This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-rsf.org/en/ retrieved on 2020/08/11 at 15:23
Reporters Without Borders (RSF) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Reporters without borders

සිළුමිණ

රජයට අයත් සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මගින් ප්‍රකාශයට පත් කරනා සතිපතා සිංහල පුවත්පතක් ලෙසින් සිළුමිණ හැඳින්විය හැක. 1930 දී ප්‍රකාශය ඇරඹුණු මෙම පුවත්පත වර්තමානයේදී දේශීය හා විදේශීය තොරතුරු, ක්‍රීඩා, ව්‍යාපාරික හා මූල්‍ය කරුණු පිළිබඳ පුවත් ගෙන එනු ලබයි. 2017 වසර සඳහා ලංකා අලෙවි පර්යේෂණ ආයතනය මගින් කළ පාඨක ප්‍රමාණ සමීක්ෂණයට අනුව, සිළුමිණ පාඨක ප්‍රතිශතය 1.92% ක් වේ. එහි දිනපතා සංස්කරණය වන දිනමිණ, 0.73% ක පාඨක ප්‍රතිශතයක් ලබා ඇත.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

1.46%

හිමිකාරීත්ව ආකාරය

රජයට අයත්

භූගෝලීය ආවරණය

ජාතික

අන්තර්ගතයන් මාදිලිය

මුදල් ගෙවා ලබාගන්නා

මාධ්‍ය සමාගම්/සමූහයන්

සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL)

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

සිළුමිණ පුවත්පත ප්‍රකාශයට පත් කෙරෙන්නේ රජයට අයත් ආයතනයක් වන සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පතර් සමාගම නැතිනම් ලේක් හවුස් මගිනි. මූලිකවම ලේක් හවුස් ආයතනය ඩී.ආර්.විජේවර්ධන විසින් පිහි‍ටුවනු ලැබූ අතර, එහි පුවත්පත් ප්‍රකාශනයන් 7 ක් වෙයි. 1956 වසරේ ඔහුගේ මරණින් පසුව, එහි කර්තෘ ප්‍රතිපත්ති පාලනය කරන්නට යෙදුණේ ඔහුගේ බෑණා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ විසිනි. 1973 දී සිරිමාවෝ බණ්ඩාරනායක රජය මගින් අංක 28 දරණ ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (විශේෂ විධිවිධාන) පනත මගින් මෙම ආයතනය රජයට පවරා ගන්නට කටයුතු කරන ලදී. එහි පළමු සභාපතිවරයා ලෙසින් ඒ.කේ.ප්‍රේමදාස පත්කරනු ලැබිණි. වර්තමානයේ මෙහි කොටස් හිමිකරුවන් 99 ක් සිටිනා අතර, ඊට මහා භාරකාර දෙපාර්තමේන්තුව, ආයතන 10 ක් සහ පුද්ගලයින් 88 ක් ඇතුළත් වේ. මෙම පුද්ගලයින් 88 දෙනාට ලේක හවුස් ආරම්භකයාට ඥාතීත්වය ඇති සාමාජිකයින් කිහිප දෙනෙකු ඇතුලත් වන අතර, 0.19% කොටස් හිමි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහද ඒ අතර සිටී. වැඩිම කොටස් ප්‍රමාණයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මහා භාරකාර දෙපාර්තමේන්තුවටයි. මහා භාරකාර දෙපාර්තමේන්තුව අයත් වන්නේ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ විෂය පථයටයි.

ඡන්ද අයිතිවාසිකම්

දත්ත නොමැත

තනි හිමිකරු

87.6%

සමූහය / තනි හිමිකරු

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

1961 අංක 28 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපනය කෙරුණු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකාවේ ජාතික තෙල් සහ ගෑස් සමාගම ලෙසින් ක්‍රියාත්මක වේ.

1.8%
මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

1930

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

දොන් රිචඩ් විජේවර්ධන නැතිනම් ඩී.ආර්.විජේවර්ධන ලේක්හවුස් පුවත්පත් ආරම්භ කළ අතර, ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේද ප්‍රමුඛ චරිතයක් විණි. ඔහු ලංකා ජාතික සංගමයේ ලේකම් ලෙසින් තේරී පත්වීමෙන් අනතුරුව, 1913 දී දේශපාලන පිටියට පිවිසිණි. 1914 දී විජේවර්ධන විසින් ඔහුගේ සහෝදරයාද සමග සිංහල භාෂා දිනපතා පුවත්පතක් වූ දිනමිණ අත්පත් කොටගත් අතර, ඉන් අනතුරුව දිනපතා ඉංග්‍රීසි භාෂා පුවත්පතක් වූ දි සිලෝනීස් ද අත්පත් කොටගෙන, එය 'සිලෝන් ඩේලි නිව්ස්' ලෙසින් නැවත නම් කරන ලදී. ඉන් පසුව දමිළ භාෂා දිනපතා පුවත්පතක් තිනකරන්ද ආරම්භ විණි. 1926 දී මෙම පුවත්පත් සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ANCL) යටතේ ඒකාබද්ධ කෙරිණි. මෙම ආයතනය වර්තමානයේදී රජයට අයත් වන අතර, ඩේලි නිව්ස්, දිනමිණ, තිනකාන්, ‍රැස, සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ හා වාරමංජරී යන පුවත්පත් හත ප්‍රකාශයට පත් කරයි.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ නැතිනම් ක්‍රිෂාන්ත කුරේ යනු සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL නැතිනම් ලේක්හවුස්) වර්තමාන සභාපතිවරයා වේ. මින් පෙර ඔහු සෙලින්කෝ සමූහයේ, රිචර්ඩ් පීරිස් සමූහයේ සහ සීමාසහිත ද කැපිටල් මහාරාජා සංවිධානයේ විධායක තනතුරු දැරූ අතර, අවසානයට සඳහන් සමාගමේ රූපවාහිනී හා ගුවන් විදුලි ආයතනයන්හි ප්‍රවෘත්ති විකාශනයන් මෙහෙයවන්නට යෙදිණි. වාර්තා වන ආකාරයට ඔහු රිචර්ඩ් පීරිස් සමූහය යටතේ සීමාසහිත රිවිර මීඩියා කෝපරේෂන් (පුද්.) සමාගම පිහි‍ටුවීමේදීද ප්‍රධාන කාර්ය භාරයක් ඉ‍ටු කළ අතර, එහි ආරම්භක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී ලෙසින්ද කටයුතු කරන්නට යෙදිණි. ද නේෂන් සහ රිවිර පුවත්පත් දියත් කෙරුණේ ඔහුගේ මග පෙන්වීම යටතේ විණි. 2017 දී රිවිර මගින් එහි ඉංග්‍රීසි භාෂා පුවත්පත වූ ද නේෂන් නවතා දමන්නට කටයුතු කරන ලදී.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

චාමින්ද වාරියගොඩ

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Associated Newspapers of Ceylon Limited

No. 35, D.R. Wijewardena Mawatha, Colombo 10

General: 011 2 429 429, 011 2 421 181, 011 2 331 181

Email: info@lakehouse.lk

Website: www.silumina.lk

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

වසර 2017 සඳහා පාඨක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගත් අතර, එය දිවයින සතිපතා සිළුමිණ හා දිනපතා දිනමිණ ප්‍රකාශනයන්ගෙන් ද්විගුණ අංකයන් අඩු කිරීමෙන් ලැබුණු ගණන විණි. . සමාගමේ කොටස් හිමිකරුවන් පිළිබඳ තොරතුරු, සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ඔස්සේ එක් ‍රැස් කොටගෙන ඇත. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත උපාලි පුවත්පත් (පුද්.) සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Reporters without borders
  • Funded by
    BMZ