This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 03:44
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් (පුද්) සමාගම

සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් (පුද්) සමාගම

සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් (පුද්) සමාගම යනු අලස් පවුලේ හිමිකාරීත්වය යටතේ ඇති ප්‍රකාශන සමාගමකි. මෙහි බහුතර කොටස් හිමිකරුවා වන ටිරාන් අලස් යනු ව්‍යාපාරිකයෙකු මෙන්ම ප්‍රජාතාන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වේ. 2011 දී ආරම්භ කළ සීමාසහිත සිලෝන් නිව්ස්පේපර්ස් (පුද්) සමාගම මගින් ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වන සිලෝන් ‍ටුඩේ සහ සිංහල භාෂා පුවත්පතක් වන මව්බිම ප්‍රකාශයට පත් කෙරේ.

ප්‍රධාන කරුණු

ව්‍යාපාර ආකෘති පත්‍රය

පුද්ගලික

නෛතික ආකෘති පත්‍රය

පුද්ගලික සීමිත වගකීම් සමාගම

ව්‍යාපාරික ක්ෂේත්‍රයන්

මුද්‍රණ හා ප්‍රකාශන

හිමිකාරීත්වය

තනි හිමිකරු

මාධ්‍ය විකාශනය
Other Media Outlets

වෙනත් මුද්‍රිත ප්‍රකාශනයන්

සිලෝන් ‍ටුඩේ (0.27%)

වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්

http://www.mawbima.lk/

කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භ කළ වසර

2011

ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්

ටිරාන් ප්‍රසන්න ක්‍රිස්ටෝෆර් අලස් නැතිනම් ටිරාන් අලස් යනු සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමේ ආරම්භකයා සහ මව්බිම ප්‍රධාන විධායක නිලධාරියා වේ. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පක්ෂයෙන් (DNA) පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අතර, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සහ නැවත ඉදිකිරීම් හා සංවර්ධන අධිකාරියේ (RADA) හිටපු සභාපතිවරයාද වේ. 1988 දී සීමාසහිත කොමියුනිකේෂන් ඇන්ඩ් බිස්නස් ඉක්විප්මන්ට්ස් (පුද්.) සමාගම, 2005 දී සීමාසහිත ස්ටෑන්ඩර්ඩ් පුවත්පත් (පුද්.) සමාගම සහ 2011 දී සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගම ආරම්භ කළ ටිරාන් අලස් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වේ.

සේවා නියුක්තයින්

දත්ත නොමැත

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Ceylon Newspapers (Pvt) Limited

No. 101, Rosmead Place, Colombo 7

General: +94 117 566 566

Email : mbnews@ceylonnewspapers.lk

 

 

බදු අංකය/හඳුනා ගැනීමේ අංකය

PV8097

මූල්‍ය තොරතුරු

ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

කළමනාකාරීත්වය

විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්

දේවතන්ත්‍රිආරච්චිලාගේ චින්තක ගයාන් දේවතන්ත්‍රිආරච්චි - අධ්‍යක්ෂ මණ්ඩල සභික හා අධ්‍යක්ෂ

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගම සඳහා නිල වෙබ් අඩවියක් නොමැත. මීට අමතරව සමාගමේ ප්‍රවෘත්ති පත්‍ර වල නිල අවෙබ් අඩවි මගින්ද සමාගමේ ආරම්භකයා හෝ අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් නොසැපයේ. එනිසා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු දැනගැනීම උදෙසා මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ කණ්ඩායම මගින් ද්විතීයික මූලාශ්‍රයන් කිහිපයක් මෙන්ම සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලබාගැනීමට ඇති වාර්ෂික වාර්තාවන්ද පරිශීලනය කරන ලදී. සමාගමේ ආරම්භක වර්ෂය සඳහන් කිරීම වෙනුවෙන් සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමේ LinkedIn ප්‍රොෆයිලය උපුටා දක්වා ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත සිලෝන් පුවත්පත් (පුද්.) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර නොදක්වන ලදී.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ