This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 04:14
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

ගුවන් විදුලිය

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියේ ඉතිහාසය 1925 දක්වා දිවයන්නේ කොළඹ රේඩියෝව පිහිටුවීම දක්වායි. දෙවන ලෝක යුධ සමයේදී එම සේවාව බ්‍රිතාන්‍ය හමුදාවන් යටතට ගැනුණු ගැනුණු අතර, පසුව එය  ලංකා රජය (වත්මන් ශ්‍රී ලංකාව) අතට නැවත පත්විණි. 1980 වන තෙක්ම ගුවන් විදුලි ක්ෂේත්‍රය,1966 අංක 37 දරණ ලංකා ගුවන්විදුලි සංස්ථා පනත යටතේ රාජ්‍ය ඒකාධිකාරයක්ව පැවතිණි.

වර්තමානය වන විට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගේ 50 අධික ගුවන් විදුලි නාලිකා සංඛ්‍යාවක් ක්‍රියාත්මක වේ. ගුවන් විදුලි වෙළෙඳපොළේ ශ්‍රාවක සංකේන්ද්‍රණය ඉහළ මට්ටමක පවත්නා අතරතුරදී, ක්ෂේත්‍රයේ තරගකාරිත්වය මගින් පවර් හවුස් වැනි වඩාත් නවමු හිමිකරුවන් හට ක්ෂේත්‍රයට පිවිසීමට ඉඩ හසර ලබාදී ඇත. සැලකිය යුතු පරිද්දෙන්, පවර් හවුස් සහ ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින් යන ආයතන දෙකම ශ්‍රාවක කොටස් ප්‍රතිශතයන් අත්පත් කොට ගෙන ඇත්තේ තනි ගුවන් විදුලි නාලිකාවක් පමණක් පවත්වා ගනිමිනි. මෙය, නාලිකා තුනකට වැඩි සංඛ්‍යාවක් සමගින් ශ්‍රාවක කොටස් ප්‍රතිශතයන් අත්කොටගෙන ඇති ඇති ඒබිසි සහ කැපිටල් මහරාජා වැනි සමාගම් වලින් වෙනස් වේ.

 

 

ගුවන් විදුලියේ දත්ත සමුදාය
  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ