This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/18 at 22:50
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

ජනමාධ්‍ය හිමිකාරිත්වයේ ඇති වැදගත්කම

සමාජයේ අදහස් හා මතවාදයන් වෙත ජනමාධ්‍ය බලපෑම් සිදුකරයි.  යහපත් ලෙසින් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සුරැකීම වෙත බලයේ සිටින පුද්ගලයන්ගේ අදහස් මෙන්ම නිදහස, බහුත්වවාදය, මහජන මතය සහ අදහස් අයත් වේ. ජනමාධ්‍ය හිමිකාරීත්වය අධ්‍යනය සහ හිමිකාරීත්ව බහුවිදතාව තහවුරුකිරීම, නිදහස සහ තෝරාගැනීමේ නිදහස ඒ සඳහා තබන පළමු පියවරයි.

මහජනතාව විසින් තමන්ට ලැබෙන තොරතුරු කවුරුන් විසින් සපයනවාදැයි නොදැන, ඒවායේ විශ්වාසනීයත්වය ඇගයීමට ලක්කරන්නේ කෙසේද?ජනමාධ්‍යවේදීන් තමා සේවය සපයන ආයතනයේ අයිතිකරුවන්ව නොදැන සේවය කරන්නේ කෙසේද? ජනමාධ්‍ය වල සුක්කානම කවුරුන් අතේ තිබෙනවාදැයි නොදැන මාධ්‍ය බලධාරීන් අධික මාධ්‍ය සංකේන්ද්‍රණය ගැන කතා කරන්නේ කෙසේද?

ජනමාධ්‍ය හිමිකාරිත්ව ආකෘතිය, මාධ්‍ය කර්මාන්තය ඔවුන්ගේ සම්පත් කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සඳහා බලපෑම් සිදු කරයි. ඒ මගින් අනාගත ආයෝජකයින් සුවිශේෂී ලැදියාවක් දක්වනු ඇති, මාධ්‍ය ක්ෂේත්‍රයෙහි ආර්ථික ශක්තිය සහ කාර්යක්ෂමතාවය හැඩගස්වා ඇත.

මෙම ගැටළු විස්තීර්ණව විදහා බලන විට, ලංකාවේ මුද්‍රිත, රේඩියෝ, ටෙලිවිෂන් සහ අන්තර්ජාල මාධ්‍යන් සංකේන්ද්‍රනය වී තිබෙන්නේ ඉතාම සුළු පිරිසක් අතරේ බව මාධ්‍ය හිමිකාරිත්ව නිරීක්ෂණය මගින් සොයා ගන්නට යෙදිණි. හිමිකාරිත්ව ව්‍යුහයන් සලකා බලන කල එක් එක් ජනමාධ්‍ය ප්‍රකාශනයන්, නාලිකාවන් සහ අඩවිද දේශපාලන සම්බන්ධතා වලින් නිදහස්ව නොමැති බව පෙනී යයි. පොදුවේ, මාධ්‍ය හිමිකාරිත්ව ව්‍යුහයන් තුළ මෙන්ම දත්ත වලට ප්‍රවේශවීම වීම සඳහාද ඇත්තේ සීමාසහිත විනිවිදභාවයකි.

‘ජනමාධ්‍ය හිමිකරුවන් කවුරුන්ද’ යන්න පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අපගේ දත්ත සමුදාය වෙත පිවිසෙන්න.

මෙම වෙබ් පිටුවේ අන්තර්ගතය නිරන්තරයෙන් විමංසනය කරනු ලැබේ . ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් සිදුවන අදාළ වර්ධනයන්‍ට සමගාමීව මෙම වෙබ් පිටුවේ තිබෙන තොරතුරුද නිරන්තරයෙන් යාවත්කාලීන වේ. 

 

මාධ්‍ය සහ හිමිකරුවන්ගේ දත්ත සමුදාය
මුලික සොයාගැනීම්
මාධ්‍ය බහුවිධතාවයට ඇති අවධානම් දර්ශක
  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ