This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-rsf.org/en/ retrieved on 2019/12/14 at 12:45
Reporters Without Borders (RSF) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Reporters without borders

සමාජය

ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.4 ක් වන අතර ඉන් මිලියන පහකට වැඩි පිරිසක් වාසය කරන්නේ බස්නාහිර පළාත තුළ ය. වර්ග කිලෝමීටර් 65,610 ක භූමියක පැතිර ඇති ශ්‍රී ලංකාව පළාත් නවයකට හා දිස්ත්‍රික්ක 25 කට බෙදා දක්වා ඇත. මෙරට ජන සංයුතිය ජනවාර්ගික කණ්ඩායම් කිහිපයකින් යුක්ත ය. එයට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සහ ශ්‍රී ලාංකික චෙට්ටියාර්වරු ඇතුලත් ය.

සිංහල ජනවර්ගය සංඛ්‍යාත්මක බහුතරය නියෝජනය කිරීම මගින් වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂාව බවට සිංහල භාෂාව පත්ව ඇත. වසර 2012 දී සිදු කරන ලද අවසන් ජාතික ජන සංගණන වාර්තාව අනුව මිලියන 20ක් පමණ වන සමස්ථ ජන සංඛ්‍යාවෙන් මිලියන 15 ක් පමණ සිංහල ජාතිකයන් බව ගණනය කොට ඇත. දෙමළ ජන සංඛ්‍යාව මිලියන 2.2 ක පමණ වන අතර ඒ හේතුවෙන් දෙවන බහුතර භාවිත භාෂාව බවට දෙමළ බස පත්ව ඇත. මෙම භාෂාවන්ට අදාල අයිතිවාසිකම් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයෙන් නිල වශයෙන් පිළිගන ලැබෙන අතර ම ඉංග්‍රීසි භාෂාව 'සබැඳි' භාෂාව ලෙස ලැයිස්තුගත කර ඇත. ඒ අනුව, රටේඇතැම් මාධ්‍ය ආයතන ප්‍රේක්ෂකයන් වෙත විවිධත්වයක් සහිතව  සිය ඉදිරිපත් කිරීම් සිදු කරනු ලබයි. නිදසුනක් වශයෙන්, විජය පුවත්පත් සමාගම, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම, සීමාසහිත කැපිටල් මහරාජා සමූහය සහ ආසියා ගුවන් විදුලි ජාලය (පුද්ගලික) භාෂා තුනෙන්ම සිය අන්තර්ගතයන් මුදා හැරීම සිදු කරනු ලබයි.

පසුගිය සියවස මුළුල්ලේ ම භාෂා අර්බුදය ශ්‍රී ලංකාවේ අතිශය සංවේදී දේශපාලනික ගැටළුවක් ලෙස පැවතුණි. වසර 1956 දී 1956 අංක 33 දරණ රාජ්‍ය භාෂා පනත බලාත්මක කිරීම මගින් සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීමට රජය  විසින් කටයුතු කරන ලදී. භාෂාව ජනවාර්ගිකත්වය සමග සමීපව සම්බන්ධ වී ඇති බැවින්, සිංහල පමණක් නිල භාෂාව ලෙස ස්ථාපිත කිරීම වාර්ගික ආතතිය පිණිස හේතු වූ අතර ශ්‍රී ලංකාව තුළ වසර 30 ක පමණ කාලයක් දිවුණු සන්නද්ධ ගැටුමකට මූල බීජය සැපයීය. මෙකී භේදය පදනම්ව, ජනවාර්ගික-භාෂාමය ප්‍රජාවන් අතර සිංහල හා දෙමළ මාධ්‍ය විසින් දේශපාලනික වශයෙන් සංවේදී කාරණාවන් කෙසේ වෙන් වශයෙන් වාර්තා කරන්නේ ද යන්න අදටත් නිරීක්ෂණය කළ හැකිය

මෑතක සිට ආගම ද ආතතියට පදනම වී ඇත. බුදු දහම ශ්‍රී ලංකාවේ වැඩි පිරිසකගේ ආගම වන අතර  ඉන් බහුතරයක් සිංහලයන් ය. 2020 දී ශ්‍රී ලංකාව මිලියන 15 ක් පමණ වන බෞද්ධ ජනතාවකට සහ, මිලියන 1.6 ක් කිතුණු ජන පිරිසකට, මිලියන 2.3 මුස්ලිම් ප්‍රජාවකට සහ මිලියන 3ක පමණ හින්දු භක්තියයින්ට නිවහන වනු ඇතැයි ප්‍ර‍ක්ශේපණය කර තිබේ. පශ්චාත් යුධ සමයේදී මුස්ලිම් පල්ලි, මුස්ලිම් ව්‍යාපාර හා නිවාස ඉලක්ක කර ගනිමින් ජනවාර්ගික-ආගමික ප්‍රචණ්ඩත්වයේ තියුණු ඉහළ යාමක් දක්නට ලැබුණි.

ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින් රැසක් විදේශ රටවල ජීවත් වෙති. සන්නද්ධ ගැටුම්කාරී තත්ත්වයන් මෙම සංක්‍රමණයන් විශාල ප්‍ර‍මාණයකට හේතු වී ඇති අතර බොහෝ අය ආර්ථික හේතු මත ද සංක්‍රමණය වී ඇත. ඉන්දියාව, එක්සත් රාජධානිය, නෝර්වේ, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල දෙමළ ඩයස්පෝරාව  ජනාවාස ගත වී සිටින අතර එම ප්‍රජාව නිරන්තරයෙන් දේශීය ප්‍රවෘත්ති ප්‍රකාශන සහ ගුවන් විදුලි වැඩසටහන් ආශ්‍රය කරති. ශ්‍රී ලංකාවේ වර්තමාන ශ්‍රමික සංක්‍රමණය මැදපෙරදිග කලාපය වෙත සංකේන්ද්‍ර‍ණය වීමේ ස්වභාවයක් පෙන්වන අතර එම කලාපය වෙත දේශීය ගුවන් විදුලි නාලිකා වැනි මාධ්‍යයන් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කෙරේ.

 

 

  • Project by
    Verité Research
  •  
    Reporters without borders
  • Funded by
    BMZ