This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/19 at 02:10
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සන්ඩේ ටයිම්ස්

ඉංග්‍රීසි භාෂාවෙන් සතිපතා පළ වන ද සන්ඩේ ටයිම්ස් පුවත්පත 'ටීවී ටයිම්ස්', 'ෆන්ඩේ ටයිම්ස්', 'මිරර් මැගසින්', 'හිට් ඇඩ්' සහ 'එස්.ටී.ඇපොයින්ට්මන්ට්ස්' යන අතිරේකයන් පහද සමගින් ප්‍රකාශයට පත්වේ. එය මුලින්ම 1997 දී, ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස්, ඩේලි මිරර් වැනි ඉංග්‍රීසි භාෂා ප්‍රකාශනයන් කිහිපයක් පළ කරනා විජය පුවත්පත් සමාගම මගින් ප්‍රකාශයට පත් කෙරිණි. සමාගමේ සිංහල භාෂා ප්‍රකාශනයන්ට ලංකාදීප, ඉරිදා ලංකාදීප සහ තරුණයා අයත් වේ. මේ අතර ටැමිල් මිරර්, දිනපතා සහ සතිපතා ෆයිනෑන්ෂල් ටයිම්ස් මෙන්ම විජෙය යනුවෙන් දමිළ භාෂා ප්‍රකාශනයන්ද තිබේ. ද සන්ඩේ ටයිම්ස් පුවත්පතට 1.27% ක පාඨක ප්‍රතිශතයක් තිබෙනා අතර, එහි දිනපතා සංස්කරණය වන ඩේලි මිරර් වෙත 0.55% ක පාඨක ප්‍රතිශතයක් ඇත.

විජය පුවත්පත් සමාගමේ ආරම්භකයා වීමට අමතරව, රංජිත් විජේවර්ධන එහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂද වේ. උපාලි විජේවර්ධන විසින් ආරම්භ කරන ලද උපාලි පුවත්පත් සමාගමද සමගින් ගත් විට, විජය පුවත්පත් සමාගම ශ්‍රී ලංකා පුවත්පත් ක්ෂේත්‍රයේ සැලකිය යුතු අවකාශයක් ආවරණය කර සිටී.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

0.88%

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාතික

අන්තර්ගතයන් මාදිලිය

මුදල් ගෙවා ලබාගන්නා

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත විජය පුවත්පත් සමාගම (WNL)

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බහුතර කොටස් හිමිකරුවන් වන්නේ විජේවර්ධන පවුලයි. රංජිත් විජේවර්ධන, සුජාන් විජේවර්ධන, රුවන් විජේවර්ධන, ඉරුෂි නීලා බුලත්සිංහල සහ රංජිනී විජේවර්ධන එක්ව ගත් විට සමාගමේ කොටස් 99.98% ක ප්‍රමාණයකට හිමිකම් කියයි. මේ අතර සීමාසහිත සාරතී සමාගම යනුවෙන් හැඳින්වෙන විජය ව්‍යාපාර සමූහය හා අනුබද්ධිත සමාගමක්ද විජය පුවත්පත් සමාගමේ කොටස් හිමිකාරීත්වය දරයි. විජේවර්ධන පවුලේ සාමාජිකයින් හැරෙන්නට, ආනන්දි බාලසිංහම් හටද විජය පුවත්පත් සමාගමේ කොටස් ඉතා සුළු ප්‍රතිශතයක් අයත් වේ. කෙසේ වුවත් ආනන්දි බාලසිංහම්, පෙර කියූ ලෙසට විජය ව්‍යාපාර සමූහයට අනුබද්ධ සීමාසහිත සාරතී සමාගමෙහි බූදල් පරිපාලක ලෙසින්ද ක්‍රියා කරයි.

ඡන්ද අයිතිවාසිකම්

තනි තනිව හෝ සමාගම් වශයෙන් දරණා කොටස් මත පදනම්ව ඡන්ද අයිතිය පවරා ඇත. එම නිසාවෙන් ඡන්ද අයිතිය මෙසේ වෙයි: රංජිත් විජේවර්ධන - 89.99% # සුජාන් විජේවර්ධන - 10% # රුවන් විජේවර්ධන - 0.002% # ඉරුෂි නීලා බුලත්සිංහල - 0.002% # රංජිනී නීලා විජේවර්ධන - 0.002% # සාරතී ලිමිටඩ් - 0.002% # ආනන්දි බාලසිංහම් - 0.002% #

තනි හිමිකරු

මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

1996

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

රංජිත් සුජීව විජේවර්ධන නැතිනම් රංජිත් විජේවර්ධන යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වූ ඩී.ආර්.විජේවර්ධනගේ පුත්‍රයා වේ. ඩී.ආර්. විජේවර්ධන විසින්, 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් රජයට පවරා ගැනීමට පෙර, 1926 දී සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL නැතිනම් ලේක්හවුස් ලෙසින්ද හැඳින්වෙන) ආරම්භ කළ පුරෝගාමියා වේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ආරම්භ සභාපති මෙන්ම බහුතර කොටස් හිමිකරු ලෙසින්ද රංජිත් ක්‍රියා කරයි. මෙම සමාගම සීමාසහිත විජය ප්‍රකාශන යන නම යටතේ 1979 දී ආරම්භ වූවද, එය සතිපතා ඉරිදා ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේ 1986 දී වන අතර, ඊට යම් කාලයකට පසු 1991 දී දිනපතා ලංකාදීප පුවත්පත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කෙරිණි. මීට අමතරව ලේක් හවුස් හිද 0.57% ක කොටස් රංජිත් අත තිබේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපති තනතුර දැරීමට අමතරව, ඔහු සීමාසහිත ලේක් හවුස් මුද්‍රණකරුවෝ සහ ප්‍රකාශකයෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයද, සීමාසහිත ලේක් හවුස් පොත් හල (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත එල්.එච්.ප්ලාන්ටේෂන්ස් (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත රන්වැලි හෝල්ඩින් විලේජ් සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත සාරතී සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත ස්ටැම්ෆර්ඩ් ලේක් (පුද්.) සමාගමේ සභාපති ධූරයද, සීමාසහිත විජය ග්‍රැ‍ෆික්ස් (පුද්.) සමාගමේ සභාපති ධූරයද දරයි. එසේම ශ්‍රී ලංකා පුවත්පත් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ධූරයද හොබවයි. මීට අමතරව ඔහු සීමාසහිත ෆ්‍රොයෙඩන්බර්ග් සහ සමාගම (ලංකා) හි සහ සීමාසහිත ආර්.එස්.ප්‍රින්ටෙක් (පුද්.) සමාගම හි අධ්‍යක්ෂ මණ්ඩලයේද සිටී.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

රංජිත් සුජීව විජේවර්ධන නැතිනම් රංජිත් විජේවර්ධන යනු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවෙකු වූ ඩී.ආර්.විජේවර්ධනගේ පුත්‍රයා වේ. ඩී.ආර්. විජේවර්ධන විසින්, 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් රජයට පවරා ගැනීමට පෙර, 1926 දී සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL නැතිනම් ලේක්හවුස් ලෙසින්ද හැඳින්වෙන) ආරම්භ කළ පුරෝගාමියා වේ. සීමාසහිත විජය පුවත්පත් සමාගමේ ආරම්භ සභාපති මෙන්ම බහුතර කොටස් හිමිකරු ලෙසින්ද රංජිත් ක්‍රියා කරයි. මීට අමතරව ලේක් හවුස් හිද 0.57% ක කොටස් රංජිත් අත තිබේ. මීට අමතරව සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගමේ නිර්මාතෘ උපාලි විජේවර්ධන යනු රංජිත්ගේ ඥාති සොහොයුරා වෙයි. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක සහ ශ්‍රී ලංකාවේ වත්මන් අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ යනු රංජිත්ගේ ඥාති පුත්‍රයාද වේ.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙසින් සිංහ රණතුංග සේවය කරයි.

අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

පරාක්‍රම සුජාන් විජේවර්ධන නැතිනම් සුජාන් විජේවර්ධන, සීමාසහිත විජය පුවත්පත් සමාගමේ උප සභාපති ලෙසින් කටයුතු කරනා අතර, සමාගමේ කොටස් වලින් 10% කට හිමිකම් කියයි.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Wijeya Newspapers Limited

No. 08, Hunupitiya Cross Road, Colombo 2

Editor (Print) contact: +94 112 331276

Timesonline team contact: +94 112479341

Email: editor@sundaytimes.wnl.lk, timesonline@sundaytimes.wnl.lk

Website: www.sundaytimes.lk

 

 

 

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සන්ඩේ ටයිම්ස් ආරම්භ කළ වසර ලබාගෙන ඇත්තේ ප්‍රකාශනයේ ෆේස්බුක් පි‍ටුවෙනි. මේ අතර, සන්ඩේ ටයිම්ස් නිල වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ ප්‍රවෘත්ති සඳහා ප්‍රවේශයක් ලෙසිනි. ප්‍රකාශනය සහ එහි ප්‍රධාන පුද්ගලයින් පිළිබඳ තොරතුරු එමනිසා ලබාගෙන ඇත්තේ ද්විතීයික මූලාශ්‍රයන්ගෙනි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් විජය පුවත්පත් සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 17 දින ප්‍රතිචාර දක්වා තිබිණි. ලැබුණු ප්‍රතිචාරය ඔස්සේ, කණ්ඩායමට සමාගම දැනුම් දී තිබූ වෙළෙඳපොළ කොටස් ප්‍රතිශතය (75%) භාවිතා කිරීමට නොහැකි වූයේ, එම ප්‍රතිශතය ලබාගැනීමට භාවිතා වූ අගයන්ට ප්‍රවේශය නොතිබූ බැවිනි. කෙසේ වුවත් සංවිධාන ආකෘතිය පිළිබඳ තොරතුරු සමාගම විසින් ලබාදුන් ප්‍රතිචාරය හරහා මෙන්ම සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හරහාද ලබාගත හැකි විණි. වසර 2017 සඳහා පාඨක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගත් අතර, එය සතිපතා සන්ඩේ ටයිම්ස් සංස්කරණය හා දිනපතා ඩේලි මිරර් සංස්කරණයන්ගේ අගයෙන් ද්විගුණ අංකයන් අඩු කර ලැබුණු අගය විණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ