This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/19 at 11:29
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

විජේවර්ධන පවුල

විජේවර්ධන පවුල

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ලෝකයේ විජේවර්ධන පවුලට දීර්ඝ ඉතිහාසයක් වෙයි. ශ්‍රී ලාංකික පුවත්පත් තුළ මෙම පවුලේ අක් මුල් දොන් රිචර්ඩ් විජේවර්ධන නැතිනම් ඩී.ආර්.විජේවර්ධන දක්වා දිවයයි. ඩී.ආර්.විජේවර්ධන සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නැතිනම් ලේක්හවුස් සමාගම 1926 දී ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේද ප්‍රමුඛ චරිතයක් විණි. රංජිත් විජේවර්ධන යනු ඩී.ආර්.විජේවර්ධනගේ පුත්‍රයා වන අතර, ඔහු සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ආරම්භකයා සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ. 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් රජයට පවරා ගැනීමට පෙර රංජිත් ලේක් හවුස් හි සභාපතිවරයා ලෙසින්ද සේවය කරන ලදී. සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගමේ නිර්මාතෘ උපාලි විජේවර්ධන යනු රංජිත්ගේ ඥාති සොහොයුරා වෙයි. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ලෝකයේ සැවොම දන්නා නමක් වීමට අමතරව, විජේවර්ධන පවුලට සම්බන්ධ ඇතැම් සාමාජිකයින් විවිධ දේශපාලන භූමිකාවන්හිද දක්නට ලැබේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ යනු රංජිත්ගේ ඥාති පුත්‍රයා වේ. වර්තමාන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වන රුවන් විජේවර්ධන යනු රංජිත් විජේවර්ධනගේ පුත්‍රයා වේ. ජේ.ආර්.විජේවර්ධන යනු ඩී.ආර්.විජේවර්ධනගේ ඥාති පුත්‍රයා වන අතර, ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙසින් කටයුතු කරන්නට යෙදුණි.

මාධ්‍ය සමාගම්/සමූහයන්
මාධ්‍ය විකාශයන්/ප්‍රකාශනයන්
කරුණු

ව්‍යාපාරය

මුද්‍රණ හා ප්‍රකාශන ආයතන

සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්) සමාගම

දේපළ වෙළඳාම්

සීමාසහිත එල් එච් ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගම

සංචාරක

සීමාසහිත රන්වැලි හොලිඩේ විලේජ්

බඳවාගැනීම් උපදේශන

සීමාසහිත සාරතී

තාක්ෂණවේද

සීමාසහිත විජය ග්‍රැ‍ෆික්ස් (පුද්) සමාගම

පවුලේ අය හා මිතුරන්

පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

රංජිත් සුජීව විජේවර්ධන නැතිනම් රංජිත් විජේවර්ධන සීමාසහිත විජය පුවත්පත් සමාගමේ (WNL) සභාපතිවරයා වන අතර, සමාගමේ කොටස් 89.99% ක හිමිකාරීත්වයද දරයි. ඔහු ශ්‍රී ලංකාවේ පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ වර්තමාන සභාපතිවරයාද වේ. විජය පුවත්පත් සමාගමේ කොටස් හිමිකාරීත්වයට අමතරව, රංජිත් හට රජයට අයත් ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේද කොටස් 0.57% ක අයිතිය තිබේ.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සීමාසහිත විජය පුවත්පත් සමාගමේ හිමිකාරීත්ව ව්‍යුහය පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් ‍රැස් කොටගෙන ඇත. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ න්නිල වෙබ් අඩවියේ එහි වැදගත් පුද්ගලයින් පිළිබඳ තොරතුරු නොමැති තරම් වන බැවින්, එම පුද්ගලයින්ට අනුබද්ධ ව්‍යාපාරයන් පිළිබඳ දැනගැනීම සඳහා ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනය කොට ඇත.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ