This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/28 at 22:02
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

වයි එෆ් එම්

සිංහල සහ ඉංග්‍රීසි ද්විභාෂාවන්ගෙන් විකාශන කටයුතු සිදුකරමින් වඩාත් තරුණ ශ්‍රාවක පරපුරකට ආමන්ත්‍රණය කරනා ගුවන් විදුලි නාලිකාවක් ලෙසින් වයි එෆ් එම් හැඳින්විය හැක. 2005 දී ආරම්භ කරනු ලැබූ වයි එෆ් එම්, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ශාඛාවක් වන සීමාසහිත එම් බී සී නෙට්වර්ක්ස් (පුද්) සමාගමට අයත් වේ. සිරස එෆ් එම්, ශක්ති එෆ් එම්, යෙස් එෆ් එම් සහ ලෙජන්ඩ්ස් එෆ් එම්, වයි එෆ් එම් හි සහෝදර ගුවන් විදුලි නාලිකා වේ.

සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ශාඛාවක් වන සීමාසහිත එම් බී සී නෙට්වර්ක්ස් (පුද්) සමාගමට අයත් සිරස එෆ් එම්, සිංහල බසින් විකාශන කටයුතු සිදුකරනා ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවකි. 1994 දී එය පිහිටවනු ලැබූ අතර, 1995 වන විට එය පැය 24 පුරා විකාශන කටයුතු සිදුකරනා පළමු සිංහල භාෂා ගුවන් විදුලි විකාශන ආයතනය බවට පත්විණි. දමිළ භාෂා ගුවන් විදුලි නාලිකාවක් වන ශක්ති එෆ් එම්, ඉංග්‍රීසි භාෂා ගුවන් විදුලි නාලිකා වන යෙස් එෆ් එම් හා ලෙජන්ඩ්ස් එෆ් එම් මෙන්ම සිංහල ඉංග්‍රීසි ද්විභාෂා තරුණ පරපුරේ ගුවන් විදුලි නාලිකාවක් වන වයි එෆ් එම් යන සියල්ලම පාලනය වන්නේ සීමාසහිත එම් බී සී නෙට්වර්ක්ස් (පුද්) සමාගම යටතේයි. සිරස එෆ් එම් මගින් දේශීය සහ ජාත්‍යන්තර අන්තර්ගතයන්, දේශීය ක්‍රීඩා, ව්‍යාපාරික තොරතුරු, කාලගුණය සහ මාර්ග තදබදය පිළිබඳ තොරතුරු ආවරණය වූ ප්‍රවෘත්ති විකාශය කෙරේ. # යුද්ධයේ උණුසුම තදින් තිබුණු සමයේදී 2009 ජනවාරි 6 දින එම්ටීවී චැනල් (පුද්) සමාගමේ හා එම්.බී.සී. නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ පරිශ්‍රයන්ට ප්‍රහාරයක් එල්ල කළ සන්නද්ධ පිරිසක් විසින්, වාර්තා වූ ආකාරයට කාර්ය මණ්ඩලයද ගිනි අවි එල්ල කොට යටත් කොට තබාගෙන තිබූ අතර, ප්‍රධාන පාලක මැදිරියද් වනසා තිබිණි. ග්‍රවුන්ඩ් වීව්ස්, මාධ්‍යවේදීන් සු‍රැකීමේ කමි‍ටුව, ‍ෆ්‍රීඩම් හවුස් සහ රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් (RSF) යන සංවිධාන මගින් මෙම ප්‍රහාරය සලකනු ලැබුවේ රජය හා සම්බන්ධ කණ්ඩායමකින් එල්ල වූවක් ලෙසිනි. කෙසේ වුවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙසේ රජයට එල්ල වූ චෝදනාවන් ප්‍රතික්ෂේප කරන්නට යෙදිණි. # 2013 දී වර්තමාන මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර විසින්, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන්ට එරෙහිව නඩුවක් ගොනු කරන්නට කටයුතු කරනු ලැබුවේ, මාතර සිදුවුණු වාර්ගික ගැ‍ටුමක් කැපිටල් මහරාජා මාධ්‍ය මගින් ආවරණය කිරීමේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් ඇවිස්සීමක් සිදුකළාය යන පදනම මතයි. කෙසේ වුවත් මාතර මහේස්ත්‍රාත් උසාවියෙන් එම නඩුව නිශ්ප්‍රභා කරනු ලැබිණි. 2018 අප්‍රේල් මාසයේදී එම්ටීවී චැනල් (පුද්) සමාගමේ හා එම්.බී.සී. නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ පරිශ්‍රයන්ට රතිඤ්ඤාද භාවිතා කරමින් ප්‍රහාරයක් එල්ල කළ බව වාර්තා විණි. මෙහිදී නැගුණු චෝදනාව වූයේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව නැගූ විශ්වාස භංග යෝජනාව පරාජය වීමෙන් පසු මෙම ප්‍රහාරය සිදුවූ බවයි.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

3.7%

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාතික

අන්තර්ගතයන් මාදිලිය

නොමිලේ විකාශය කරනු ලබන

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

වයි එෆ් එම්, ගුවන් විදුලි විකාශන සමාගමක් වන සීමාසහිත එම් බී සී නෙට්වර්ක්ස් (පුද්) සමාගම ඔස්සේ පාලනය වන අතර, දෙවෙනු කී සමාගම එහි නිල වෙබ් අඩවියේ ලැයිස්තුගත වී ඇත්තේ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ උප සමාගමක් ලෙසිනි. සමස්තයක් ලෙසින් ගත් විට මෙම ගුවන් විදුලි විකාශන සමාගමට කොටස් 18,389,510 ක් ඇති අතර, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයට සම්බන්ධ වෙනත් සමාගම් දෙකක් ඉහත කී කොටස් වල හිමිකාරීත්වය දරයි. එම සමාගම් දෙක වන්නේ කොටස් 94.56% ක් හිමිව සිටින සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම සහ, කොටස් 5.43% ක් හිමි කොටගෙන සිටින සීමාසහිත විෂන් ලින්ක් (පුද්) සමාගමයි. එසේම සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම මගින් සීමාසහිත විෂන් ලින්ක් (පුද්) සමාගමේ කොටස් 28.6% ක් ද අයත් කොටගෙන සිටී. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් සීමාසහිත කැපිටල් හෝල්ඩින්ග් (පුද්) සමාගමේ 79.95% ක් හිමිව සිටින අතරම් ඔහුගේ පුත් ශෂිධරන් රාජමහේන්ද්‍රන් එහි කොටස් 20.05% ක හිමිකම දරයි.

ඡන්ද අයිතිවාසිකම්

දත්ත නොමැත

තනි හිමිකරු

මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

2005

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

සිරස ටීවී ආරම්භකයින් වන්නේ රාජන්ද්‍රම් මහාරාජා සහ රාජන්ද්‍රන් රාජමහේන්ද්‍රන් වන අතර, ඔවුන් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ආරම්භකයෙකු වූ සින්නතම්බි රාජන්ද්‍රම්ගේ පුතුන් වේ. රාජන්ද්‍රම් මහාරාජා විවාහ වූයේ පද්මා මහාරාජා සමගින් වූ අතර, ඇය 'Vati' යනුවෙන් වූ තමන්ගේම විලාසිතා සන්නාමයක් අයිති කොටගෙන සිටි, හිල්ටන් හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කළ ව්‍යවසායක ප්‍රතිරූපයකි. ඇය 2016 දී අභාවප්‍රාප්ත විණි. රාජන්ද්‍රම් රාජාමහේන්ද්‍රන් විවාහ වූයේ කැනීස් රාජමහේන්ද්‍රන් සමගිනි. ඇය කැපිටල් මහරාජා සංවිධානය යටතේම වූ රූමර්ස් සැලෝන් හි ප්‍රධාන විධායක නිලධාරිනිය වේ. මෙහිදී සහෝදරවරුන් දෙදෙනාම සමාගම පාලනය සියතට ගත්තද, පසුව රාජන්ද්‍රම් මහරාජා විශ්‍රාම යන ලදී. 2018 දී රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රන් ගේ පුත් ශෂීධරන් රාජමහේන්ද්‍රන් සංවිධානයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් පත්වේ. මේ අතර රාජමහේන්ද්‍රන්ගේ දියණිය වන අංජලී රාජමහේන්ද්‍රන්, සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ලෙසින් කටයුතු කරයි. ප්‍රදීප් මහරාජා, එනම් රාජන්ද්‍රම් මහරාජා හා පද්මා මහරාජාගේ පුත්ද සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ක්‍රියා කරයි. 2015 දී ප්‍රදීප්, ශ්‍රී ලංකා මර්චන්ට් බෑන්ක් (MBSL) ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයටද තේරී පත්විණි.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

සීමාසහිත එම්බීසී නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරිනී ලෙසින් ක්‍රියා කරන්නේ ලක්ෂ්මී ජයසිංහ වේ. ඇය මින් පෙර සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ කළමනාකාරීත්ව තොරතුරු පද්ධති සහ ව්‍යාපාර බුද්ධි කටයුතු අධ්‍යක්ෂ තනතුරත්, එම් ටී වී (පුද්) සමාගමෙහි /එම් බී සී (පුද්) සමාගමෙහි නිව්ස් ෆර්ස්ට් අලෙවි කළමනාකාරිනී තනතුරත්, සීමාසහිත OLE Spring Bottlers (පුද්) සමාගමේ ප්‍රධාන ගිණුම් කළමනාකාරිනී තනතුරත් දරා ඇත.

අනෙකුත් වැදගත් පුද්ගලයින්ට අනුබද්ධ සම්බන්ධතාවයන්

ශාන්ති භගිරදන්, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ උප සමාගම් ලෙසින් එහි නිල වෙබ් අඩවියේ සඳහන් වන සීමාසහිත එම් බී සී නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ සමූහ අධ්‍යක්ෂවරිය ලෙසින් මෙන්ම ස්ටයින් ස්‍ටුඩියෝස් හි ප්‍රධානී ලෙසින්ද කටයුතු කරයි. ඇය බීබීසී එක්සත් රාජධානිය, ස්ටාර් නෙට්වර්ක් ඉන්දියා, ෆොක්ස් සහ වෝර්නර් බ්‍රදර්ස් වැනි දේශීය සහ ජාත්‍යන්තර ආයතන කිහිපයක් තුළම සේවය කොට ඇත. ආසියා-ශාන්තිකර කලාපීය ගුවන් විදුලි සංගමයේ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙසින්, ඇය Radio Working Party හි සභාපතිනිය ලෙසින්ද කටයුතු කරයි. ජනමාධ්‍ය ලෝකයට ඇතුළු වීමට ප්‍රථම ඇය එක්සත් රාජධානියේ P&G සහ රෙකිට් ඇන්ඩ් කෝල්මන් සමගින් මෙන්ම, ඉන්දියාවේ පෙප්සි සමගින්ද කටයුතු කොට ඇත.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

MBC/ MTV Channels (Pvt) Limited

45/3, Braybrook Place, Colombo-02

Tel: +94 77 274 4943

E-mail: yfm@mbc.maharaja.lk

Website: yfm.lk

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

වයි එෆ් එම් සහ සීමාසහිත එම් බී සී නෙට්වර්ක්ස් (පුද්) සමාගමේ නිල වෙබ් අඩවි එහි ආරම්භකයා හෝ සමාගම් ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් ඉදිරිපත් නොකරයි. ඒ වෙනුවට එයින් ලබාදෙන්නේ විකාශනයේ වැඩසටහන් පෙළ සහ සම්බන්ධ කර ගැනීමේ තොරතුරු පමණි. කෙසේ වුවත් මෙහි මවු සමාගම වන සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරුන්ව සමාගමේ නිල වෙබ් අඩවියේ ලැයිස්තුගත කොට ඇත. විකාශන ආයතනය සම්බන්ධ දත්ත එක් ‍රැස් කරගැනීම සඳහා ද්විතීයික මූලාශ්‍රයන් පරිශීලනය කිරීමට සිදුවූවද, මෙහිදීද මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂණ කණ්ඩායමට ලැබුණේ සීමාසහිත තොරතුරු ප්‍රමාණයකි. මීට සමාන ලෙසින්ම සමාගම සඳහා සේවය කරන අනෙකුත් ප්‍රධානතම පුද්ගලයින් හා අනුබද්ධ සැලකිය යුතු කරුණු සොයාගැනීමට හිඟ වුවත්, සමාගම මගින් ස්ථිර කොට සිටියේ මෙම පුද්ගලයින් තමන්ගේ තනතුරු දරමින් සිටිනා බවයි. සභාපති රාජන්ද්‍රම් රාජමහේන්ද්‍රම් ඇතැම් විට කිලී මහරාජා සහ ආර්.රාජමහේන්ද්‍රන් යන නම් වලින්ද හැඳින්වේ. උපුටා දක්වා ඇති මූලාශ්‍රයන් තුළ මෙම නම් යෙදී ඇති අක්ෂර වින්‍යාසයන්ද එකිනෙකින් වෙනස් වේ. සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ඇති වාර්ෂික වාර්තාවන්ගෙනි. වඩාත්ම මෑතකාලීනව ලබාගත හැකි දත්ත ඇත්තේ 2017 වසර සඳහා වේ. ශ්‍රාවක ප්‍රතිශතය සම්බන්ධයෙන් වූ දත්ත, වසර 2017 සඳහා ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගන්නා ලදී. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ