This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 04:13
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

අන්තර්ජාල

2018 දී දකුණු ආසියාවට ඩිජිටල්' වාර්තාව මගින් පෙන්වාදෙන අන්දමට ලංකාවේ අන්තර්ජාල භාවිතය, පරිශීලකයින් මිලියන 6.7 ක් සමගින් ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. වර්තමානයේදී මුද්‍රිත ප්‍රකාශනයන්හිම පිටපත් ලෙසින් පුවත් අන්තර්ගතයන් ලබාදෙන වෙබ්අඩවි සහ කලම්බු ටෙලිග්‍රාෆ්, ග්‍රවුන්ඩ් වීව්ස් සහ ගොසිප් ලංකා නිවුස් වැනි සම්පූර්ණයෙන්ම අන්තර්ජාලගතව ක්‍රියාත්මක වන වෙබ් අඩවි තිබෙනා’තර, පසු කී ගොසිප් ලංකා නිව්ස් යනු එහි නමින්ම හැඳින්වෙන ලෙසට ඕපාදූප පුවත් කාණ්ඩයට වැටේ.

අන්තර්ජාලගත පුවත් වෙබ් අඩවි හිමිකාරිත්වය හඳුනාගැනීම ඉතා අපහසු වන්නේ, ඒවා මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශය තුළ ලියාපදිංචි කිරීම සඳහා නෛතික බැඳීමක් නොමැති බැවිණි. මෙම වෙබ් අඩවි සඳහා පොදු ප්‍රවේශය ලබාදීම පැවරී ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRC) වෙතයි. අන්තර්ජාල මධ්‍යස්ථභාවය සදහා රජයේ සහයෝගය තිබුණත්, 2015 සිට අඩුම තරමේ වෙබ්අඩවි 13ක් සදහා ප්‍රවේශය සීමා කරන්නට රජය කටයුතු කොට ඇත.

2018 මාර්තු මස වාර්ගික ගැටුම් අතරතුරදී, වාර්තා කෙරුණු අන්දමට සමාජ ජාල ඔස්සේ වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වය පැතිරීම වැළැක්වීම උදෙසා රජය මගින් විදුලිසංදේශ නියාමන කොමිසන් සභාව ඔස්සේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්සැප් තාවකාලිකව තහනම් කිරීමට පියවර ගන්නා ලදී.

අන්තර්ජාලයේ දත්ත සමුදාය
  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ