිකාරීත්වය අදාළ විනිවිදභාවය පිළිබඳ යුරෝපීය රටවල් ගණනාවක සිය කාර්යයන් ක්‍රියාත්මක කරයි.

Article 19

මාධ්‍ය  නිදහස අදාළව වැඩ කටයුතු කරන රාජ්‍ය-නොවන සංවිධානයකි. එය මාධ්‍ය  සංකේන්ද්රණයට අදාළව ව්‍යාපෘතීන් ක්‍රි‍යාත්මක කරයි.

Deutsche Welle

විවිධ මාධ්‍ය  නිදහසට අදාළ දර්ශකයන් සම්බන්ධව දළ අවබෝධයක් ලබාගැනීම සඳහා, Deutsche Welle මගින් ප්‍රකාශයට පත් කරන Media Freedom Navigator හරහා අවස්ථාව තිබේ.

European Audiovisual Observatory

යුරෝපයේ රූපවාහිනි සහ ශ්‍රව්‍ය-දෘශ්‍ය සේවාවන් වලට අදාළ දත්ත සටහනකි.

European Journalism Center

 

යුරෝපය ආශ්‍රිත රටවල මාධ්‍ය  ජාලා වල තත්ත්වය සම්බන්ධ සාරාංශයක් සහ විශ්ලේෂණයක් මෙම වෙබ් අඩවිය තුළ අන්තර්ගත වේ.

 

European University Institute in Florence

Media Pluralism Monitor යුරෝපීය සංගමයේ සාමාජික රටවල් වලට අදාළව මාධ්‍ය බහුවිධතාවය සම්බන්ධයෙන් පවතින තර්ජන‍යන් තක්සේරු කරයි.

IFEX

විවිධ රටවල මාධ්‍ය  ජාලයන්හි තත්ත්වය පිළිබඳව තොරතුරු සපයයි.

IREX

රටවල් 80 ස්වාධීන මාධ්‍යයන්ට අදාළ කොන්දේසි පිළිබඳ විශ්ලේෂණයන් Media Sustainability Index (MSI) මගින් සපයයි.

mediaUk

මහා බ්‍රිතාන්‍යයේ මාධ්‍ය  හිමිකාරිත්වය පිළිබඳ තොරතුරු සපයන වෙබ් අඩවියකි

Pew Research Center

මෙම ආයතනය මගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මාධ්‍ය  පිළිබඳ අන්තර් -ක්‍රියාකාරී දත්ත සටහනක් ප්‍රකාශයට පත් කරයි.

SEENPM

ගිනිකොණදිග යුරෝපයේ සහ යුරෝපීය සංගමයේ සාමාජික රටවල් වලට අදාළව මාධ්‍ය  හිමිකාරීත්වය සහ මාධ්‍ය  බහුවිධතාවයට වන බලපෑම පිළිබඳ පිරික්සීමක් සිදු කරයි.

The Columbia Institute for Tele-Information at Columbia Business School

රටවල් 30 කර්තෘවරුන්ගේ සහභාගීත්වයෙන්, පොදු ක්‍රමවේදයක් යොදාගනිමින් මාධ්‍ය  සංකේන්ද්‍රණය පිළිබඳව සිදු කෙරෙන පර්‍යේෂණයකි.

The Institute for Media and Communication Policy

ලෝකයේ විශාලම මාධ්‍ය  ආයතනවල ආයතනික ජාලය පිළිබඳව වන දත්ත සටහනකි.

UNESCO

Media Development Indicators - එය මාධ්‍ය  සංවර්ධනය  තක්සේරු කරන රාමුවකි.  

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ