This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-rsf.org/en/ retrieved on 2019/08/24 at 08:45
Reporters Without Borders (RSF) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Reporters without borders

නීතිය

ලංකාවේ ජනමාධ්‍ය නියාමනය

ලංකාව තුළ ජනමාධ්‍ය, ලියාපදිංචි කිරීම, බලපත්‍ර ලබා දීම, අන්තර්ගතය නියාමනය කිරීම, වාර්තාකරණ කාර්යයන් සහ මාධ්‍යයන් නියාමනය සඳහා වගකිව යුතු බලධරයන් සම්බන්ධ කටයුතු ආදිය නීති කිහිපයක් ඔස්සේ පාලනය වේ. කෙසේ වුවද, මෙම නීති කිසිවක් මාධ්‍ය හිමිකම නියාමනය කිරීම හෝ හිමිකාර ව්‍යුහයන් පොදුවේ හෙළිදරව් කිරීම සම්බන්ධය‍ෙන් සුවිශේෂී මැදිහත් වීමක් සිදු කරන්නේ නැත.

පවතින නියාමන රාමුව තක්සේරු කිරීම සඳහා, ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රධාන ක්‍රියාකාරීන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය වන අතර මාධ්‍යයේ විවිධ පැතිකඩ ඔස්සේ ඔවුන්ගේ මැදිහත් වීම වටහා ගැනීම ද අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යයන් අතර ද‍ෙයාකාරයක ක්‍රියාකාරීත්වයන් හඳුනා ගත හැක, එනම් (i) රාජ්‍ය අංශය, (ii) පුද්ගලික අංශය.

 ම‍ෙහි දී මුලින්ම සඳහන් කර යුතු වන්නේ, ශ්‍රී ලංකාවේ සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රය ආවරණය ක‍ෙර‍ෙන ව්‍යවස්ථාපිත නීතියක් හෝ ස්වාධීන නියාමන ආයතනයක් දක්නට නොමැති බවයි. සාමාන්‍යයෙන් ජනමාධ්‍ය ක්ෂේත්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ විෂය පථයට අයත් වේ. මීට අමතරව, විවිධ මාධ්‍ය ප්‍රභවයන් සමඟ කටයුතු කරන නිශ්චිත නියාමන ආයතන පවතී. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රභවයන් ඒවාට අනන්‍ය වූ නියාමන ආයතන හා ව්‍යවස්ථාවන් මඟින් පාලනය වේ. (වගුව 1 බලන්න)

ජනමාධ්‍ය මුලාශ්‍රය  ජනමාධ්‍ය මුලාශ්‍රය වර්ගඅදාළ ආයතනය (ආයතන)තොරතුරු
මුද්‍රිත පුවත්පත් සහ මුද්‍රිත ප්‍ර‍කාශනයන් ලංකා පුවත්පත් මණ්ඩලය (SLPC)1973 අංක 05 දරන ලංකා පුවත්පත් මණ්ඩල පනත මගින් පිහිටුවන ලද රාජ්‍ය නියාමන ආයතනයකි

ලංකා පුවත්පත් ආයතනය(SLPI) ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම (PCCSL)

ලංකා පුවත්පත් ආයතනය ජනමාධ්‍ය කර්මාන්තය විසින් පිහිටුවා ඇති ස්වාධීන ස්වයං නියාමන ආයතනයකි. ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ලංකා පුවත්පත් ආයතන‍ෙයහි හස්තයක් ලෙස ක්‍රියා කරමින් මුද්‍රිත ප්‍ර‍කාශනයන් පිළිබඳ පැමිණිලි ලබා ගනී.

ඉලෙක්ට්‍රෝනික 


ගුවන් විදුලි විකාශන

ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC)

1974 අංක 05 දරණ ලංකා ගුවන් විදුලි සංස්ථා පනත මගින් ස්ථාපනය කරන ලද ලංකා ගුවන් විදුලි සංස්ථාව රාජ්‍ය ගුවන් විදුලි විකාශන ආයතනය ලෙසත් පෞද්ගලික ගුවන් විදුලි විකාශන මධ්‍යස්ථාන සඳහා බලපත්තර ප්‍ර‍ධානය කරන ආයතනය ලෙසත් කටයුතු කරයි. 

විදුලි සංදේශ නියාමන කොමිසම (TRC)

පහත බලන්න

රූපවාහිනි විකාශන

ලංකා රූපවාහිනි සංස්ථාව (SLRC)

1982 අංක 06 දරන ලංකා රූපවාහිනි සංස්ථා පනත මගින් පිහිටුවන ලද ලංකා රූපවාහිනි සංස්ථාව රාජ්‍ය රූපවාහිනි විකාශන ආයතනය ලෙසත් පුද්ගලික රූපවාහිනි විකාශන මධ්‍යස්ථාන සඳහා බලපත්තර ලබා දෙන ආයතනය ලෙසත් කටයුතු කරයි.
විදුලි සංදේශ නියාමන කොමිසම (TRC)පහත බලන්න
ගුවන් විදුලි සහ රූපවාහිනි විකාශනයවිදුලි සංදේශ නියාමන කොමිසම (TRC)1991 අංක 25 දරන ලංකා විදුලි සංදේශ පනත යටතේ ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ස්ථාපනය කර අතර ලංකාවේ සියලුම විදුලි සංදේශ ක්‍රියාකාරකම් සඳහා නියාමන ආයතනය වශ‍ෙයන් කටයුතු කරනු ලබයි. ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන ක්‍රියාකාරකම් සඳහා සංඛ්‍යාත සහ උපකරණ සඳහා බලපත්‍ර ලබා ගැනීමට මෙම ආයතන‍ෙයහි අවසරය ලබා ගත යුතුය.

ඩිජිටල්

පරිගණක සහ අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය වන ඩිජිටල් අන්තර්ගතයන්

විදුලි සංදේශ නියාමන කොමිසම(TRC)

විදුලි සංදේශ නියාමන කොමිසම ඉහත සඳහන් කළ පරිදි සියලුම විදුලි සංදේශ ක්‍රියාකාරකම් නියාමනය කරන අතර අන්තර්ජාල සේවා සම්පාදකයන් වෙත බලපත්‍ර‍ නිකුත් කිරීම ද සිදු කරනු ලබයි.

විදුලි සංදේශ නියාමන පනතට අමතරව ඩිජිටල් මාධ්‍ය සම්බන්ධව අදාළ වන ව්‍යවස්ථාපිත ප්‍ර‍තිපාදන දක්නට නොලැබේ.

වැඩි විස්තර සඳහා: 

මුද්‍රිත මාධ්‍ය

රජය සතුව තමන්ගේම මුද්‍රිත මාධ්‍ය සමාගමක් රජයේ එක්සත් ප්‍ර‍වෘත්තිපත්‍ර‍ සමාගම (පොදුවේ ම‍ෙය ලේක් හවුස් ආයතනය යනුව‍ෙන් හඳුන්වනු ලබන) නමින් පවත්වා ග‍ෙන යන අතර එය 1981 රජයේ එක්සත් ප්‍ර‍වෘත්තිපත්‍ර‍ සමාගම් පනත යටතේ ස්ථාපිතය. එක්සත් ප්‍ර‍වෘත්තිපත්‍ර‍ සමාගම මීට ප‍ෙර ලේක් හවුස් සමූහය යටතේ පෞද්ගලික සමාගමක් වශය‍ෙන් පැවත පසුව 1974 දී බලයට පත් රජය විසින් පවරා ගැනීම‍ෙන් අනතුරුව රාජ්‍ය සමාගමක් බවට පත් කරගන්නා ලදී. ලේක්හවුස් පබ්ලිකේෂන්ස් හැරෙන්නට පෞද්ගලික පුවත්පත් මුද්‍ර‍ණ ආයතන ද දක්නට ලැබේ.

මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීම නියාමන ආයතන දෙකක විෂය පථයන් යටතේ පවතින අතර, රාජ්‍ය තුළින් බලය ලත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය (SLPC) සහ කර්මාන්තය සඳහා වන ස්වේච්ඡා ස්වයං- නියාමන ආයතනයක් ල‍ෙස කටයුතු කරනු ලබන ලංකා පුවත්පත් ආයතනය (SLPI)’ යනු එම ආයතන යුගලයයි.

ම‍ෙයින් ලංකා පුවත්පත් මණ්ඩලය මුද්‍රිත මාධ්‍ය වලට එරෙහිව පැමිණිලි විමර්ශනය කිරීම හා දඬුවම් පැමිණවීම සිදු කරනු ලබයි. මෙම ආයතනය අතීතයේ සිට ජනමාධ්‍ය බිය ගැන්වීම සඳහා රජයන් විසින් මෙවලමක් ලෙස යොදා ගෙන ඇති අතර අපරාධමය දඬුවම් සඳහා වන විධිවිධාන බන්ධනාගාරගත කිරීම දක්වා පවා විහිද ගොස් තිබේ (මාධ්‍ය ප්‍රතිසංකරණ සඳහා වන ලේකම් කාර්යාලය, 2016). මෙම කවුන්සිලය අහෝසි කිරීමට සහ ඊට අදාළ නීතිය ඉවත් කරන ල‍ෙසට නිරන්තර ඉල්ලීම් විය. වසර 2002 දී පාර්ලිමේන්තුව විසින් ද්විපාර්ශවීය යෝජනාවක් මඟින් පුවත්පත් මණ්ඩලයේ කටයුතු අක්‍රීය කරනු ලැබූ නමුදු අදාළ නීතිය එල‍ෙසම බලාත්මකව පැවතුණි. ඒ අනුව වාර්ෂික පදනම මත පුවත්පත් ලියාපදිංචි කිරීම සඳහා කටයුතු කරන ප්‍රධාන ආයතනය ලෙස ලංකා පුවත්පත් මණ්ඩලය දිගින් දිගටම ක්‍රියාත්මක විය. ක‍ෙසේ නමුදු වසර 2009 දී ජනමාධ්‍යයේ සහ ජනමාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දුන් රජය මඟින් පුවත්පත් මණ්ඩලය ව‍ෙත නැවත පන පොවනු ලැබීය (මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වන ලේකම් කාර්යාලය, 2016). 2015 ජනවාරි මස දී ආණ්ඩුව වෙනස් වීමෙන් අනතුරුව, ලංකා පුවත්පත් මණ්ඩල පනතේ විධිවිධාන පරිදි ජනාධිපතිවරයා විසින් පත්වීම් සිදු නොකළ බැවින් පුවත්පත් මණ්ඩලයේ වැඩ කටයුතු නවතා දමා තිබිණි. කෙසේ වෙතත් 2015 ජූලි මාසයේ දී ම‍ෙම තත්ත්වය සංශෝධනයට ලක් වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පුවත්පත් මණ්ඩලය නැවත බලාත්මක කරනු ලැබීය. මෙම පියවර මාධ්‍ය කර්මාන්තයේ සැළකිය යුතු නොඉවසීමකට හා විරුද්ධත්වයකට භාජනය වනු දක්නට ලැබිණි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) හි සමාරම්භය සිදු වන්නේ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීම පිණිස ස්වාධීන ආයතනයක් හඳුන්වාදීම සඳහා මාධ්‍ය කර්මාන්තය විසින් ගනු ලැබූ පියවර තුළිණි. ඒ අනුව 1998 දී අත්සන් කරන ලද මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශහි ප්‍රථිපලයක් වශයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) සහ පුවත්පත් පැමිණිලි කොමිසම (PCCSL) ස්ථාපනය කරන ලදී. පුවත්පත් පැමිණිලි කොමිසම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය‍ෙහි හස්තය වශය‍ෙන් ක්‍රියා කරමින් මහජනතාව සහ මුද්‍ර‍ණ කර්මාන්තය අතර වන අර්බුද සහ පැමිණිලි නිරාකරණය කරන අතරම ආචාරධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කරයි.

විද්‍යුත් මාධ්‍ය

ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව රාජ්‍ය ගුවන් විදුලි හා රූපවාහිනි විකාශකයන් වශය‍ෙන් එකිනෙකට වෙනස් වූ භූමිකාවන් ද්විත්වයක් ඉටු කරන අතරම පෞද්ගලික ගුවන්විදුලි නාලිකා සඳහා බලපත්‍ර නිකුත් කරන ආයතන ලෙස ද ක්‍රියා කරනු ලබයි. ලංකාවේ මාධ්‍ය කර්මාන්තය ව‍ෙත පෞද්ගලික ගුවන්විදුලි නාලිකා පැමිණීමට පෙර, රාජ්‍ය අත්‍යන්ත වශය‍ෙන් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයන් කෙරෙහි ඒකාධිකාරයක් පවත්වා ග‍ෙන යනු ලැබූ අතර ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ලංකා රූපවාහිනි සංස්ථාව ප්‍රධාන විකාශන මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක විය. ක‍ෙසේ වුවද ම‍ෙහිදී සැළකිල්ලට ගත යුතු කරුණක් නම් ම‍ෙරට පුද්ගලික රූපවාහිනි සේවාවක් ආරම්භ කිරීම පිණිස වූ පළමු උත්සාහය වසර 1979 දී ස්වාධීන රූපවාහිනි සේවය (IT ) ආරම්භ කිරීමත් සමඟ සිදු වූ බව සහ එය ආරම්භ කර ඉතා ක‍ෙටි කලකින් රජය විසින් පවරා ගනු ලැබූ බවයි. ගුවන් විදුලි හා රූපවාහිනී විකාශනය තුළ රාජ්‍ය විසින් පවත්වාගෙන ගිය ඒකාධිකාරය පිළිවෙලින් වසර 1987 සහ 1992 දී විසුරුවා හැරීම සිදු විය. ඉන්පසුව පුද්ගලික ගුවන්විදුලි හා රූපවාහිනී මධ්‍යස්ථාන ක්‍ර‍මක් ක්‍ර‍මය‍ෙන් ආරම්භ කළද,

ඒවායේ ක්‍රියාකරුවන් ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ලංකා රූපවාහිනි සංස්ථාව ව‍ෙතින් බලපත්‍ර ලබා ගත යුතු විය.

වාණිජ පදනමක් සහිත පුද්ගලික විකාශන මධ්‍යස්ථානවල පැවැත්ම එකී විකාශන මධ්‍යස්ථානයන් ස්වාධීනව ක්‍රියාත්මක වන බවට අනිවාර්යයෙන්ම අදහස් කරන්නක් නොවේ. පවතින විකාශන මධ්‍යස්ථානවල හිමිකාරීත්වය සහ පාලනය මහා පරිමාණ ව්‍යාපාරික ආයතන විසින් සිදු කරග‍ෙන යන අතර (බලන්න ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වන ලේකම් කාර්යාලය, 2016 පිටු 161 163 ) ම‍ෙකී විකාශන මධ්‍යස්ථානවල දේශපාලන ස්වාධීනත්වය සම්බන්ධය‍ෙන් ද සැළකිලිමත් විය යුතු තත්වයන් පවතී. 1995 දී ප්‍රකාශයට පත්කරන ලද මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ නිදහස කෙරෙහි බලපාන නීති ප්‍රතිසංස්කරණ සඳහා වූ උපදේශක කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව (සාමාන්‍යයෙන් ම‍ෙය ආර්.කේ.ඩබ්ලිව්.ගුණසේකර කමිටු වාර්තාව ලෙස හැඳින්වුනි) ප්‍ර‍කාශ කර සිටියේ පෞද්ගලික නාලිකාවන් ප්‍රවර්ධනය වීම තුළ බහුත්වවාදය ප්‍රවර්ධනය වීම සහ මාධ්‍ය ඒකාධිකාරයන් වැළැක්වීම සිදු වන බවයි. කෙසේ වෙතත්, මාධ්‍ය හිමිකාරීත්වය සහ දේශපාලන අභිලාස කණ්ඩායම් අතර සම්බන්ධතාවය පිළිබඳ ක්‍රමානුකුලව සමාලෝචනයක් සිදු නොවූ නිසා, බහුත්වවාදය සත්‍ය වශයෙන් ප්‍රවර්ධනය වීද යන්න පිළිබිඹු නොවේ. එබැවින් ව්‍යාපාරික කරුණු සැළකිල්ලට ගනිමින් හෝ උපයා ගත හැකි වෙළඳ දැන්වීම් ආදායම සැළකිල්ලට ගනිමින් ඇතැම් පුද්ගලික වාණිජ නාලිකාවන් රාජ්‍ය ප්‍රතිපත්තීන් විවේචනය කිරීමට මැළි වනවා වන්නට පුළුවන. මීට අමතරව, බොහෝ සම්ප්‍රදායික මාධ්‍ය ආයතනවලට රට‍ෙහි දේශපාලනයට සෘජු පාර්ශවකාරීත්වයක් පවතින අතර ම‍ෙය දේශපාලන ක්‍රියාකාරීන්, ඥාතීන් හෝ සමීපතමයන් දේශපාලන ක්‍රියාකාරකම්වලට සහභාගී වීමක් විය හැක (බ්රේඩි එල් 2005 හි එන සාකච්ජාව බලන්න). ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ලංකා රූපවාහිනි සංස්ථාවෙන් බලපත්‍ර ලබා ගැනීමට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසම වෙතින් සංඛ්‍යාතයක් ලබාගැනීමට සහ විකාශන උපකරණ භාවිතය සඳහා ගුවන් විදුලි හා රූපවාහිනී විකාශන ආයතන විසින් බලපත්‍ර ද ලබා ගත යුතුය. ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම රාජ්‍ය මෙහෙයවීම සහිත ශ්‍රී ලංකාව තුළ විදුලි සංදේශ සේවාවන් සැපයීම සම්බන්ධව වගකියනු ලබන ආයතනයයි. එහි විෂය පතයට විකාශන සේවාවන් සඳහා සංඛ්‍යාත වෙන් කිරීම, ස්ථාවර සහ ජංගම සේවාවන්, අන්තර්ජාල සේවාවන්, කේබල් මාධ්‍ය බෙදා හැරීම් හා නිවෙස් වෙත සිදු කරන සෘජු චන්ද්‍රිකා විකාශනයන් සඳහා බලපත්තර ප්‍රධානී ආයතනය ලෙස කටයුතු කිරීම අයත් වේ. වසර 2016 දී ජනමාධ්‍ය ප්‍රතිසංකරණ සඳහා වන ලේකම් කාර්යාලය විසින් පළ කරන ලද වාර්තාව අනුව විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඉදිරිපත් කරනු ලබන විවිධ සේවාවන් සඳහා සංඛ්‍යාත වෙන් කිරීම් සංඛ්‍යාත වෙන් කිරීමේ සැළැස්ම අනුව සිදු වුව ද අදාළ සංඛ්‍යාත පැවරීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක්/ ක්‍රියාවලියක් නොමැති බවයි. ඒ අනුව තනි පුද්ගලයන්ට සහ සමාගම් වෙත  අදාළ  සංඛ්‍යාත බෙදා දී ඇත්තේ නිසි කාර්ය පටිපාටිය‌කින් තොරවය.

විකාශන කටයුතු නියාමනය ක‍ෙර‍ෙන ප්‍රධාන ආයතන පිළිබඳ සළකා බැලීමේ දී, ලංකා ගුවන් විදුලි සංස්ථාව, ලංකා රූපවාහිනි සංස්ථාව සහ ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම යන ආයතන පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සැළකිය යුතු දේශපාලන බලපෑමක් ඇති බව ප‍ෙනී යයි. නිදසුනක් ලෙස, ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම ව‍ෙත සිදු කරන පත් කිරීම්වලදී නියම කර ඇති නිර්ණායක මත පදනම්ව අමත්‍යවරයා විසින් පත් කිරීම් සිදු කර යුතු අතර විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජ‍ෙනරාල්වරයා ද ජනමාධ්‍ය අමත්‍යවරයා විසින් පත් කරන නමුත් එහි දී අනුගමනය කර යුතු නිර්ණායක හෝ රැකියා කොන්දේසි කිසිවක් විස්තර වන්නේ නැත. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ලංකා රූපවාහිනි සංස්ථාව යන ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩල සඳහා පත් කිරීමේදී ද සමාන ප්‍ර‍තිපාදන අදාළ වන බව දක්නට ලැබේ. නියාමන ආයතන වඩා ස්වාධීන සහ රාජ්‍ය පාලනය‍ෙන් නිදහස් විය යුතු බවට කැඳවුම් ලැබ‍ෙන්නේ ම‍ෙවන් වටපිටාවක් තුළය. විකාශන අධිකාරී පනත් ක‍ෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ (1997 අංක 1 / 97-15 / 97) දී අප ශ්‍රේෂ්ඨාධිකරණය, ස්වාධීන සහ රාජ්‍ය පාලනය‍ෙන් මුක්ත වූ ම‍ෙන්ම විකාශකයන්ට විශේෂ අනුග්‍රහයක් දැක්විය නොහැකි බලපත්‍ර‍ ප්‍ර‍ධානය කරන ආයතනයක අවශ්‍යතාවය ප‍ෙන්වා ද‍ෙන ලදී.

ඩිජිටල් මාධ්‍ය

ඩිජිටල් මාධ්‍ය පාලනය ක‍ෙර‍ෙන නිශ්චිත ව්‍යවස්ථාපිත ප්‍ර‍තිපාදනයන් නොමැති නමුත් ඩිජිටල් මාධ්‍ය මුලාශ්‍ර හරහා විකාශනය කෙරෙන අන්තර්ගතයන් නියාමනය කිරීම සඳහා තාවකාලික ප්‍රයන්තයන් ග‍ෙන තිබේ. මීට අමතරව, අන්තර්ජාල සේවා සැපයුම්කරුවන් සඳහා බලපත්තර නිකුත් කිරීමේ වගකීම විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් දරනු ලබන අතර එකී අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ ක්‍රියාකාරීත්වය බලපත්තර සඳහා එක් කරන කොන්දේසි සහ නියමයන් මඟින් පාලනය කර හැක. මේවන විට අන්තර්ජාල සේවා සපයන්නන් සඳහා ලබා දී ඇති බලපත්තර පිළිබඳ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව අදාළ සේවාවන්හී හිමිකම සහ සේවාවන් ඒකාබද්ධ කිරීම් හා අත්පත් කර ගැනීම් සම්බන්ධයෙන් විස්තර ප්‍රකාශයට පත් කිරීම මෙන්ම, එහි ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමේ දී විශේෂිත පුද්ගලයෙකුට අනිසි සහයෝගය දැක්වීම් හෝ වෙනස්කම් කිරීම වැළැක්වීම එහි අරමුණයි.

ඩිජිටල් මාධ්‍ය නියාමනය කිරීම සඳහා ගෙන ඇති පියවරයන් වෙබ් අඩවිවල අන්තර්ගතය නියාමනය ක‍ෙර‍ෙන ආකෘතියක ස්වරූපය‍කින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. වසර 2011 නොවැම්බර් මාසයේ දී තොරතුරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාව හෝ ශ්‍රී ලාංකික ජනතාව සම්බන්ධය‍ෙන් ශ්‍රී ලංකාවේ සිට හෝ වෙනත් යම් ස්ථානවලින් උඩුගත කරන" අන්තර්ගතයන් සහිත සියලුම වෙබ් අඩවි පිළිගැනීම උද‍ෙසා ලියාපදිංචි විය යුතු බව දක්වා සිටින ලදී. අදාළ නියෝගයට කිසිදු නෛතික හෝ ර‍ෙගුලාසිමය පදනමක් නොවූ අතර ඇතැම් ප්‍රවෘත්ති සහ තොරතුරු වාර්තා කරන ව‍ෙබ් අඩවි ම‍ෙහිදී ලියාපදිංචි වූ නමුදු ඇතැම් ව‍ෙබ් අඩවි එසේ කිරීමට ප්‍රතික්ෂේප කිරීම නිසා තහනම් කිරීමට සහ රට තුළට ප්‍රවේශ වීම වැළැක්වීමට පියවර ගන්නා ලදී (ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වන ලේකම් කාර්යාලය, 2016). සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා ද මෑතකදී උත්සාහයන් ගෙන තිබේ. 2018 වසර මුල් භාගයේ ද‍ී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ද්වේෂසහගත ප්‍රකාශනයන්ගේ සන්දර්භය තුළ එන ප්‍රකාශන වැළැක්වීම පිණිස සමාජ මාධ්‍ය නියාමනය ක‍ෙර‍ෙන ප්‍රවෘත්ති නීතියක් පැනවීමට අවශ්‍ය බවයි. තවද 2018 මාර්තු මාසයේ දී ආගමික, වාර්ගික හා ජන කණ්ඩායම් අතර බෙදීම් මහජනතාව තුළ ඇති කිරීමට හේතු වන ක්‍රියාකාරකම් සම්බන්ධය‍ෙන් කටයුතු කරන ආකාරය දක්වමින් කැබිනට් මණ්ඩලය ව‍ෙත ඉදිරිපත් වූ යෝජනාවක් අනුමැතිය ලැබීය. 

තිසංස්කරණ

මාධ්‍ය ක්ෂේත්‍රය තුළ රාජ්‍ය විසින් ඉටු කරනු ලබන කාර්යභාරය, මාධ්‍ය ක්ෂේත්‍රය ව‍ෙත බලපෑම් කිරීමට ම‍ෙන්ම එය නියාමනය කිරීම පිණිස හේතු වන අතරම කර්මාන්තයේ සාධාරණ ක්‍රියාකාරීත්වය පවත්වා ග‍ෙන යෑමට සහ ප්‍රකාශනයේ නිදහස සහතික කිරීම සඳහා සැළකිය යුතු බලපෑමක් ඇති කරයි.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය පුවත්පත්, ප්‍රකාශන සහ විකාශන කටයුතු තහනම් කිරීම සහ යම් අන්තර්ගතයක් පළ කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම සම්බන්ධය‍ෙන් රාජ්‍ය ව‍ෙත බලය ලබා ද‍ෙන ව්‍යවස්තාපිත විධිවිධාන පැනවීම මඟින් තවදුරටත් සීමා කර තිබේ. ඒ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) වගන්තිය තුළින් ප්‍රකාශනයේ නිදහස ද ඇතුළුව භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිග‍ෙන තිබියදීය.

මැතිවරණ කාලවලදී රාජ්‍ය මාධ්‍ය සම්පත් අනිසි ල‍ෙස භාවිතය වැළැක්වීම සහ සාධාරණ ක්‍රමවේදයක් සැපයීම සඳහා වෙනත් වූ නෛතික විධිවිධාන ක්‍රියාත්මක කර ඇත. නිදසුනක් ලෙස 2002 අංක 03 දරණ නිසි බලධාරී (බලතල හා කාර්යයන්) පනත යටතේ මැතිවරණ කොමිශන් සභාවට අවශ්‍ය අවස්ථාවක නිසි බලධාරය‍ෙකු පත් කිරීම මඟින් රාජ්‍ය මාධ්‍ය කලමනාකරණය කර හැකි අතර ලංකා ගුවන් විදුලි සංස්ථාව හා ලංකා රූපවාහිනි සංස්ථාව යන ආයතනයන්'හි කළමනාකාරිත්වය පවරා ගැනීම හරහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් තහවුරු කිරීමට බලය පවතී. කෙසේ වෙතත්, නිසි බලධරයන් අනුකූල නොවීම දක්නට ලැබ‍ෙන අතර මැතිවරණ පැවැත්ව‍ෙන අතරතුර රාජ්‍ය මාධ්‍ය ආයතන නියාමනය කිරීමේදී ලබා ඇත්තේ සීමාසහිත වූ සාර්ථකත්වයකි (ලෝක බැංකුව, 2005).

මාධ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ කිරීම සඳහා වසර ගණනාවක් පුරා විවිධ ප්‍රකාශන සහ උපායමාර්ග යෝජනා ඉදිරිපත් කර තිබේ. විකාශන සේවා සඳහා ස්වාධීන නියාමකය‍ෙකු පත් කිරීම, ස්වාධීන පුවත්පත් හිමිකාරීත්වයක් තහවුරු කිරීම ( උදාහරණ ලේක්හවුස්), පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම මේ අතර විය. 1995 දී ප්‍රකාශයට පත්කරන ලද මාධ්‍ය නිදහස සහ ප්‍රකාශනයේ නිදහස කෙරෙහි බලපෑම් කරන ලද නීති ප්‍රතිසංකරණ පිළිබඳ උපදේශක කමිටු වාර්තාව (සාමාන්‍යයෙන් ම‍ෙය ආර්. කේ. ඩබ්ලිව්. ගුණසේකර කමිටු වාර්තාව ලෙස හැඳින්වුණි) ජනමාධ්‍ය ක්ෂේත්‍රය විමර්ශනය කිරීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස තබන ලද සමාරම්භක පියවර විය. ක‍ෙසේ නමුදු එහි ප්‍රධාන නිර්දේශ කීපයක් තවමත් ක්‍රියාත්මක නොවේ. වාර්තාවේ අනෙකුත් නිර්දේශයන් අතර ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂිත භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.

1998 වර්ෂයේ දී එළි දක්වන ලද කොළඹ ප්‍රකාශය (ම‍ෙය වසර 2008 දී ප්‍රතිශෝධිතය) ප්‍රකාශයද ව්‍යවස්ථානුකුල ආරක්ෂාව ශක්තිමත් කිරීම, 1973 ලංකා පුවත්පත් මණ්ඩල නීතිය වැනි මර්දනකාරී නීති සංශෝධනය කිරීම සහ විද්‍යුත් මාධ්‍ය නියාමනය කිරීම සඳහා ස්වාධීන විකාශන අධිකාරියක් ස්ථාපිත ස්ථාපනය කිරීම අවධාරණය කරණු ලැබීය. 2005 වසරේ තෝලංගමුව ප්‍රකාශනය මඟින් සත්‍ය සඳහා ගරු කිරීම, බහුත්වවාදය, විවිධත්වය සහ මානව හිමිකම් ම‍ෙන්ම කතෘත්ව නිදහස වෙනුවෙන් කැප වීම සහ මාධ්‍ය බහුත්වවාදය ප්‍රවර්ධනය කිරීම යන මූලික මූලධර්ම අවධාරණය කරන ලදී. කෙසේවෙතත්, මෙම ව්‍යාපාරය‍ෙ'හි ශක්තිය අතර මඟදී ගිලිහී ගියේය. ජාතික සමගිය සඳහා මාධ්‍ය වල කාර්යභාරය පිළිබඳ වැලිගම ප්‍රකාශය 2006 ජාතික සමගිය නඟා සිටුවීම සඳහා මාධ්‍ය විසින් ඉටු කළ හැකි තීරණාත්මක කාර්යභාරය හුවා දැක්වීම පිණිස ජනමාධ්‍ය සංවිධාන කිහිපයක් විසින් පනවන ලදී. ඉන් අනතුරුව, 2008 දී රජය විසින් ජනමාධ්‍ය ප්‍ර‍තිපත්තිය ඉදිරිපත් කළ අතර එය ජනමාධ්‍ය නිදහස සමබර කිරීමේ ආණ්ඩුවේ කාර්යභාරය දක්වනු ව‍ෙනුවට, ජනමාධ්‍ය සඳහා වූ උපදෙස් සහ ප්‍රමිතීන් නිකුත් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී.

මූලාශ්රය

 Legislation/ Regulations

Associated Newspapers of Ceylon Ltd (Special Provisions) Act No. 35 of 1981

Competent Authority (Powers and Functions) Act No. 03 of 2002

Official Secrets Act No. 32 of 1955

Prevention of Terrorism (Temporary Provisions) Act No. 48 of 1979

Private Television Broadcasting Station Regulations – Extraordinary Gazette No. 1669/25 of 03rd September 2010

Public Performance Ordinance No. 07 of 1912

Public Security Ordinance No. 25 of 1947

Public Trustee Ordinance No. 01 of 1922

Sri Lanka Broadcasting Corporation Act No. 05 of 1974

Sri Lanka Press Council Law No. 05 of 1973

Sri Lanka Rupavahini Corporation Act No. 06 of 1982

Sri Lanka Telecommunications Act No. 25 of 1991

Brady. L. (2005). Colonials, bourgeoisies and media dynasties: A case study of Sri Lankan media. Retrieved from Central Queensland University on 25 July 2018.
Centre for Policy Alternatives. (1998). Colombo Declaration on Media Freedom and Social Responsibility. Retrieved from the Centre for Policy Alternatives on 25 July 2018.
Crawley W, Page D and Pinto Jayawardena K (eds.). (2016). Embattled Media: Democracy, Governance and Reform in Sri Lanka. Retrieved from Google Books on 25 July 2018.
Jayaratne T, Pinto-Jaywardena K, de Almeida Guneratne J P.C. and Silva S. (2015). Sri Lanka Enabling Environment Study. Retrieved from World Bank on 25 July 2018.
Pinto Jayawardena K and Gunatilleke, Gehan. (2012). Legal, Industry and Educational Reforms pertaining to the Print Media Retrieved from the Institute of Commonwealth Studies on 25 July 2018.
Press Briefing of Cabinet Decision. (2018). Protection of Human Dignity and Social Harmony Bill. Retrieved from the Office of the Cabinet of Ministers- Sri Lanka on 25 July 2018.
Secretariat for Media Reforms (2016). Rebuilding Public Trust: An Assessment of the Media Industry and Profession in Sri Lanka. Retrieved from Media Support on 25 July 2018.
The Sunday Times. (2009). Colombo Declaration 1998: Media groups reaffirm support. Retrieved from the Sunday Times on 25 July 2018.
The Sunday Times. (2009). Press Council reactivated. Retrieved from the Sunday Times on 25 July 2018.
The Sunday Times. (2015). Media groups slam Sirisena for bringing back Press Council. Retrieved from the Sunday Times on 25 July 2018.
Wijesiri, Lionel. (2018). Will regulating social media stop hate speech? Retrieved from Daily News on 25 July 2018.

  • Project by
    Verité Research
  •  
    Reporters without borders
  • Funded by
    BMZ