This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/20 at 14:05
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සුමතිපාල පවුල

සුමතිපාල පවුල

ලක්බිම පුවත්පත් හිමිකාරීත්වය හා පාලනය ඇත්තේ සුමතිපාල පවුල වේ. උඩුව‍ටුවගේ ජනත් ප්‍රිය තිලංග සුමතිපාල නැතිනම් තිලංග සුමතිපාල යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු 1994 c සීමාසහිත සුමති පුවත්පත් (පුද්.) සමාගම ආරම්භ කරන්නට යෙදිණි. පසුව 2008 දී මෙම සමාගම සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගම ලෙසින් නැවත නම් කෙරිණි. 2010 දී තම දේශපාලන වෘත්තියේ ඉදිරියට යනු වස්, තිලංග සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ ඔහු දැරූ සභාපති තනතුරින් සහ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් විණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, නිපුණතා සංවර්ධන සහ වෘත්තිය පුහුණු අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය, බස්නාහිර පළාත් සභාවේ හිටපු සාමාජිකයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකු ලෙසින්ද තිලංග සුමතිපාල ප්‍රකටය.

තිලංග, දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන යූ.ඩබ්.සුමතිපාලගේ සහ මහජන හිතවාදිනියක වූ මිලිනා සුමතිපාලගේ බාල දරුවෙකු වේ. ලක්බිම පුවත්පතේ මව් සමාගම වන සීමාසහිත සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගමේ ආරම්භකයා යූ.ඩබ්.සුමතිපාල වන අතර, ඔහු අභාවප්‍රාප්ත වීමෙන් පසු මිලිනා සුමතිපාල එහි සභාපතීත්වය දරණ ලදී. තිලංගට එක් සහෝදරයෙකු සිටිනා අතර නමින් ජගත් සුමතිපාල වේ. එසේම ඔහුට සහෝදරියන් පස් දෙනෙකි. ජගත් වර්තමානයේදී සීමාසහිත සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්.) සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන අතරම, සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරද දරයි.

ලක්බිම පුවත්පත් වලට අමතරව, තිලංග සීමාසහිත BPO services (පුද්.) සමාගම නමින් වන, ශ්‍රී ලංකාවේ වෛද්‍ය පිටපත්කරණ සහ ගෝලීය වෙළෙඳපොළ වෙත කේන්ද්‍රගත වූ ව්‍යාපාර ක්‍රියාවලීන් පිටතට ලබාදී ඉ‍ටු කරගන්නා සේවාවක්ද අරඹන ලදී. එසේම ඔහු Ingrin Institute of Printing යනුවෙන් හැඳින්වෙන, මුද්‍රණ ශිල්පය සහ ග්‍රැ‍ෆික් නිර්මාණකරණය සිසු සිසුවියන්ට උගන්වන නවීන ආයතනයක්ද පිහි‍ටුවන්නට යෙදිණි.

තිලංග ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකුද වන අතර, ජාත්‍යන්තර වෙළඳ ප්‍රචාරණ සංගමයේ ශ්‍රී ලංකා පාර්ශවයේ හිටපු සභාපතිවරයාද, දුරකථන නාමාවලි මුද්‍රණය කිරීමේ විශේෂඥයින් වූ සමාගමක් වන සීමාසහිත NAPCO (පුද්.) සමාගමේ හිටපු සභාපතිද වේ. 2002 සිට 2004 දක්වා කාලය තුළ තිලංග විසින් ශ්‍රී ලංකාවේ විශාලතම පොදු සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් හි මෙන්ම ශ්‍රී ලංකාවේ දෙවෙනි විශාලතම ජංගම විදුලි සංදේශ සේවා සමාගම වන මොබිටෙල් හිද සභාපතිවරයා ලෙසින් සේවය කර ඇත.

තිලංග දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙසින් කටයුතු කරයි. එසේම ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අධ්‍යක්ෂවරයෙකුද වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලයේ මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේද හිටපු සභාපතිවරයෙකුද වේ. එසේම ඔහු ආසියානු ක්‍රිකට් කමි‍ටුවේ හිටපු සභාපති සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂවරයෙකුද වේ.

මාධ්‍ය සමාගම්/සමූහයන්
මාධ්‍ය විකාශයන්/ප්‍රකාශනයන්
කරුණු

ව්‍යාපාරය

ප්‍රකාශන

ලක්බිම පුවත්පත් (100%)

විධාරක සමාගම

සීමාසහිත සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්) සමාගම (100%)

පවුලේ අය හා මිතුරන්

පවුලේ අයට හා හිතවතුන්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

ජගත් සුමතිපාල - තිලංග සුමතිපාලගේ සොහොයුරා වන ජගත් සුමතිපාල, සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ සහ එහි මවු සමාගම වන සීමාසහිත සුමති ග්ලෝබල් කොන්සොලිඩේටඩ් (පුද්.) සමාගමේ සභාපතීත්වය, ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරු දරයි. ඔහුට සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්.) සමාගමේ 50% ක කොටස් හිමිකාරිත්වය ඇත.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සුමතිපාල පවුලේ එක් එක් අයවලුන් වෙනුවෙන් ඇති පොදුජනයාට ප්‍රවිශ්ට විය හැකි වෙබ් අඩවි ඔස්සේ ඔවුන්ගේ තොරතුරු ලබාගැනීමට තිබිණි. 2017 වසරේ සමාගම් ලියාපදිචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ගොනුකොට ඇති වාර්ෂික වාර්තාවන්ට අනුව, ඒ වනවිටද මිලිනා සුමතිපාල කොටස් හිමිකාරිනියක ලෙසින් දක්වා ඇත. එසේ වුවත් මිලිනා සුමතිපාල 2016 දෙසැම්බරයේ අභාවප්‍රාප්ත විණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සීමාසහිත ලක්බිම පුවත්පත් (පුද්) සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ