This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-rsf.org/en/ retrieved on 2020/08/11 at 15:03
Reporters Without Borders (RSF) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Reporters without borders

ලංකා ශ්‍රී නිව්ස්

ලංකා ශ්‍රී හි බොහෝ අංශයන් ලියාපදිංචි වී ඇත්තේ, සැලකිය යුතු දමිළ කථා කරනා ඩයස්පෝරා ප්‍රජාවන් සිටිනා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංසය හා ජර්මනිය වැනි රටවල වේ. ඊට අමතරව Cinedaddy, Tamil Focus, Tamilwin, Cineulagam, Hi2cinema, Manithan, Lankasri Bucket, Lankasri Topic, Lankasri FM, Lankasri TV, Orupoint, Lankasri Connect, CanadaMirror, JVP News සහ Kallarai වැනි එහි සහෝදර වෙබ් අඩවි වෙතද සබැඳි ලබාදේ. ලංකා ශ්‍රී නිල වෙබ් අඩවියට අනුව මෙම සමාගම ලියාපදිංචි වී ඇත්තේ 2001 නොවැම්බරයේ වුවත්, එහි මෙහෙයුම් අරඹා ඇත්තේ 2002 ජනවරියේ වේ. 2015 ජූනි 22 දින මෙහි ශ්‍රී ලංකා අංශය, සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම වෙත ඇතුළත් කෙරිණි.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

දත්ත නොමැත

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාත්‍යන්තර

අන්තර්ගතයන් මාදිලිය

නොමිලේ අන්තර්ගතයන්

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගමේ සම හිමිකාරීත්වය දරන්නේ එහි වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී මයූරන් නවරත්නසාමි සහ ඔහුගේ පියා වන ආරුමුගම් නවරත්නසාමි විසින් වේ.

ඡන්ද අයිතිවාසිකම්

දත්ත නොමැත

සමූහය / තනි හිමිකරු

මයූරන් නවරත්නසාමි

මයූරන් නවරත්නසාමි නැතිනම් සංජේ, 2003 වසරේ සිට ලංකා ශ්‍රී ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. ඔහුට ශ්‍රී ලංකාවේ ලංකා ශ්‍රී හි කොටස් 50% ක අයිතිය තිබෙනා අතර, සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම හරහා ඔහුගේ පියා වන ආරුමුගම් නවරත්නසාමි හට ඉතිරි 50% ක කොටස් අයිතිය ඇත. ශ්‍රී ලංකාවේ ලංකා ශ්‍රී අයිතිකරු සහ ප්‍රධාන විධායක නිලධාරියා වීමට අමතරව, මයූරන් සීමාසහිත ලංකාශ්‍රී සමාගම, සීමාසහිත මැංගෝ ට්‍රී ටෙක්, සීමාසහිත සිඟිති, සීමාසහිත එරිත්මැට් නෙට්වර්ක් සහ සීමාසහිත ස්ටාර් මාර්කටින්ග් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් හි අධ්‍යක්ෂ ලෙසින්ද ලැයිස්තුගත වී ඇතැයි එක්සත් රාජධානියේ සමාගම් මැදුර කියයි. මයූරන් විවාහ වී සිටින්නේ නදීෂා සෙව්වන්දි නවරත්නසාමි සමගිනි. එක්සත් රාජධානියේ සමාගම් මැදුරට අනුව, 2015 දී එක්සත් රාජධානියේ ලියාපදිංචි වී ඇති සීමාසහිත ලංකාශ්‍රී සමාගමේ එකම කොටස් හිමිකරු වූයේ නදීෂායි.

50%
මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

2002

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ලංකාශ්‍රී අන්තර්ජාල අඩවිය ආරම්භ කිරීමේ ගෞරවය ලබාදී ඇත්තේ සිවඥාණම් ශ්‍රීකූගන් හටයි. සිවඥාණම් ශ්‍රීකූගන් යනු වර්තමාන දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥාණම් ශ්‍රීදරන්ගේ සහෝදරයායි. සිවඥාණම් ශ්‍රීකූගන් ශ්‍රී ලංකාවේ කිලිනොච්චියේ ඉපදුණු අතර, වර්තමානයේ ස්විට්සර්ලන්තයේ ජීවත් වේ. සිවඥාණම් පවුලේ බොහෝ සාමාජිකයින් ජීවත් වන්නේ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේයි.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

මයූරන් නවරත්නසාමි නැතිනම් සංජේ, 2003 වසරේ සිට ලංකා ශ්‍රී ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් කටයුතු කරයි. ඔහුට ශ්‍රී ලංකාවේ ලංකා ශ්‍රී හි කොටස් 50% ක අයිතිය තිබෙනා අතර, සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම හරහා ඔහුගේ පියා වන ආරුමුගම් නවරත්නසාමි හට ඉතිරි 50% ක කොටස් අයිතිය ඇත. ශ්‍රී ලංකාවේ ලංකා ශ්‍රී අයිතිකරු සහ ප්‍රධාන විධායක නිලධාරියා වීමට අමතරව, මයූරන් සීමාසහිත ලංකාශ්‍රී සමාගම, සීමාසහිත මැංගෝ ට්‍රී ටෙක්, සීමාසහිත සිඟිති, සීමාසහිත එරිත්මැට් නෙට්වර්ක් සහ සීමාසහිත ස්ටාර් මාර්කටින්ග් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් හි අධ්‍යක්ෂ ලෙසින්ද ලැයිස්තුගත වී ඇතැයි එක්සත් රාජධානියේ සමාගම් මැදුර කියයි. මයූරන් විවාහ වී සිටින්නේ නදීෂා සෙව්වන්දි නවරත්නසාමි සමගිනි. එක්සත් රාජධානියේ සමාගම් මැදුරට අනුව, 2015 දී එක්සත් රාජධානියේ ලියාපදිංචි වී ඇති සීමාසහිත ලංකාශ්‍රී සමාගමේ එකම කොටස් හිමිකරු වූයේ නදීෂායි.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

බාස්කරන් මහාමනී 2015 ජූලි සිට අද දක්වා, ලංකාශ්‍රී ප්‍රවෘත්ති අංශයේ ශ්‍රී ලංකා දේශීය කළමනාකරු ලෙසින් කටයුතු කරයි.

අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

ශිරාජ් මොහොමඩ් වර්තමානයේදී ලංකාශ්‍රී වැඩසටහන් අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරයි.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Smart Network (Pvt) Limited

No. 317/1/1, K.B. Christy Perera Mawatha, Colombo 13

Tel: Sri Lanka: +94 11 331 4421, United Kingdom: +44 208 133 8373, Switzerland: +41 435 080 178, Canada: +1 647 694 1391, France: +33 182 880 284, Germany: +49 231 2240 1053, United States of America: +1 678 389 9934, Australia: +61 291 881 626

Email: lankasri@lankasri.com

Website: www.lankasri.com/srilanka/

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

ලංකා ශ්‍රී වෙබ් අඩවිය හෝ ඊට සම්බන්ධිත වෙබ් අඩවි මගින් එහි ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ව්‍යුහය පිළිබඳ තොරතුරු ඇතුළත් නොවේ. තවදුරටත් සීමාසහිත ස්මාට් නෙට්වර්ක් (පුද්) සමාගම සඳහා නිල වෙබ් අඩවියක්ද නොමැත. එනිසා තොරතුරු එක් ‍රැස් කිරීම සඳහා පොදුවේ ලබාගැනීමට ඇති ද්විතීයික මූලාශ්‍රයන් හා තොරතුරු සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහා ලබාගන්නා තොරතුරු පරිශීලනය කෙරිණි. එසේම එක්සත් රාජධානියේ සමාගම් මැදුරේද තොරතුරු දක්වා තිබිණි.මෑතකාලීන දත්ත ලෙස 2017 දත්ත ලබාගත හැකි විය.අධ්‍යක්ෂක තනතුරු වල වෙනස පිලිබඳ තොරතුරු ලබාගත්තේ 2018 සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගිනි

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

  • Project by
    Verité Research
  •  
    Reporters without borders
  • Funded by
    BMZ