This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 11:42
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

Team

MOM Team

ඕලාෆ් ස්ටීන්ෆැට් , ව්‍යාපෘති අධ්‍යක්ෂ - ගෝලීය

ඕලාෆ්, මාධ්‍ය නිදහස පිළිබඳ අධීක්ෂණය කරන සීමා මායිම් නැති මාධ්‍යවේදියෝ සංවිධානයේ "Media Ownership Monitor (මාධ්‍ය හිමිකාරිත්ව නිරීක්‍ෂකය -MOM)" ව්‍යාපෘතියට සහ "Journalism Trust Initiative (ජනමාධ්‍ය කෙරෙහි විශ්වාසය පිහිටුවීමේ මෙහෙවර)" මෙහෙවරට නායකත්වය ලබා දේ. ඔහු වසර ගණනක් මුළුල්ලේ මාධ්‍ය සංවර්ධන සහයෝගිතාව පිළිබඳ උපදේශකවරයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇත. ජාත්‍යන්තර සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවල ඉල්ලීම මත ඕලාෆ් හට මූලික වශයෙන් අග්නිදිග යුරෝපීය රටවල සහ අරාබිකරයේ රටවල වගකීම් භාර වේ. ඔහු මීට ප්‍රථම ජර්මනියේ රාජ්‍ය විකාශන සේවා වන වන ARD සහ ZDFහි ගුවන්විදුලි සහ රූපවාහිනි නිවේදකයෙකු, ගවේෂණාත්මක වාර්තාකරුවෙකු, දේශීය හා විදේශීය වාර්තාකරුවෙකු ලෙසත් ආකෘති සැලසුම් කිරීම සහ ආයතනික සන්නිවේදනය යන අංශවලත් සේවය කර ඇත. ඕලාෆ් යුරෝපීය කොමිසමේ "ව්‍යාජ ප්‍රවෘත්ති සහ මාර්ගගත දුස්තොරතුරු පිළිබඳ ඉහළ මට්ටමේ විශේෂඥ කණ්ඩායම" සහ යුරෝපීය කවුන්සිලයේ "ඩිජිටල් යුගයේ පුවත්පත් කලාවේ ගුණාත්මකභාවය පිළිබඳ විශේෂඥ කමිටුව" යන කමිටුවල  සාමාජිකත්වය දරයි. ඔහු නොයෙක් විට ජර්මානු සහ යුරෝපීය විශ්වවිද්‍යාලවල ඉගැන්වීමේ කටයුතු සිදු කරයි.

නෆීසා හසනෝවා , ව්‍යාපෘති කළමනාකරු ශ්‍රී ලංකා, සීමා මායිම් නැති මාධ්‍යවේදියෝ සංවිධානය

නෆීසා ශ්‍රී ලංකාවේ MOM ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ලෙස කටයුතු කරන අතර ඇය මීට පෙර සීමා මායිම් නැති මාධ්‍යවේදියෝ සංවිධානය වෙනුවෙන් යුක්රේනයේත් (2016), සර්බියාවේත් (2017), ඇල්බේනියාවේත් (2018)  MOM ව්‍යාපෘති කළමනාකරණය කර ඇත. RSF හා සම්බන්ධ වීමට ප්‍රථම නෆීසා “ෆින්ලන්ත අර්බුද කළමනාකරණ මෙහෙවර - මාර්ටි ආටිසාරි මධ්‍යස්ථානය (Finnish Crisis Management Initiative (CMI) Martti Ahtisaari Centre)” වෙනුවෙන් ට්‍රානිස්ට්‍රියානු (Transdnestrian) සමථකරණ ක්‍රියාවලියට සම්බන්ධ වී කටයුතු කර ඇත. 2012 සිට 2014 දක්වා ඇය නැගෙනහිර යුරෝපය, කොකේසස් සහ මධ්‍යම ආසියාවේ ප්‍රතිපත්ති නිලධාරිනියක ලෙස APRODEV සංවිධානයෙහි (වර්තමානයේ බ්‍රසල්ස් නුවර පිහිටි ACT Alliance EU සංවිධානය)  සේවය කර තිබෙන ඇය,. 2008-2012 දී නෆීසා බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපීය ප්‍රතිපත්ති අධ්‍යයන මධ්‍යස්ථානයේ (Centre for European Studes - CEPS සහ FRIDE) EUCAM (යුරෝපා සංගමයේ මධ්‍යම ආසියා නිරීක්ෂණය) හි ව්‍යාපෘති කළමනාකරු ලෙස ද, සේවය කළාය. නෆීසා, ජර්මනියේ ෆුල්ඩාහි පිහිටි ව්‍යවහාරික අධ්‍යයන විශ්වවිද්‍යාලයේ අන්තර් සංස්කෘතික සන්නිවේදනය සහ යුරෝපීය අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි. ඇය උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් රාජ්‍ය විදේශ භාෂා ආයතනයේ ඉංග්‍රීසි භාෂා විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ද සම්පූර්ණ කර ඇත.

දීපාංජලී අබේවර්, මාධ්‍ය අංශ ප්‍රධානී, වෙරිටේ රිසර්ච් ආයතනය 

දීපාංජලී, මාධ්‍ය ආචාර ධර්ම, මාධ්‍යයේ හැසිරීම මෙන්ම මාධ්‍ය සහ කාන්තාවන් සම්බන්ධයෙන් පුළුල් අත්දැකීම් තිබෙන මාධ්‍ය පර්යේෂිකාවකි.. ඇය මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව මාධ්‍යවේදීන් පුහුණු කිරීමෙහි යෙදෙන අතර විදේශයන්හි මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ශිෂ්‍යත්ව සහ වැඩසටහන් කිහිපයකටම සහභාගි වී ඇත. මීට අමතරව, නෝර්වේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ සහ ස්විට්සර්ලන්තයේ ෆ්‍රිබර්ග් විශ්වවිද්‍යාලයේ සිදු කළ අධ්‍යයන කටයුතු තුළින් දීපාංජලී ගැටුම් නිරාකරණය සහ මානව හිමිකම් පිළිබඳව ද අත්දැකීම් ලබා ඇත. දීපාංජලී කොළඹ විශ්වවිද්‍යාලයෙන් අන්තර්ජාතික සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් සහ ඉන්දියාවේ පොන්ඩිචෙරි විශ්වවිද්‍යාලයෙන් දකුණු ආසියානු අධ්‍යයනයන් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ඇය මදන්ජීත් සිං ශිෂ්‍යත්වය මත ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් කෙනෙකු ද වේ. දීපාංජලී ශ්‍රී ලංකාවේ මාධ්‍ය, මාධ්‍ය හිමිකාරිත්වය සහ සංහිඳියාව ඇති කිරීමෙහිලා මාධ්‍යයේ භූමිකාව අවබෝධ කර ගැනීම සඳහා දේශීය හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් සහ මාධ්‍ය වෘත්තිකයින් රැසක් සමඟ කටයුතු කර ඇත.

ස්ටෙෆනි නිකොල් , ප්‍රධාන පර්යේෂක, වෙරිටේ රිසර්ච් ආයතනය 

ස්ටෙෆනි වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සේවය කරයි. ඇය ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියක් ලබා ඇති අතර, එහිදී සිය ප්‍රධාන අධ්‍යයන විෂයෙන් බැහැරව ඇය අනතර්ජාතික සබඳතා සහ සමාජ විද්‍යාව යන විෂයන් ද හදාරා ඇත. වෙරිටේ රිසර්ච් හා සම්බන්ධ වීමට පෙර ඇය ජර්මනියේ “International Corpus of English - Sri Lanka (ජාත්‍යන්තර  ඉංග්‍රීසි සංග්‍රහය - ශ්‍රී ලංකාව)” ව්‍යාපෘතියේ කටයුතු කර ඇත. මාධ්‍ය සහ සන්නිවේදනය යන ක්ෂේත්‍රයන් සමඟ කටයුතු කර ඇති ස්ටෙෆනි, දේශපාලනය, ගැටුම් සහ සංස්කෘතික අධ්‍යයන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් උන්නදුවක් දක්වන අතර ඒ වෙනුවෙන් ඉදිරියේදී වැඩි අවධානයක් ලබා දීමට ඇය බලාපොරොත්තු වේ.

ශමානා අම්ජා , පර්යේෂක, වෙරිටේ රිසර්ච් ආයතනය

ශාමනා දැනට වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ විධායක නිලධාරිනියක ලෙස කටයුතු කරයි. ඇය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් දෙවන පංතියේ සාමාර්ථයක් සහිතව නීති උපාධියක් ලබා ඇති උපාධිධාරිනියකි. තව ද, ඇය 2019 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥ විභාගය සඳහා පෙනී සිටීමට ද අදහස් කරයි. ඇය පර්යේෂණ සහ ප්‍රජා සේවා ක්ෂේත්‍රයේ විවිධ ස්වේච්ඡා වැඩසටහන්වලට සහභාගි වී ඇත. ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, ලෝකයේ පාලන පද්ධතිය, ආරක්‍ෂක අධ්‍යයනයන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UNO) වැනි ජාත්‍යන්තර/කලාපීය සංවිධානවලට අදාළ කරුණු පිළිබඳ ඇය බෙහෙවින් උනන්දුවක් දක්වයි.

එඩ්වඩ් උදයදාස් , පර්යේෂක, වෙරිටේ රිසර්ච් ආයතනය

එඩ්වඩ් Athavan News හි මාධ්‍යවේදියෙකු ලෙස සේවය කර ඇත. ඔහු වෙරිටේ රිසර්ච් ආයතනයෙහි මාධ්‍ය පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර Athavan TV හි රූපවාහිනී නිවේදකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

රොෂේල් කනගසබේ, පර්යේෂක, වෙරිටේ රිසර්ච් ආයතනය

රොෂේල් වෙරිටේ රිසර්ච් ආයතනයෙහි මාධ්‍ය පර්යේෂණ කණ්ඩායමේ සාමජිකයෙකි. ඊට සමගාමීව ඔහු ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගැටුම් සහ සාම පිළිබඳ අධ්‍යයනයන් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටී. රොෂේල් බල්ගේරියාවේ ඇමරිකානු විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති අතර එහිදී ඔහු ප්‍රධාන අධ්‍යයන විෂයට අමතරව ඉතිහාසය හා ශිෂ්ටාචාරය යන විෂයන් ද හදාරා ඇත. වෙරිටේ රිසර්ච් ආයතනය හා සම්බන්ධ වීමට පෙර, ඔහු පර්යේෂණ, කළමනාකරණ සහ ප්‍රජා සේවා යන ක්ෂේත්‍රයන්හි විවිධ සීමාවාසික සහ ස්වේච්ඡා වැඩසටහන්වලට සහභාගි වී ඇත. ගැටුම් සහ සාමය පිළිබඳ අධ්‍යයනය, න්‍යෂ්ටික නිරායුධකරණය, සරණාගතයින් සහ අක්‍රමවත් සංක්‍රමණය, 1900 දශකයේ සිට දේශපාලන ඉතිහාසය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN), යුරෝපා සංගමය (EU) සහ කලාපීය සහයෝගිතාව සඳහා වන දකුණු ආසියානු සංගමය (SAARC) වැනි ජාත්‍යන්තර/කලාපීය සංවිධානවලට අදාළ කරුණු සම්බන්ධයෙන් රොෂේල් බෙහෙවින් උනන්දුවක් දක්වයි.

මහෝෂදි පීරිස් , පර්යේෂක, වෙරිටේ රිසර්ච් ආයතනය

මහෝෂදි වෙරිටේ රිසර්ච් ආයතනයෙහි මාධ්‍ය පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ඇය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් දෙවන පංතියේ (ඉහළ) සාමාර්ථයක් සමඟ නීති උපාධියක් ලබා ඇත. තව ද, ඇය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥ විභාගය වෙනුවෙන් පෙනී සිටීමට ද අදහස් කරයි. වෙරිටේ රිසර්ච් ආයතනය හා සම්බන්ධ වීමට පෙර ඇය නීති සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ විවිධ සීමාවාසික සහ ආයතනික තනතුරුවල කටයුතු කර ඇත. ජාත්‍යන්තර මානව හමිකම් නීතිය, ලෝකයේ පාලන පද්ධතිය, ආරක්‍ෂක අධ්‍යයන, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍ර පිළිබඳව මහෝෂදි බෙහෙවින් උනන්දුවක් දක්වයි.

විනූෂා පෝල්රාජ්, පර්යේෂක, වෙරිටේ රිසර්ච් ආයතනය

විනූෂා වෙරිටේ රිසර්ච් ආයතනයෙහි පර්යේෂණ සහකාරවරියක් වශයෙන් කටයුතු කරයි. ඇය ලෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ඇත. ඇය මීට ප්‍රථම මාධ්‍යවේදියෙකු ලෙස සේවය කර ඇති අතර සන්නිවේදන ක්ෂේත්‍රය ආශ්‍රිත විවිධ භූමිකාවන්හි ද ඇය කටයුතු කර ඇත. විනූෂා පශ්චාත් යටත්විජිත සමයේ දේශපාලනය, සයිබර් ආරක්ෂාව සහ ආයුධකරණය පිළිබඳව උනන්දුවක් දක්වයි.

දයාන් සුරේන්ද්‍රනාදන් , පර්යේෂක, වෙරිටේ රිසර්ච් ආයතනය

දයාන් කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවෙහි පිහිටි ක්වෙස්ට් විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක අධ්‍යයනය, දත්ත විද්‍යාව සහ දර්ශනය පිළිබඳ ශාස්ත්‍රවේදී සහ විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කර ඇත. තම ගිම්හාන සීමාවාසික පුහුණුව සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය සමඟ ඔහු සම්බන්ධ විය. දයාන් මීට පෙර සංහිඳියා යාන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය වෙනුවෙන් සංහිඳියාව සහ සංක්‍රාන්තික යුක්තිය වැනි ක්ෂේත්‍ර යටතේ කටයුතු කර ඇත.

ලහරි ජයතිලක , පර්යේෂක, වෙරිටේ රිසර්ච් ආයතනය

ලහරි 2018 ජූලි මාසයේදී ලන්ඩන් උසස් පෙළ විභාගය අවසන් කිරීමෙන් පසු තම සීමාවාසික පුහුණුව සඳහා වෙරිටේ රිසර්ච්  ආයතනය හා සම්බන්ධ විය. උසස් පෙළ සඳහා ඇය ඉංග්‍රීසි සාහිත්‍යය, ආර්ථික විද්‍යාව සහ මනෝ විද්‍යාව යන විෂයන් හදාරා ඇති අතර ඉංග්‍රීසි සාහිත්‍යය අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීමට ඇය බලාපොරොත්තු වේ.

විද්‍යා නතානියෙල් , නීති පර්යේෂණ කණ්ඩායම, MOM ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව, වෙරිටේ රිසර්ච් ආයතනය

අධ්‍යයන පසුබිම සැලකූ විට ඇය නීති විෂයන් හදාරා සිටිය ද, විද්‍යා තීරුබදු නොවන බාධක, වෙළඳ පහසුකම් සැලසීම, අයවැය විශ්ලේෂණය සහ තරඟකාරිත්වය යන අංශයන්ට අදාළ මාතෘකා වැනි ආර්ථික ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් කටයුතු කර ඇත. ඇය ශ්‍රී ලංකාව තුළ වඩාත් විවෘත සහ විනිවිදභාවයෙන් යුත් ප්‍රතිපත්ති සම්පාදනයට ඉඩ සැලසීමේ වැඩසටහන් සම්බන්ධයෙන් පුද්ගලික අංශයේ වාණිජ මණ්ඩල හා ප්‍රාදේශීය වාණිජ මණ්ඩලවල මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ පාර්ශවකරුවන් සමඟ ද කටයුතු කර ඇත. ඉඩම් අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය, ඖෂධ ප්‍රතිපත්ති, මාධ්‍ය හිමිකාරිත්වය, පරිසර ආරක්ෂණය සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යනාදි වශයෙන් සංවර්ධන අංශයට අයත් ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපෘතිවල ද ඇය කටයුතු කර ඇත. ශ්‍රී ලංකා‌ මුහුදේ යාන්ත්‍රික බොටම් ට්‍රෝලිං සම්බන්ධ ගැටළුව පිළිබඳව ඇය සිදු කළ පර්යේෂණය ජාතික ව්‍යාපාරයකට තුඩු දුන් අතර පසුව ශ්‍රී ලංකාව තුළ බොටම් ට්‍රෝලින් තහනම් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කරන ලදි. ශ්‍රී ලංකා නීති විද්‍යාලය විසින් පවත්වනු ලබන නීති විභාගයෙන් ද සමත්ව වෘත්තිමය නීතිඥවරියක ලෙසත් සුදුසුකම් සම්පූර්ණ කර ඇති විද්‍යා, මූලික අයිතිවාසිකම් සහ ව්‍යවස්ථාපිත නීති නඩු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ විරාන් කොරයාගේ කනිෂ්ඨ නීතීඥවරියක ලෙස අර්ධ කාලීනව සේවය කර ඇත. ඇය 2011 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් LLB උපාධිය ලබා ගත් අතර සම්පුර්ණ අරමුදල් සහිත පොදුරාජ්‍ය මණ්ඩලීය හවුල් ශිෂ්‍යත්වයක් ලබා ඒ යටතේ වොරික් විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සංවර්ධන නීතිය සහ මානව හිමිකම් පිළිබඳ LLM උපාධියක් ද ලබා ඇත.

විරාන් කොරෙයා, උපදේශක - නීති පර්යේෂණ කණ්ඩායම, MOM ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව, වෙරිටේ රිසර්ච් ආයතනය

විරාන් දශක දෙකකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කර පළපුරුද්ද ලැබූ නීතිඥයෙකි. නැවත පුද්ගලික නීතිඥ ක්ෂේත්‍රයට ඇතුළු වීමට පෙර ඔහු වසර කිහිපයක් ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරයෙකු ලෙස සේවය කළේය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් LLB  සහ  LLM උපාධි ලබා ඇත.

වසර ගණනාවක් පුරා ඔහු ජාතික වශයෙන් මෙන්ම ජනතාවට ද වැදගත්කමක් ඇති නීතිමය වශයෙන් සන්ධිස්ථාන සනිටුහන් කළ නඩුවලට පෙනී සිට බොහෝ පාර්ශවයන් හට (රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශයේම) නීති උපදෙස් ලබා දී ඇත. මාධ්‍ය නියාමනය සහ ප්‍රකාශනයේ නිදහස හා සබැඳිව ශ්‍රී ලංකාවේ පවත්වන ලද ප්‍රධාන නඩු ද මීට ඇතුළත් වේ.

ඔහු වෙරිටේ රිසර්ච් ආයතනයෙහි නීති උපදේශකයෙකු වශයෙන් කටයුතු කරන අතර කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයේ ද වසර කිහිපයක් සේවය කර ඇත.

සුපුන් ජයවර්ධන , නීති පර්යේෂණ කණ්ඩායම, MOM ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව, වෙරිටේ රිසර්ච් ආයතනය

Verité Research

වෙරිටේ රිසර්ච් යනු ආසියා කලාපය ආවරණය වන පරිදි සඳහා උපාය මාර්ගික විශ්ලේෂණයන් සපයන, ස්වාධීන, පුද්ගලික බුද්ධි පර්ෂදයකි. ප්‍රධාන වශයෙන් ආර්ථිකය, දේශපාලනය, නීතිය සහ මාධ්‍ය යන ක්ෂේත්‍රයන් තුළ වෙරිටේ රිසර්ච් විවිධ පර්යේෂණයන් සිදුකරයි. ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පිහිටි වෙරිටේ රිසර්ච් ආයතනය, පුද්ගලික අංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, බහුපාර්ශ්වික නියෝජිතායතන, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, රජයේ දෙපාර්තමේන්තු සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් වෙනුවෙන් පර්යේෂණ සිදු කර ඇත. වෙරිටේ රිසර්ච් ආයතනයෙහි සේවයෙහි යෙදෙන ආර්ථික විද්‍යාව, නීතිය, දේශපාලනය සහ මාධ්‍ය පිළිබඳ පර්යේෂණ කණ්ඩායම් බො‌හෝ අවස්ථාවලදී එක්ව පර්යේෂණ කටයුතු සිදු කරන අතරම, එම සියලුම ක්ෂේත්‍ර පර්යේෂණයන්ට අදාළ කර ගනිමින් ද කටයුතු කරති. ශ්‍රී ලංකාවේ ආර්ථිකය, දේශපාලන සංස්ථාව සහ සමාජ  පසුබිම පිළිබඳ අනන්‍ය වූත් පරිපූර්ණ වූත් අවබෝධයක් ගනුදෙනුකරුවන්ට ලබා දීමට මෙමගින් වෙරිටේ රිසර්ච් ආයතනයට ඉඩ සැලසේ. වෙරිටේ රිසර්ච් ආයතනයෙහි කාර්ය මණ්ඩලය විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ පළපුරුදු ලබා ඇති අතර ඒ පිළිබඳ ප්‍රවීණත්වයක් ද ලබා ඇත. ආයතනයේ පූර්ණ කාලීන කාර්ය මණ්ඩලයට අමතරව, බොහෝ අවස්ථාවල දී, වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිය පර්යේෂණ කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් මෙන්ම පර්යේෂක සහයකවරුන් ද සම්බන්ධ කර ගනු ලැබේ.

Reporters Without Borders

සීමා මායිම් නැති මාධ්‍යවේදියෝ (Reporter Sans Fronti è res, RSF) සංවිධානය 1985 දී මාධ්‍යවේදීන් සිව් දෙනෙකු විසින් ප්‍රංශයේ පිහිටි මොන්පේලියේර් (Montpellier) නගරයේ දී පිහිටුවන ලදි. ලාභ නොලබන සංවිධානයක් ලෙස මෙම සංවිධානය ප්‍රංශයේ ලියාපදිංචි කර ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) උදෙසාත් යුනෙස්කෝ (UNESCO) සංවිධානය උදෙසාත් උපදේශක මට්ටමින් කටයුතු කරයි. සීමා මායිම් නැති මාධ්‍යවේදියෝ සංවිධානය මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධානයකි. එය ස්වාධීන මාධ්‍ය සංවිධාන සඳහා සහය දක්වන අතරම ලෝ පුරා තර්ජනයට ලක්ව සිටින මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ද කටයුතු කරයි. මෙම සංවිධානයේ මෙහෙවර:

·       ලෝ පුරා තොරතුරු දැනගැනීමේ නිදහසට එල්ල වන ප්‍රහාර අඛණ්ඩව අධීක්ෂණය කිරීම;

·       එලෙස සිදුවන ප්‍රහාර මාධ්‍ය හරහා හෙළා දැකීම;

·       තොරතුරු දැනගැනීමේ නිදහස සීමා කිරීම අරමුණු කරගත් වාරණ සහ නීතිවලට එරෙහිව ක්‍රියා කිරීමට රජයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම;

·       හිංසාවට ලක් වූ ‍මාධ්‍යවේදීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට ද මානසික මට්ටමින් සහ මූල්‍යමය වශයෙන් උපකාර කිරීම.

·       යුධ වාර්තාකරුවන්ගේ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා භෞතිකමය ආධාර ලබා දීම.

මෙම සංවිධානයේ ජර්මානු අංශය බර්ලින් නුවර පිහිටා ඇති අතර එය 1994 සිට ක්‍රියාත්මක වන්නකි. මෙම ජර්මානු අංශය ලෝ පුරා මාධ්‍ය නිදහස පිළිබඳ පර්යේෂණ හා ඇගයීම් සිදු කිරීමේදී පැරිසියේ පිහිටි  ජාත්‍යන්තර ලේකම් කාර්යාලය (International Secretariat) සමඟ සමීපව කටයුතු කළ ද එය සංවිධානාත්මක සහ මූල්‍යමය වශයෙන් ස්වාධීන වූ සංවිධානයකි. එම භූමිකාව තුළ, මාධ්‍ය හිමිකාරිත්ව නිරීක්ෂක ව්‍යාපෘතියට (Media Ownership Monitor) අරමුදල් ලබා ගැනීම සඳහ එය ආර්ථික සංවර්ධන සහ සහයෝගිතාව සඳහා වන ජර්මානු ෆෙඩරල් අමාත්‍යාංශය (German Federal Ministry ‌for Economic Development and Cooperation - BMZ) වෙතින් ලබා දෙන ප්‍රදානයක් සඳහා ඉල්ලුම් කර ඇත .

Global Media Registry

ග්ලෝබල් මීඩියා රෙජිස්ට්‍රි ආයතනය (Global Media Registry – GMR) විසින් ලෝ පුරා පිහිටි මාධ්‍ය ආයතන පිළිබඳව ප්‍රසිද්ධියේ ලබා ගත හැකි හෝ ස්වයං-වාර්තා කර ඇති හෝ දත්ත ගබඩා සහ සන්දර්භගත තොරතුරු රැස් කිරීම, සම්පාදනය කිරීම හා සැපයීම සිදු කෙරේ.

තොරතුරු අවකාශය තුළ විනිවිදභාවය, වගවීම සහ වගකීම ඉහළ නැංවීම එහි පරමාර්ථයයි. මේ අනුව, සියලු පාර්ශවකරුවන් හට ඇල්ගොරිතම මෙන්ම පුද්ගල ආශ්‍රිතව ද වඩා හොඳ තේරීම් සිදු කිරීමටත් වඩා හොඳ තීරණ ගැනීමටත් GMR ආයතනය උපකාර කරයි. සෑම පුරවැසියෙකු හා පාරිභෝගිකයෙකු මෙන්ම නියාමකයින් සහ පරිත්‍යාගශීලීන් ද පුද්ගලික අංශය ද මෙහිදී පාර්ශවකරුවන් ලෙස සැලකේ - උදාහරණයක් ලෙස වෙළඳ දැන්වීම් ප්‍රචාරකයින් සහ අතරමැදියන් (එනම්, පර්යන්තයන් සහ බෙදාහරින්නන්).

මහජනතාව වෙනුවෙන් සිදු කරන මෙම සේවාව සමාජ ව්‍යවසායයක් ලෙස සැපයීම මගින් GMR ආයතනය පොදුවේ තොරතුරු හා ප්‍රකාශනයේ නිදහසේ ප්‍රගමනයට දායක වේ.

GMR ආයතනය, මාධ්‍ය හිමිකාරිත්ව නිරීක්ෂකය (MOM) ව්‍යාපෘතියෙන් උපන්නකි. එම ආයතනය දැනට ජර්මානු නීතිය යටතේ ලියාපදිංචිවත, ලාභ නොලබන පුද්ගලික සමාගමක් ලෙස ක්‍රියාත්මක වේ.

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ