This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/18 at 22:50
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

මාධ්‍ය

ශ්‍රී ලංකාවේ දැනට රුපවාහිනී නාලිකා 20ක් ද ගුවන් විදුලි නාලිකා 50ක් ද, දිනපතා සහ සතිපතා පුවත්පත් 75 අධික ප්‍රමාණයක්ද ඇත. මාධ්‍ය හිමිකාරිත්ව නිරීක්ෂණ කණ්ඩායම මගින් අන්තර්ජාල අවකාශයන්ද ඇතුළුව, මෙම කලාපයන් ඔස්සේ විහිදී යන මාධ්‍ය ආයතන හිමිකාරිත්ව ආකෘති 46ක් විමසා බලන්නට යෙදිණි. ප්‍රවෘත්ති වාර්තා කිරීමට සම්බන්ධ වෙබ් අඩවි වල හිමිකාරිත්වය ඇතැම් විට හඳුනාගැනීමට අපහසු වුවත්, අඩු තරමින් මාධ්‍ය ආයතන 44  හිමිකාරිත්වය පවුල් සහ පුද්ගලයන් 23 දෙනෙකු වෙත දිවෙන බව ලකුණු කොට ගන්නට අප සමත් වීමු. 

එම මාධ්‍ය ආයතන 46 ක අධ්‍යයනිත විස්තර සටහන්, ශ්‍රී ලංකාවේ පොදුවේ භාවිතා වන භාෂා වන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ඉදිරිපත්කර ඇත. 

මෙම මාධ්‍ය ආකාරයන් සතරෙහිම තුළ සිය නියෝජනය පවත්වා ගන්නට සමත්ව ඇති එකම බලය රාජ්‍ය අංශය වුවත්, එක් එක් අංශයන් තුළ පවත්නා තරගකාරීත්වය කරණ කොට ගනිමින් පුද්ගලික සමාගම් වලටද ග්‍රාහක ප්‍රතිශතයන් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී ඇත.

යම් යම් මාධ්‍යයන් වලට පොදුවූ තවත් ලක්ෂණයක් නම් ආගමික අන්තර්ගතයන් සඳහ ඒවායේ ලබාදී ඇති ඉඩකඩයි. කෙසේ වෙතත් මාධ්‍ය හිමිකාරිත්ව අධ්‍යනය අවධානය යොමු කරන්නේ පුවත් සහ කාලීන සිදුවීම් පිළිබඳව නිසාවෙන්, සම්පුර්ණයෙන්ම ආගමික අන්තර්ගතයන් ඇතුළත්වූ මාධ්‍ය නාලිකාවන්/ප්‍රකාශයනන් මෙම අධ්‍යනයේ විෂය පථයට ඇතුලත් කොට ගෙන නොමැත. මේ හැරුණු කොට, එෆ්. එම්. දෙරණ සහ හිරු එෆ්.එම් වැනි ජනප්‍රිය ගුවන් විදුලි නාලිකා පවා ඔවුන්ගේ දිනපතා උදැසන වැඩසටහන් ආරම්භ කරනුයේ ආගමික කටයුතු විකාශය කිරීමෙන් අනතුරුවය. 

නෛතික රාමුව තුළින් බලන කල, මාධ්‍ය හිමිකාරීත්වයට සීමා මායිම් පමුණුවන විශේෂ විධිවිධාන ශ්‍රී ලංකාව තුළ නොමැත .එහි ප්‍රතිපලයක්  වශයෙන් දේශපාලනඥයන්ට මාධ්‍ය ආයතනවල කොටස් හිමිකර ගැනීමට හැකියාව ලැබී ඇති අතර, එය සැබවින්ම සිදුවේ. මෙම දේශපාලන සම්බන්ධකම්ද, රාජ්‍යය මගින් ජනමාධ්‍ය වල නියාමකයෙකුගේ මෙන්ම හිමිකරුවෙකුගේද භූමිකාවන් ද්විත්වයම අත්පත් කර ගැනීමත් සමගින්ද ජනමාධ්‍යයන් තුළ දේශපාලන සම්බන්ධකම් දැකිය හැක.

මෙම වෙබ් පිටුවේ අන්තර්ගතය නිරන්තරයෙන් විමංසනය කරනු ලැබේ . ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධයෙන් සිදුවන අදාළ වර්ධනයන්‍ට සමගාමීව මෙම වෙබ් පිටුවේ තිබෙන තොරතුරුද නිරන්තරයෙන් යාවත්කාලීන වේ. 

මාධ්‍ය දත්ත සමුදාය
  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ