This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/23 at 22:50
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

වෙල්ගම පවුල

වෙල්ගම පවුල

ලක්මණි වෙල්ගම (පෙර රත්වත්තේ) සහ නිමල් වෙල්ගම අත සීමාසහිත උපාලි පුවත්පත් (පුද්) සමාගමේ අයිතිය සහ මෙහෙයුම් පාලනය තිබේ. ලක්මණී යනු උපාලි පුවත්පත් සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙසින් කටයුතු කළ, හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායකගේ සහෝදරයා වූ, අභාවයට පත් දොස්තර සීවලී රත්වත්තේගේ දියණියයි. වර්තමානයේදී ලක්මණී සමාගමේ කොටස් 90.52% ක හිමිකාරීත්වය දරයි. මේ අතර ඇගේ ස්වාමියා වූ නිමල් වෙල්ගම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරයි. සීමාසහිත උපාලි පුවත්පත් (පුද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට උසස් වීමට පෙර නිමල් වෙල්ගම උපාලි විජේවර්ධන යටතේ සමාගමේ කාර්ය මණ්ඩල සේවකයෙකු ලෙසින් කටයුතු කරන ලදී. නිමල් වෙල්ගම 2011 සිට 2014 දක්වා ශ්‍රී ලංකා ටෙලිකොම්හි සභාපති ලෙසින් සේවය කළ අතර, ඔහු ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලයේද සභාපති තනතුර දරණ ලදී. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යනු නිමල් වෙල්ගමගේ සොහොයුරා වේ.

මාධ්‍ය සමාගම්/සමූහයන්
මාධ්‍ය විකාශයන්/ප්‍රකාශනයන්
කරුණු

පවුලේ අය හා මිතුරන්

පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

නිමල් වෙල්ගම- ලක්මණි රත්වත්තේගේ ස්වාමිපුරුෂයා වේ. ඇය උපාලි පුවත්පත් සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙසින් කටයුතු කළ අභාවයට පත් දොස්තර සීවලී රත්වත්තේගේ දියණියද වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, නිමල් වෙල්ගමගේ සහෝදරයා වේ

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

තවදුරටත් සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගම සඳහා නිල වෙබ් අඩවියක්ද නොපවතී. පුවත්පතේ නිල වෙබ් අඩවිය ඔස්සේ එහි ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ආකෘතිය පිළිබඳ කිසිදු තොරතුරක් නොසැපයේ. එනිසා පොදුවේ ප්‍රවේශය ඇති ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනය කොට ඇත. වෙබ් අඩවියේ ඇති තොරතුරු ප්‍රමාණවත් නොවූ බැවින් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔස්සේ එක් ‍රැස් කොටගෙන ඇත.

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ