This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/18 at 18:09
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සන්දර්භය

ශ්‍රී  ලාංකික සමාජයේ ලක්ෂණ තීරණය කිරීම කෙරෙහි ජනමාධ්‍ය  ආයතන විසින් මහජන මතය ක‍ෙර‍ෙහි ඇති කරනු ලබන ප්‍ර‍බල බලපෑම හේතු වී ඇත. සමාජයේ මෙම පැතිකඩයන් දකුණු ආසියාව තුළ ඉහළම සාක්ෂරතාවයේ සිට දශක තුනක දිගු සන්නද්ධ ගැටුමේ ප්‍රතිඵලයක්  ලෙස භාෂාවේ ඇති වූ වාර්ගික බිඳීම් දක්වා වන පරාසයක විහිද පවතී. මෙම භාෂාමය බිඳීම‍ තුළ නිරීක්ෂණය වූවක් ල‍ෙස දේශපාලනික වශයෙන් සංවේදී කාරණා සම්බන්ධයෙන් සිංහල හා දෙමළ මාධ්‍ය  විසින් වාර්තා කර ඇත්තේ ක‍ෙසේද යන්න ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන ගතිකතාවයන් රටේ ජනමාධ්‍ය ව‍ෙතින් බෙදා හරිනු ලබන දෑ සැළකිය යුතු ආකාරයකින් හැඩගස්වා ඇත.

රාජ්‍ය මාධ්‍යයන්ග‍ෙන් ඔබ්බට ගියද, පෞද්ගලික මාධ්‍ය ආයතන පවා දේශපාලනික බලක්ෂේත්‍රය ව‍ෙතින් සම්පූර්ණයෙන්ම ස්වාධීන වී නැත.

පසුගිය දශක කිහිපය තුළ සිදු වූ මාධ්‍ය මර්දනය‍ෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස මෑත කාලයේ දී ශක්තිමත් කර තිබේ. කෙසේ වෙතත්, පාර්ශව කිහිපයක් තුළ මාධ්‍ය හිමිකාරත්වය සංකේන්ද්‍රණය කිරීම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල ස්වාධීනත්වයට තර්ජනයක් වී ඇත. වත්මන් නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුව මෙකී අභියෝගයට ප්‍රමාණවත්  ප්‍රතිචාරයක් දක්වා නැත.

ආර්ථිකමය ව‍ෙළඳ දැන්වීම්කරණය රාජ්‍ය සහ පෞද්ගලික යන දෙයංශය තුළම, ජනමාධ්‍ය  ආයතනයන්'හි   ප්‍රධානතම  ආදායම් උත්පාදන මාර්ගය බවට දිගින් දිගටම පත්ව ඇත. මෙම රඳා පැවැත්ම ජනමාධ්‍ය ස්වාධීනත්වයට තර්ජනයක් වී තිබේ.

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ