This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 04:15
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

පරදුව විශාල වන විට, හඬද ප්‍රබල වේද?

ශ්‍රී ලංකාව මේ වනවිට Reporters without Border හි ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම තුළ රටවල් 180 කින් 127 වෙනි ස්ථානයේ සිටී. මාධ්‍ය හිමිකාරීත්වයට ඉහළින් පවතින දේශපාලන හැසිරවීම ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ලක්විය යුතු කරුණක් ලෙසින් පවතින අතර, ශ්‍රී ලංකාව ලබා ඇති සාපේක්ෂව පහළ ශ්‍රේණිගත කිරීමටද එම කරුණ දායකත්වය ලබාදේ. අපගේ සොයාගැනීම් මගින් ජනමාධ්‍ය වෙත ඇති දේශපාලන සම්බන්ධතාවයන්ගේ ගැටළුව සාකච්ඡාවට ගන්නා අතරම, එවන් සම්බන්ධතාවයන් මගින් අපක්ෂපාතීත්වයට හා බහුවිධතාවට හානි සිදුවන්නේ කෙසේද යන්න අසා සිටී. වෙනත් වචන වලින් පවසන්නේ නම්, ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය තුළ හිමිකරුවෙකුට ඇති දේශපාලනමය පරදුව වඩාත් විශාල වන විට එය වඩාත් හඬ සහිත ප්‍රකාශයකට පරිවර්තනය වන්නේ කෙසේද යන්න අපගේ සොයාගැනීම් මගින් අසා සිටී. ඒ මගින් දේශපාලන සම්බන්ධතාවයන් සමගින් පැමිණෙන පොදු අවදානම් පිරික්සා බැලීමත්, වත්මන් නෛතික රාමුව විශ්ලේෂණය කිරීමත් සහ මාධ්‍ය වෙත වන දේශපාලන සම්බන්ධතා විෂයෙහි ගත් විට සමස්ත චිත්‍රය විදහා දැක්වීමත් සිදුකෙරේ.

අවදානමක් තිබේද?

ජනමාධ්‍ය අන්තර්ගතය වෙත මාධ්‍ය හිමිකාරීත්වයේ සැලකිය යුතු තරමේ සම්බන්ධතාවයක් තිබෙනා අතර, ඒ නයින් එය මහජන මතය හැඩසවීම කෙරෙහිද තීරණාත්මක භූමිකාවක් රඟ දක්වයි. දේශපාලකයන්ගේ අතේ ඇති විට පාර්ශවික වාර්තාකරණය, දේශපාලන පරිචය හුවාදැක්වීම සහ ප්‍රතිවාදීන්ව හෙළා දැකීම ඔස්සේ ඔවුන්ගේ ස්වයං සුභසිද්ධිය තකා ජනමාධ්‍ය භාවිතා කිරීමේ හැකියාවක් ඇත. පුද්ගලික හිමිකාරීත්වය ඇති මාධ්‍ය ආයතනද මෙම රටාවෙන් වෙනස් නොවන අතර, ඔවුන්ද රජයට අයත් මාධ්‍ය ආයතන මෙන්ම දේශපාලන සම්බන්ධතා ඇතිව සිටිනවා විය හැකි අතර, ඔවුන්ගේ හිමිකරුවන්ගේ හා මිත්‍රපාක්ෂිකයින්ගේ මුල්බැසගත් ලැදියාවන් වෙත මෙහෙ කරනු විය හැක.

උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, 2017 දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ප්‍රධානී මුහුන්දන් කනගේ හට තනතුරෙන් ඉවත් වන ලෙසින් ජනපතිවරයා විසින් ඉල්ලා සිටීම සහ ඔහු තනතුරෙන් ඉවත් වීම සිදුවූයේ,  චෝදනා නැගී ඇති ලෙසට ඔහු විසින් ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් වටිනා සංඛ්‍යාත වෙන්දේසි හෝ ටෙන්ඩර් පටිපාටියකින් තොරව පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ලබාදුන් බව දැනගැනීමත් සමගිනි.

මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් ගත්විට කොටස් හිමිකාරීත්වය ඇතිව සිටීම හෝ කොටස් හිමිකරුවාට සම්බන්ධකම් තිබීම, ඉබේම පක්ෂග්‍රාහී අන්තර්ගතයන්ට හේතු නොවේ. මෙය විජේවර්ධන පවුලේ පුවත්පතක් වන ඩේලි මිරර්, තම තම පවුලට ඤාති සම්බන්ධතා ඇති වත්මන් අගමැතිවරයාව විවෘතවම විවේචනය කිරීම ඔස්සේ දැකගත හැක. එතකුදු වුවත් මාධ්‍ය හිමිකාරීත්වය සෘජුවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සම්බන්ධ වීම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පවුල ඔස්සේ සම්බන්ධ වීම මගින් පක්ෂග්‍රාහී වීමේ වැඩි අවදානමක් තිබෙනා අතර, එවැනි දේශපාලකයින්ට මාධ්‍ය ඔස්සේ වඩාත් ඉහළ හඬක් ලබාදීමට හේතු විය හැක.

නීතිය පවසන්නේ කුමක්ද?

වර්තමානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකුගේ පවුලේ සාමාජිකයින් විසින් මාධ්‍ය ආයතනයක කොටස් හිමිකොටගෙන සිටීම වැළැක්වීමට නීති ප්‍රතිපාදන නොමැත. එසේම සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පුරවා ලබාදෙන අයදුම් පත්‍රයේද තම දේශපාලන සම්බන්ධතා හෝ වෙනත් ඕනෑම ලැදියාවන්ගේ පිළිගැටුමක් ප්‍රකාශ කිරීම සඳහා හිමිකරුවන් බැඳී නොසිටී. එවැනි නීතිමය ප්‍රතිපාදනයන් නොමැති වීම නිසා මාධ්‍ය ආයතනයක දේශපාලනික හිමිකාරීත්වය, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ලෝකය තුළ රීත්‍යානුකූලව “නීත්‍යානුකූල” රටාවක් වී ඇත.

මේ අතර 1975 වසරේ අංක 1 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය යටතේ ඕනෑම අයෙකුට ශ්‍රී ලංකා රුපියල් 750 ක් (ඇ.ඩො.4.34ක්) ගෙවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාධ්‍ය ආයතනයකට මූල්‍යමය සම්බන්ධතාවයක් තිබේදැයි අනාවරණය කරගැනීමට උත්සාහ ගැනීමට හැක. මෙම නීතිය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හා ඔවුන්ගේ පවුලේ අයගේ  වත්කම්, ව්‍යාපාර ලැදිකම් හා කොටස් හිමිකම් පාරදෘශ්‍ය බවට පත් කර සිටී. කෙසේවුවත් මෙම තොරතුරු ප්‍රසිද්ධියේ කතිකාවට ගැනීම වළක්වන 7(4) හා (5) වගන්ති වැනි බාධාවන් කිහිපයක්ද මෙම නීතිය තුළ ඇත. එසේ වුවත් තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ මෙම තොරතුරු ලබාගැනීමටත්, විවෘතව සාකච්ඡාවට ගැනීමටත් හැකියාව ලැබේ.

වර්තමාන තත්වය කුමක්ද?

මාධ්‍ය හිමිකාරීත්වයේ දේශපාලන සම්බන්ධතාවයන් (a) මාධ්‍ය ආයතනයක සෘජු හිමිකාරීත්වය රජය මගින් හෝ වත්මන්/හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් දැරීමේ හා (b) ඔවුන්ගේ පවුල් සාමාජිකයින් හරහා මාධ්‍ය ආයතන හිමිකාරීත්වය දැරීමේ සිට (c) පුද්ගලික මාධ්‍ය ආයතන යම් යම් දේශපාලන පක්ෂයන් හෝ අපේක්ෂකයන් වෙත නැඹුරුතාවයක් දැක්වීම දක්වා අඩු වැඩි වශයෙන් ස්ථිර ආකාරයන්ගෙන් පරාසයක ඇත. බොහෝ විට මෙම (c) ආකාරය නිශ්චයේ දේශපාලන සබඳකම් කරගැනීම හා සත්‍යාසත්‍යතාවය තහවුරු කරගැනීම අසීරු වන හෙයින්, මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ (MOM) කණ්ඩායම මගින් අධ්‍යයනයට ලක් කළ ආයතනය න් 46 ක් සඳහා ඉහත දැක්වූ (a) සහ (b) කාණ්ඩයන් යොදාගෙන ඇත. කෙසේ වුවත් (c) කාණ්ඩයේ ආකාරයට වූ දේශපාලන සබඳතා නොපවතින බවක් මෙයින් උපකල්පනය නොවේ. එක් එක් මාධ්‍ය ක්ෂේත්‍රය යටතේ මෙම සොයාගැනීම් ලැයිස්තුගත කොට ඇත.

  • පුවත්පත්  – ආවරණය කළ පුවත්පත් 12 කින් 7 ක් (a) කාණ්ඩය යටතට වැටේ. මේ අතර පුවත්පත් 12 න් 2 ක් (b) කාණ්ඩයට වැටේ.
  • ගුවන් විදුලි – ආවරණය කළ ගුවන් විදුලි ආයතන 11 කින් 1 ක් (a) කාණ්ඩයට වැටෙනා අතර, ආයතන 5 ක් (b) කාණ්ඩයට වැටේ. මෙයින් පැවසෙන්නේ ආවරණය කළ ගුවන් විදුලි ආයතනයන්ගෙන් භාගයකටත් වඩා දේශපාලන සම්බන්ධතාවයන්ගෙන් යුක්ත බවයි.
  • රූපවාහිනී – ආවරණය කළ රූපවාහිනී ආයතන 12 කින් 4 ක් (a) කාණ්ඩයට වැටෙනා අතර, ආයතන 2 ක් (b) කාණ්ඩයට වැටේ. එනම් ප්‍රධාන රූපවාහිනී විකාශයන්ගෙන් භාගයක් පමණ රජයට හෝ දේශපාලකයින්ට හෝ දේශපාලකයින්ගේ පවුල් වලට අයත් වේ.
  • අන්තර්ජාල – අන්තර්ජාල අඩවි 11 කින් 4 ක් (a) කාණ්ඩයට වැටෙනා අතර, 2 ක් (b) කාණ්ඩයට වැටේ. කෙසේ වුවත් ලංකා සී නිව්ස් සහ ගොසිප් ලංකා නිව්ස් යන අඩවි දෙක පිළිබඳ සප්‍රමාණික ‍තෝර්තුරු ලබාගැනීමට නැත. කෙසේ වෙතත් ලංකා සී නිව්ස් හි ප්‍රොෆයිලයේ විස්තර කොට ඇත් ඉආකාරයට, ශාස්ත්‍රීය ලෝකයේ වාර්තා සහ ප්‍රවෘත්ති වාර්තා පෙන්නුම් කොට සිටින්නේ මෙම වෙබ් අඩවිය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ වෙත සම්බන්ධ වන බවයි. (ලංකා සී නිව්ස් ප්‍රොෆයිලය බලන්න)

 

ප්‍රේක්ෂක/ශ්‍රාවක/පරිශීලක දත්ත මත පදනම්ව පුළුල්තම පැතිරුම සහිත මාධ්‍ය ආයතන 46 ක් මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම මගින් විමර්ශණය කළ අතර, දේශපාලනිකව සම්බන්ධ හිමිකරුවන් විසින් පාලනය කරනු ලබන මාධ්‍ය ආයතනයන්ගේ ප්‍රමාණය සහ අනුපාතය එක් එක් ක්ෂේත්‍රයේ විශාල විය හැක. එනිසා ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වන අතර, ඊටත් වඩා ජනමාධ්‍ය වෙත දේශපාලනික සම්බන්ධකම් තිබීමට සබැඳි අවදානම් පිළිබඳ පොදු කතිකාවක් අවශ්‍ය අවේ. මෙම සොයාගැනීම් මගින් ප්‍රධාන මහජන ප්‍රමුඛතාවයක් පෙන්නුම් කෙරේ. එනම් ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ බහුවිධතාවයට සහ අපක්ෂපාතීත්වයට හානි සිදුවීඉමේ හැකියාවක් තිබෙනා බව සැලකූ විට, මාධ්‍ය හිමිකාරීත්වයන් දේශපාලකයින් සමගින් ඇති සමීපත්වය පිළිබඳ වඩාත් ඉහළ මහජන සන්නිරීක්ෂණයක් අවශ්‍ය වේ. 

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ