This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/23 at 08:06
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

නිහාල් සෙනෙවිරත්න ඈපා

නිහාල් සෙනෙවිරත්න ඈපා

නිහාල් සෙනෙවිරත්න ඈපා, සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කොටස් හිමිකරුවෙකුද වන අතර, එම සමාගමේ අනෙක් එකම කොටස් හිමිකරුවා වන්නේ සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමයි. එසේම සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ එකම අධ්‍යක්ෂවරයා සහ කොටස් හිමිකරුවා වන්නේද ඔහුයි. සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමේ කොටස් වලින් තනි කොටස් 38.67% ක් ඔහු සන්තකව තිබෙනා අතර, කොටස් 61.33% ක් සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම සතුව තිබේ. කෙසේ වුවත් සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගමේ එකම කොටස් හිමිකරුවා වන්නේද නිහාල් සෙනෙවිරත්න ඈපායි. එනිසා සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමේ සමස්ත හිමිකරුද ඔහුම වේ. වාර්තා වන ආකාරයට 2011 දී නිහාල් සහ නෙත් එෆ් එම් අධ්‍යක්ෂ මිල්රෝයි පීරිස්ට එරෙහිව, සීමාසහිත ලක් ඒෂියා (පුද්) සමාගම සහ සංක කාන්චන වාසල ලියනගේ විසින් නීති ක්‍රියාමාර්ග ගනු ලැබුවේ ඔවුන්ව සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමේ අධ්‍යක්ෂවරුන් වීම වැළැක්වූ බවට වන චෝදනාවන් සමගිනි. නිහාල් සෙනෙවිරත්න ඈපා ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ග්‍රන්ථයක්ද රචනා කොට ඇත. ඔහු තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ සාමාජිකයෙකුද වේ.

මාධ්‍ය සමාගම්/සමූහයන්
මාධ්‍ය විකාශයන්/ප්‍රකාශනයන්
කරුණු

ව්‍යාපාරය

සේවා

සීමාසහිත ඊ පී ඒ හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම (100%)

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

නෙත් එෆ් එම් නිල වෙබ් අඩවියෙන් නාලිකාවේ හිමිකාරීත්වය පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් නොවේ. මේ අතරේ නාලිකාවේ ආරම්භකයා පිළිබඳ මෙන්ම හිමිකාරීත්වය සම්බන්ධ තොරතුරු අතින්ද පරිශීලනයට ඇති ද්විතීයික මූලාශ්‍රයන් පවා ප්‍රමාණවත් නොවේ. මෙනිසා සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගම සහ සීමාසහිත ඊඒපී හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම සඳහා වඩාත්ම මෑතකාලීනව ලබාගත හැකි දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින්ග් (පුද්) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ