This is an automatically generated PDF version of the online resource sri-lanka.mom-gmr.org/en/ retrieved on 2024/04/20 at 04:56
Global Media Registry (GMR) & Verité Research - all rights reserved, published under Creative Commons Attribution-NoDerivatives 4.0 International License.
Verité Research LOGO
Global Media Registry

තිනකුරල්

සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්.) සමාගම මගින් ප්‍රකාශයට පත් කරන දමිළ භාෂා පුවත්පත තිනකුරල් වේ. එය දිනපතා මෙන්ම සතිපතා ලෙසින්ද සංස්කරණයන් දෙකක් කොළඹ සිට ප්‍රකාශයට පත් කරනා අතර, එය ප්‍රවෘත්ති, විනෝදාස්වාද, ක්‍රීඩා, තාක්ෂණ හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන් ආවරණය කරයි. මීට අමතරව සමාගම මගින් යාල් තිනකුරල් නමින් යාපනයේ දිනපතා පුවත්පතක් ප්‍රකාශයට පත් කරයි. මේ අතර එහි ප්‍රකාශනයක් වන උදයසූරියන් ප්‍රධාන වශයෙන්ම උඩරට වෙසෙනා දමිළ ජනතාවට ආමන්ත්‍රණය කරයි. බදාදා දිනවල මෙම සමාගම මගින් ජූනියර් ස්ටාර් නමින් ඉංග්‍රීසි භාෂා පුවත්පත් අතිරේකයක් ලබාදෙයි. ඊට අමතරව සමාගම මගින් 'අලගි' යන නමින් යුත් සඟරාවක් සතියට දෙවරක් ලබාදෙන අතර, ශිෂ්‍යත්ව විභාගයට, අපොස සාමාන්‍ය පෙළ විභාගයට හා අපොස උසස් පෙළ විභාගයට පෙරාතුව කල්වික්කුරල් නමින් වූ අධ්‍යාපනික අතිරේකයක්ද මේ මගින් ලබාදේ.

ප්‍රධාන කරුණු

ප්‍රේක්ෂක ප්‍රතිශතය

0.53%

හිමිකාරීත්ව ආකාරය

පුද්ගලික

භූගෝලීය ආවරණය

ජාතික

අන්තර්ගතයන් මාදිලිය

මුදල් ගෙවා ලබාගන්නා

මාධ්‍ය සමාගම්/සමූහයන්

වීර හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම

සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්) සමාගම

හිමිකාරීත්වය

හිමිකාරීත්ව ව්‍යුහය

සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්.) සමාගම, සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම (59.99%) සහ වීරා හෝල්ඩින්ග්ස් (39.99%) වෙත අයත් වේ. සීමාසහිත එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් (ලංකා) (පුද්.) සමාගම සෘජුව තනි තනි කොටස් ඔස්සේ නැතිනම්, වක්‍රව වෙන්සස්ලෝස් පවුල, ක්‍රිෂ්ණමූර්ති පවුල, ඥාණම් පවුල, නඩේසන් පවුල, සෙල්වනාදන් පවුල සහ සෞන්දරරාජන් පවුලට අයත් සමාගම් හරහා හිමිකාරීත්වය බෙදී ඇත. වීරා හෝල්ඩින්ග්ස් සමාගම පොන්නුස්වාමි පවුල, සෙල්ලදුරෛ හා ඉලර්ගෝ පවුල, රවිශන්කර් පවුල හා ගනේෂ්රාජා පවුලට අයත් වේ.

ඡන්ද අයිතිවාසිකම්

ඡන්ද අයිතිය ඇත්තේ කොටස්කරුවන්ට පමණි.

මාධ්‍ය සමාගම්/සමූහයන්
කරුණු

සාමාන්‍ය තොරතුරු

ආරම්භක වර්ෂය

1997

ආරම්භකයාට අනුබද්ධ සම්බන්ධතාවයන්

සෙල්ලයියා පොන්නුස්වාමි තිනකුරල් ආරම්භකයා මෙන්ම, සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ පාර්ශවීය හිමිකාරීත්වය ඇති වීරා හෝල්ඩින්ග්ස් හි 76% ක කොටස් හිමිකම සමගින් බහුතර කොටස් හිමිකරුද වේ. ඔහු උතුරු මැද රෝහල් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියාද වේ.

ප්‍රධාන විධායක නිලධාරියාට අනුබද්ධ සම්බන්ධතාවයන්

පොන්නුස්වාමි කේසවරාජා, සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන් (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තනතුරු දරයි. ඔහු, සමාගමේ වර්තමාන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන සෙල්ලයියා පොන්නුස්වාමි සහ වීරලක්ෂ්මි දෙදෙනාගේ පුත්‍රයා වේ.2011 සිට පොන්නුස්වාමි කේසවරාජා සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් සේවය කරයි.

ප්‍රධාන කර්තෘට අනුබද්ධ සම්බන්ධතාවයන්

ආර්.පී.හරන් දිනපතා තිනකුරල් පුවත්පතේ ප්‍රධාන කර්තෘ වේ.

අනෙකුත් වැදගත් පුද්ගලයින්

සිවකුමාර් නඩේසන් නැතිනම් කුමාර් නඩේසන් යනු සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්.) සමාගමේ කොටස්කරුවෙකු මෙන්ම එහි වැඩිම කොටස් ප්‍රමාණයකට හිමිකම් කීම ඔස්සේ සීමාසහිත ඒෂියන් මීඩියා පබ්ලිකේෂන්ස් (පුද්.) සමාගමේ අයිතිය ඇති සීමාසහිත එක්ස්ප්‍රස් පුවත්පත් (ලංකා) (පුද්.) සමාගමේද කොටස් කරුවෙකු වෙයි.

සම්බන්ධ කරගැනීමේ තොරතුරු

Asian Media Publications (Pvt) Limited

No. 68, Ellie House Road, Colombo 15

Tel: +94 11 777 8754, + 94 11 7778 764

Website: thinakkural.lk

මූල්‍ය තොරතුරු

ලාභය (ඇමරිකානු ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ක්‍රියාකාරී ලාභය (ඇමරිකන් ඩොලර්.මිලියන වලින්)

දත්ත නොමැත

ප්‍රචාරණය (සමස්ත මුදල් වෙන් කිරීමෙන් ප්‍රතිශතයක් ලෙස)

දත්ත නොමැත

වෙළෙඳපොල ප්‍රතිශතය

දත්ත නොමැත

වැඩිදුර තොරතුරු

දත්ත පිළිබඳ තොරතුරු

තිනකුරල් පුවත්පත හෝ සීමසහිත ඒෂියන් මීඩියා ප්‍රකාශන (පුද්.) සමාගම ස්ථාපනය පිළිබඳ තොරතුරු, තිනකුරල් හි කිසිදු සමාජ ජාල පි‍ටුවකින් විවෘතව ලබාගැනීමට නොමැත. හිමිකාරීත්වය පිළිබඳ තොරතුරු ලබාගන්නට යෙදුණේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙනි. වසර 2017 සඳහා පාඨක දත්ත, ලංකා අලෙවි පර්යේෂණ ආයතනය (LMRB) ඔස්සේ ලබාගත් අතර, එය තිනකුරල් සතිපතා හා දිනපතා ප්‍රකාශනයන්ගෙන් ද්විගුණ අංකයන් අඩු කිරීමෙන් ලැබුණු ගණන විණි. මාධ්‍ය හිමිකාරීත්ව නිරීක්ෂණ පර්යේෂක කණ්ඩායම 2018 ජූලි 20 දින සමාගමේ තොරතුරු ඉල්ලුම් කරමින් සමාගමට නිල වශයෙන් ඉල්ලීමක් කළ අතර, සමාගම මගින් පූර්වෝක්ත ඉල්ලීමට 2018 අගෝස්තු 25 දින ප්‍රතිචාර දක්වා තිබිණි.

මූලාශ්‍ර මාධ්‍ය ප්‍රොෆයිලය

ලිපිගොනු

  • Project by
    Verité Research
  •  
    Global Media Registry
  • Funded by
    BMZ