This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/03/28 at 09:37
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

සීමාසහිත නව උදයන් පබ්ලිකේෂන්ස් (පුද්) සමාගම

සීමාසහිත නව උදයන් පබ්ලිකේෂන්ස් (පුද්) සමාගම

සීමාසහිත නව උදයන් පබ්ලිකේෂන්ස් (පුද්) සමාගම යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාත් වල දමිළ භාෂා පුවත්පත් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වේ. ශ්‍රී ලංකාවේ සන්නද්ධ අරගලය අතරතුරදී 1986 වසරේ ආරම්භ කෙරුණු මෙම සමාගම තමන්ට එල්ලවූ ප්‍රහාර තිබියදී වුවද යාපනයේ සිට ක්‍රියාත්මක විනි. යාපනය අර්ධද්වීපයට ප්‍රවේශ වීමේ හැකියාව නවතාලීමෙන් පසුව වුවත්, සම්පූර්ණ සන්නද්ධ අරගලය පැවති කාලය පුරාවටම ප්‍රකාශයට පත් වූ එකම පුවත්පත ලෙසින් එයට ගෞරවය හිමිවේ.

මෙම සමාගමෙන් ප්‍රකාශයට පත් කෙරුණු පුවත්පත් දෙක වන්නේ උදයන් හා සුඩර් ඔලි වූ අතර, ඒ මගින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දමිළ කථා කරනා ප්‍රජාවන් වෙත ආමන්ත්‍රණය කෙරිණි. කෙසේ වුවත් 2018 මැයි මාසයේදී සුඩර් ඔලි ප්‍රකාශයට පත් වීම නැවතිණි. නව උදයන් පබ්ලිකේෂන්ස් සමාගමේ හිමිකාරීත්වය හා පාලනය වර්තමානයේ සරවනපවන් පවුල වෙත තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී ඊස්වරපාදම් සරවනපවන් සමාගමේ බහුතර කොටස් ප්‍රමාණයක්, එනම් 92.31% ක අයිතිය හිමිව සිටී. සමාගමේ ඉතිරි කොටස් 7.69% ක හිමිකාරකම ඔහුගේ බිරිඳ යසෝදෙයි සරවනපවන් වෙත තිබේ. එසේම ඇය සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිනී ද වේ. ඔවුන්ගේ දියණිය වූ ලක්ෂ්මී සරවනපවන්ව 2016 දෙසැම්බර් 20 දින සමාගමේ අධ්‍යක්ෂ ලැයිස්තුවට ඇතුලත් කොට ඇත. එදිනම ඇයව සමාගමේ හවුල් කළමණාකාර අධ්‍යක්ෂ ධූරයටද පත් කෙරිණි. පවුලේ සාමාජිකයින් තිදෙනා, සමාගමේ එකම අධ්‍යක්ෂවරුන් තිදෙනා ලෙසින් කටයුතු කරයි.

යසෝදෙයි  සරවනපවන්ගේ සහෝදරයා වන නඩේස්පිල්ලෛ විද්‍යාධාරන් උදයන් සහ සුඩර් ඔලි පුවත්පත් දෙකේම කර්තෘ ලෙසින් කටයුතු කරන ලදී. 2009 දී විද්‍යාධාරන් එල්ටීටීඊ සංවිධානය හා සම්බන්ධකම් පවත්වාගෙන ගිය බවට වන චෝදනා යටතේ රජය මගින් ඔහුව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී. තවදුරටත් කිහිප වතාවක්ම විද්‍යාධාරන්ව, රජයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් මගින් පැහැරගැනීම් වලට හා තර්ජනය කිරීම් වලට ලක්වූ බවටද වාර්තා වේ.

උදයන් මගින් වාර්තා කළ ආකාරයට එහි ආරම්භයේ සිට 2013 වසර වන විට එය 37 වතාවක් ප්‍රහාරයන්ට ලක්ව තිබිණි. උදයන් හි සේවය කළවුන් වන රාජරත්නම් රංජිත් කුමාර්, බස්තියන් ජෝර්ජ් සත්‍යදාසන් (මොහු සුරේෂ් කුමාර් ලෙසින්ද හැඳින්වේ ) සතාසිවම් බාස්කරන් සහ සෙල්වරාජා රජීවර්ණම් යන අය ඝාතනයට ලක්වූවන් අතර වේ. එසේම ඥාණසුන්දරම් කූගනාදන් සහ තවත් සේවකයින් පහර කෑමට ලක්වූ අතර, නිරන්තරයෙන් ප්‍රහාරයන්ටද ලක්විණි. 2007 දී පැහැරගැනීමට ලක්වූ සෝදුපත් කියැවුම්කරු වන වඩිවේලු නිර්මලරාජා කොහේ සිටින්නේදැයි තවමත් නොදනී. උදයන් වෙත එල්ලවූ වඩාත්ම මෑතකාලීන ප්‍රහාරය සිදුවූයේ 2009 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු 2013 වසරේදී වන අතර, ඒ සම්බන්ධයෙන් රිපෝර්ටර්ස් විතවුට් බෝඩර්ස්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ග්‍රවුන්ඩ්වීව්ස් වැනි බොහෝ ජනමාධ්‍ය සම්බන්ධ සංවිධාන හා පර්යන්තයන් කථා කරන ලදී.

ශ්‍රී ලංකා යුධ හමුදාව වැනි රජයේ ආයතනයන් මගින් උදයන් පුවත්පතට විවේචනයන් එල්ල කරන්නට යෙදුණේ, සාවද්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම වැනි චෝදනාවන් නගමිනි. 2013 දී ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් උදයන් පුවත්පතට එරෙහිව අපහාස නඩුවක් ගොනු කරන්නට යෙදුණේ, පුවත්පත මගින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාමාජිකයින්ට එරෙහිව අපහාසාත්මක තොරතුරු ප්‍රකාශයට පත් කරන්නට යෙදුනාය යන චෝදනාව මතයි. මීට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ (MCNS) අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල විසින් ප්‍රකාශ කරන්නට යෙදුණේ, 2013 වසරේ උදයන් වෙත එල්ලවූ ප්‍රහාරය 'පුවත්පත තුළින්ම සිදුකළ එකක්' බවටයි.

ප්‍රධාන කරුණු

ව්‍යාපාර ආකෘති පත්‍රය

පුද්ගලික

නෛතික ආකෘති පත්‍රය

සීමිත වගකීම් සමාගම

ව්‍යාපාරික ක්ෂේත්‍රයන්

ප්‍රකාශන

හිමිකාරීත්වය

තනි හිමිකරු

මාධ්‍ය විකාශනය
Other Media Outlets

වෙනත් මුද්‍රිත ප්‍රකාශනයන්

සුඩර් ඔලි ඉරිදා මුද්‍රණය (0.08%)

වෙනත් අන්තර්ජාල ප්‍රකාශනයන්/විකාශනයන්

https://newuthayan.com/

කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භ කළ වසර

1986

ආරම්භකයාට අනුබද්ධිත සම්බන්ධතාවයන්

ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊස්වරපදම් සරවනපවන් නැතිනම් ඊ.සරවනපවන්, සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ ආරම්භකයා හා සභාපති වේ. ඔහු වර්තමානයේ සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ කොටස් වලින් 92.31% ක හිමිකාරීත්වය ඇතිව සිටී. පාර්ලිමේන්තුව තුළ ඔහු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, සෞඛ්‍ය සහ මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යන කාරක සභාවන්ගේ සාමාජිකත්වය දරයි.

සේවා නියුක්තයින්

දත්ත නොමැත

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

New Uthayan Publications (Pvt) Limited

No.361, Kasthuriyar Road, Jaffna

General: +94 21 567 9944

Fax: +94 21 222 9944

Web: newuthayan.com

බදු අංකය/හඳුනා ගැනීමේ අංකය

PV13725

මූල්‍ය තොරතුරු

ආදායම (මූල්‍ය දත්ත/වෛකල්පික)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන්කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

කළමනාකාරීත්වය

විධායක මණ්ඩලය+විධායක මණ්ඩලයේ ලැදියාවන්

ඊස්වරපදම් සරවනපවන් - ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊස්වරපදම් සරවනපවන් නැතිනම් ඊ.සරවනපවන්, සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ ආරම්භකයා හා සභාපති වේ. ඔහු වර්තමානයේ සීමාසහිත නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ කොටස් වලින් 92.31% ක හිමිකාරීත්වය ඇතිව සිටී. පාර්ලිමේන්තුව තුළ ඔහු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, සෞඛ්‍ය සහ මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යන කාරක සභාවන්ගේ සාමාජිකත්වය දරයි.

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

සීමාසහිත නව උදයන් ප්‍රකාශන (පුද්.) සමාගම සඳහා නිල වෙබ් අඩවියක් නොමැත. නිල පුවත්පත් වෙබ් පි‍ටුව මගින් එහි ආරම්භකයා, අධ්‍යක්ෂ මණ්ඩලය හෝ සංවිධාන ව්‍යුහය පිළිබඳ කිසිදු තොරතුරක් නොසපයයි. එනිසා පොදුජනයාට පරිශීලනය කළ හැකි ද්විතීයික මුලාශ්‍රයන් හා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලබාගැනීමට ඇති වාර්ෂික දත්ත වාර්තාවන් ආශ්‍රය කොට ගෙන තොරතුරු ‍රැස් කොට ඇත. වඩාත්ම මෑතකාලීන දත්ත වන්නේ 2017 වසර සඳහා වන තොරතුරු වේ. කලාතුරකින් යම් යම් අයවලුන්ගේ නම් ලියැවෙන ආකාරය වෙනස් වීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ප්‍රධාන විධායක නිලධාරියාගේ නම යශෝතා සරවනපවන් ලෙසින් නැතිනම් යසෝතෛ සරවනපවන් ලෙසින් ලිවීමට ඉඩ ඇත. මීට සමාන ලෙසින් ඊස්වරපදම් යන නම ඇතැම් විට ඊස්වර පදම් යනුවෙන්ද, Lukshmee යන නම Luxmee ලෙසින්ද ලිවීමට ඉඩ තිබේ. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 25 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සීමාසහිත නව උදයන් ප්‍රකාශන (පුද්.)සමාගමෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළද, සමාගම මගින් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ